ජාතික විල්පත්තු වනෝද්‍යානයේ හා තබ්බෝව අභය භූමියේ අක්කර සියයකට අධික ප‍්‍රදේශයක වන විනාශයක් සිදු කරමින් සංචාරක නිකේතන හා ගොවිපළ් පවත්වාගෙන යන බව වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාල්මඩුව ගොවි ජනතාව කියා සිටිති.
තබ්බෝව අභය භූමියේ දිවියන් සමූහ වශයෙන් ගැවසෙන බවත්, කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකු කළුවර, බුරුත, නැදුන් වැනි වටිනා දැව විනාශ කරන බවත් ගොවි ජනතාව පෙන්වා දෙති.
මල් ආසන සහ ගල් කණු එහි පිරිසකගේ අවශ්‍යතා සඳහා යොදාගෙන ඇති බව කියති.
ජාතික විල්පත්තු වනෝද්‍යානයේ පේ‍්‍රරක කලාපයේ වන අලින්, ගෝනුන් වැනි සතුන් ගැවසෙන අක්කර 40කට නොඅඩු ප‍්‍රදේශයක් අනවසරයෙන් එළි පෙහෙළි කර ඇති බව කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විනාශය නතර කරන්න බැරි ඇයි? (නි)
ඇයි මෙච්චර දෙයක් වෙලත් තවමත් හොයා බලන්නේ නැත්තේ? (නි)
රජය මේවා ගැන අවධානය යොමු කරන්න ඕනෑ. මේ ජාතික අපරාධ වලට වගකිවයුත්තන්ට නිසි දඬුවම් දෙනු! (නි)
මිනිසුන්ට පෙනෙන දෙය බලධාරීනට නොපෙනී තියෙන්න බෑනේ (අ)
මේ අපරාද වලට හැම රජයක්ම ඇස වහගෙන ඉන්න හැටියට මිනිස්සු නීතිය අතට ගනියි කියලා මට බය හිතෙනවා. (අ)
මෙහි වෙනත් ජාතිකයින් දැන් හොර රහසේම පදිංචිවෙලා. (නි)
ගරු ජනපති පරිසර ඇමති තුමනි නොවී පමා යොමනු නෙත (නදී)
අනේ දෙවියනේ අපේ වන සම්පත! (නි)
මේවා කිකම් බිරි අලින්ට වීනා වයනවා වගේ වැඩක්..පස්සේ අහිංසක අැත්තුන්ව මරනවා උන් ගම් වදිනවා කියල..සත්තු ගම් වදින්නේ නැහැ..මිනිස්සු කැලැ වදිනවා මිසක්.. (ම)
කොයි රජයත් එක සමානැ. රට කළා, ජනතාවත් කළා මාරු වෙනවා. (අ)