විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඔක්තෝබර් 7 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට බදාදා (16) නියෝග කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා හමුවේ කැඳවිණි.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජාන්...ඔයා ඉස්සෙල්ලා ජාතිවාදය කියන්නේ මොකක්ද කියල ඉගෙන ගන්න. නිවටයෙක් වෙන්න එපා නිකන්.කාටත් දුක හිතෙනවා විල්පත්තුව එලිකරනකොට ඔහෙට දුකක් නැති වුණාට (අ)
කවුරු කළත් වන විනාශය ජාතික අපරාධයකි. එය නැවැත්වීමට වහා කටයුතු කළයුතුය (නි)
සමහරු මෙහේ ඉපදුනාට එක කකුලක් සෞදි අරාබියේ අනික් කකුල ලංකාවේ.බොහොම ආඩම්බර වෙන්නේ සෞදි අරාබියේ තෙල් සම්පත ගැන මිසක් ලංකාවේ වනාන්තර සම්පත ගැන නෙවේ.(හේ)
මෙන්න නියම වැඩ. බොරුවට පිටකොටුවේ බෝඩ් ලෑලි උස්සන් ඉන්නේ නැතුව මේවගේ වැඩ කරන්න.(ම)
ජනාධිපතිතුමාගෙන් මෙම ප්‍රශ්නයට කාලෝචිත පිළිතුරක් ලැබේවි. අපේ වාසනාවට පරිසර අමාත්‍යාංශය එතුමා යටතේ ඇත. (ම)
මෙම විනාශය ජාතිවාදය හා සමානයි. මෙයට වගකිව යුතු පුද්ගලයා කවද කියල හැමෝම දන්නවා. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. මිනිසුන්ට මෙන් සතුන්ටත් නිදහසේ ජීවත් වෙන්න ඉඩ තිබිය යුතුයි. (ම)
අධි ආරක්ෂිතයක් යනු කුමක්ද? බලධාරීන්ට පැහැදිලි කරදෙන්න .නැත්නම් සහරා කාන්තාර ගැන උගන්වන්න. (බ)
පාරිසරික යුක්ති කේන්ද්‍රයට ආචාරය..! (නි)
අන්තිමට මේ මිනිස්සු රට කාන්තාරයක් කරලා අපිවත් විනාස කරනකම් අපේ මිනිස්සු නිදි.(ම)
පරිසරය විනාශ කරන අයට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. (ම)
රජයේ ස්ථාවරය නම්, රට හම්බයන්ටයි, ඉන්දියන් කාරයින්ටයි පුද දෙන්නයි.(ම)
මෙය බරපතල ගැටලුවකි. කාලයත් සමග විසදුම් මෙතෙක් නොලැබීම අරුමයකි. ජනපති මෙයට මැදිහත් වී විසදන අයුරු ජනතාව බලා සිටින බව කිව යුතුය. (බ)
සිරා, ඔයාගේ කටේ ඩොලර් දන්නා වටිනවා. ඩොලර් කතාව.(බ)
විල්පත්තු වන විනාශයට පැහැදිලිවම වග කියන්න ඕන කලින් ආණ්ඩුවේ පාලකයෝ තමා. මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ 1:50000 සිතියම බලපුවාම පේනවා කලින් මුළු ප්‍රදේශයම විල්පත්තු වනාන්තරයට අයත් කියලා....ගුගල් සිතියම් බලපුවාම පේනවා 2010 අවුරුද්දට පස්සේ තමා වනාන්තරය එලි කරලා තියෙන්නේ කියලා......මිල කරන්න බැරි තරම් වටිනා මේවා එළිකරන එකට විරුද්දව අපිත් ඒ දවස්වල කතා කළා....එ්ත් කුහක පාලකයන් නිසා වැඩක් වුනේ නෑ.......එලිකරලා තියෙන විදිය දැක්කම කඳුළු උනනවා ඇත්තටම....(බ)
කවුරුත් ගණන් නොගන්න ලොකු අනතුරක් අත ලඟම තියෙනවා . ඉතාමත් සැලසුම් සහගතව සිද්ද වෙන්නේ. ජසිම් සිටි එක කටාර් අධාරයක් වුනාට එම කටාර් ආයතනයේ අතරමැදියන් කවුද කියල කවුරුත් හිතන්නේ නැහැ. ඒ පකිස්ථානුවන්. (බ)
ඔව් ඉතින් දැන් මෙයාලගේ කොලනි රට හැම තැනම. දැන් ව්‍යාප්තියට ඉඩ මදි නිසා මේවත් හොරෙන්ම එළිපෙහෙළි කරන්නේ, මෙයාලගේ කොලනි වලට සිංහලයට යන්නවත් දෙන්නේ නෑ. මුස්ලිම්කරණය හැමතැනම (බ)
රට අවැසි පාරිසරික කාරනා ඇතුළු නියෝජන කාරනා වෙනුවෙන් නිරතුරුවම පෙනීසිටින පාරිසරික යුක්ති කේන්ද්‍රයට අපගේ උත්තමාචාරය හිමි විය යුතුය.(අ)
සිරා කුහක කතා කියන්න එපා. (බ)
පසුගිය රජය කිසිවක් කළේ නැහැ. වර්තමාන රජයටයි වගඋත්තර බඳින්න වෙලා තියෙන්නේ. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. වන සම්පත රැකගැනීම අපි කාගේත් වගකීමක්. මේ පිළිබඳව නිසි අවධානයක් තිබෙනවා නම් ඉදිරියට මෙවන් දේ නොවන්නට වගබලාගන්න පුළුවන් (නි)
ඉමේෂ් ඔය නැවත පදිංචි වෙන්නෙත් මේ රටේම මිනිස්සු ඔය ජාතිවාදේ දැන්වත් ඉවර කරන්න (අ)
රටේ නීතිය වෙන්නේ රජයේ ස්ථාවරයද? පරිසර විනාශයට දඩුවම් කරන්න රජයෙන් අහන්න ඕනද ? දන්නේ නැති නිසා අහන්නේ (බ)
සමහර අය නම් කැමති කාන්තාර වලට. ඒ එයාලගේ ජන්ම ගතිය. ඒ අය ඒ අයට සුදුසු වෙන රටක් හොයාගත්තා නම් තමා හොඳ (නි)
සිරා, ඔහේ දන්නවද, ප්‍රබාකරන් සහ මහින්ද පරදින්න හේතුව මොකක්ද කියලා? දන්නේ නැත්තම් දන්නා අයගෙන් අහන එක තමා හොඳම දේ. එහම නැතුව කටමැත දොඩවන එක නෙවේ (බ)
සජාන්, මේ රට මොන මිනිස්සුන්ගේද කියල ඔය ඉස්කෝලේ ඉතිහාස පොත් කියවල බලන්න. (බ)
සජාන්, ඔයාල සංක්‍රමනිකයෝ මිසක් මුල් පදිංචි කරුවෝ නෙමෙයි. එනිසා රටකට ආවම එ් විදිහට ඉන්න ඕනේ. (බ)