IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘විල්පත්තුව යළි වනසනවා‘

විල්පත්තුවේ මෝදගම් ආරු නදිය ආසන්නයේ අක්කර 800ක් ආසන්න වනාන්තර ප්‍රේරක කාලපය මහජන කටයුතු සඳහා යැයි පවසමින් මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අත්පත් කැර ගැනීමට කටයුතු කර ඇතැයි පරිසරවේදීහු චෝදනා කරති.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් භූමියේ විවිධ ඉදිකිරීම් කරන බවට පසුගිය කාලය පුරාම චෝදනා එල්ල කෙරිණි. ඒ සඳහා රජයේ අමාත්‍යවරුන්ගේ ද සහාය ඇති බව පැවසුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් වන විනාශය නවතා දැමිණි.

එසේ වුව ද විල්පත්තුව උතුරු අභය භූමියේ ව්‍යාධිකුලම් වැව අසළ ඝන කැලෑවේ අක්කර හතරකට වැඩි ප්‍ර‍මාණයක් ගිනි තබා විනාශ කර ඇති අයුරු එහි සංචාරය කළවිට දැකගන්නට හැකිවිය.

පරිසරවේදීන් පවසන්නේ විල්පත්තු ප්‍රේරක කලාපයේ පිහිටි වයඹ නාවික විධාන මූලස්ථානය පිහිටි මුල්ලිකුලම හරණ නාවික කදවුර විසින් වටකර ඇති වාන්න්තරය යළි නිදහස් කරන ලෙස මන්නාරම දිසාපතිවරයා ඉල්ලීමක් කර ඇති බවයි.

මේ සදහා සාකච්ඡාවක් ද පවත්වා ඇතැයි අනාවරණය වෙයි.

මන්නාරම දිස්ත්‍රික් ලේකම් එම්.වයි. එස්. දේශප්‍රිය   මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.   

“තවම එහෙම තිරණයක් අරගෙන නෑ.  මම එවැන්නක් දන්නේ නෑ පසුගිය කාලයේ මාධ්‍යයෙන් මාව නැති කළා. විල්පත්තුව විනාශ කළා කියලා නමුත් මම එහේම කළේ නෑ. අනික විල්පත්තුවට කිසිම හානියක් කරලා නැ. මම තනිවම මන්නාරම ඉඳගෙන වැඩ කරන එකයි තියෙන ප්‍රශ්නය  අනික පසුගිය කාලයේ  ඔය ප්‍රදේශවල ඉදිකිරීම් තහනම් කරලා තියෙන්නේ. දැන් ප්‍ර‍ශ්නයක් නැහැ. “

දිසාපතිවරයා එසේ කීව ද 2015-11-18 වැනි දින එම්.එන්./එල්.බී./එල්.එල්.ආර්.සී./එම්.සී./2015 මන්නාරම දිසාපතිවරයා විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට යැවූ ලිපියකින් ඉල්ලා ඇත්තේ දැනට නාවික හමුදා කදවුරට අයත් ඉඩමෙන් කොටසක් නැවත මහජන කටයුතු සදහා නිදහස් කරදෙන ලෙසයි. දැනට ඒ පිළිබඳ සාකච්ඡා පවත්වන බවත් ආරක්ෂක අමාත්‍යාංශය සුදුසු පියවර ගනු ඇති බවත් එම ලිපියේ ම වැඩිදුරටත් සදහන් වේ. ඉඩම නිදහස් කළ පසු කුමන ක්‍රියාමාර්ගය ගන්නේ දැයි යන්න තවමත් ස්ථිරව නිගමනය කර නැතැයි ද දිසාපතිවරයා තම අත්සනෙන් යැවූ ලිපියේ දක්වා තිබීම පුදුමයට කරුණකි.

‘‘ මේ ඉඩම් නිදහස් කිරීම ජාතික වැඩපිළිවෙළකි. එබැවින් එම තීරණය ක්‍රියාත්මක කිරිමට මා නිලධාරන් බැඳී සිටින බව සදහන් කරනු කැමැත්තෙමි.“ යනුවෙන් ද දිසාපතිවරයා ලිපියේ සඳහන් කර ඇත.   

මේ පිළිබඳව තිරසාර සංවර්ධන හා වන ජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ගෙන් විමසූ විට  “මන්නාරම දිසාපතිවරයාට කිසිම අයිතියක් නැහැ ගැසට් මගින් වනජීවී දෙපාර්තමේන්තුවට පවරා ඇති ඉඩම් නැවත එතුමාගේ භාරයට ගන්න. මම මේ ගැන විශේෂ පරික්ෂණයක් ආරම්භ කරන්න කටයුතු කරනවා“ යැයි කීවේය.

DSC08747 DSC08765 DSC08815 - Copy DSC08827 DSC08833

 



අදහස් (0)

‘විල්පත්තුව යළි වනසනවා‘

චාමික Friday, 27 November 2015 11:43 AM

මොකක් කිව්වා ? (බ)

:       0       0

විපුල Friday, 27 November 2015 11:54 AM

රටේ නායකයා කියනදේ දිසාපති අහන්නේ නැති තත්වයට පත්වෙලා. (බ)

:       0       0

චතුරංග Friday, 27 November 2015 12:07 PM

ලංකාවේ බහුතරයක් ඉන්නේ තමන් ගැන විතරක් ඉන්න අයනේ. ප්‍රතිපල අනාගතයට (බ)

:       0       0

බණ්ඩාර Friday, 27 November 2015 12:10 PM

ලංකාවේ දිසාපති හා ප්‍රාදේශීය ලේකම් වැනි පරිපාලන තනතුරු දරන්නෝ විද්‍යාත්මක පසුබිමක් නැති නායකයෝය. ඔවුන් දේශපාලුවන්ට එහෙයි කියමින් රට අගාධයට ගෙන යති. අපේ පරිපාලන පද්ධතිය නවීකරණය කළ යුතුය (බ)

:       0       0

ජගත් Sunday, 29 November 2015 03:22 PM

මේ දිසාපතිත් රටේ ජනපතිටත් ඉහළින් යන අහවලාගේ තොප්පියට යටවූ කෙනෙක්. ගාමිණි ජයවික්‍රම වනජීවී ඇමති තුමනි දැන් ඔබේ වාරය අසරණ වනජීවීන් වෙනුවෙන්...! (බ)

:       0       0

කපිල Friday, 27 November 2015 02:04 PM

අනේ මන්ද ... මට මතක් වෙන්නේ අර රාජකපුරු නාට්‍යයේ රජා වගේද දැන් කියල...(බ)

:       0       0

පාර්තිපන් Friday, 27 November 2015 02:26 PM

මේක නවත්වලා. අපිත් ගම්වල වනාන්තර විනාශ කරන්න පටන්ගන්නවා. එතකොට රටේ දේශපාලකයන්ට දැනෙයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site