විල්පත්තු වනෝද්‍යානයේ අධිරක්ෂිතය නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීම සඳහා වගඋත්තරකාර අමාත්‍ය රිෂාද් බදියුදීන්ට අභියාචනාධිකරණය ලබන අගෝස්තු 31 වැනිදා තෙක් අවසන් වරට කල් දුන්නේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහත්වරුන් හමුවේ කැඳවිණි.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙක් වගඋත්තරකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයටත් දඩුවම් දෙන්නේ ඕනේ කැලේ කපල විනාශ කලට හැමදාම කගේ හරි රෙද්දකට මුවාවෙලා බෙරන්වා යහ පාලන නිතිය මෙයටත් ක්‍රියාත්මක කරනන්. (අ)
පාරිසරික යුක්ති කේන්ද්‍රයට ස්තුති මෙවැනි නඩුවක් දැම්මට (බ)
තව මාසයක්. එතෙක් කල් තියනවා එයාට තව තවත් කැලේ කපල එයාගේ අයට ජනාවාස හදන්න. සිංහල මිනිහෙක් කැලේ කොලයක් කැඩුවොත් කොහොමද? (අ)
කරන ජාතික අපරාධ වලට නම් දඬුවම් ලැබිය යුතුමයි (නි)
යුද්ධ කරලා භූමියක් අල්ලාගන්නවාට වැඩිය මුදලට සහ ඔය විදියට භූමිය අල්ලාගත්තහම හරි කියලා හිතනවා ඇති. (නි)
චෝදනා ඔප්පුවුණොත් නම් මෙයාව ඇමතිකමෙනුත් එළවන්න ඕනෑ. ලංකාවේ දේශපාලනය හරියට උෟරෝ ලගින මඩ වළක් වගේ වෙලා (නි)
මේ ආණ්ඩුව හරියට අඳ ගොළු බිහිරි පාසලක් වගේ කියලා හිතෙනවා අපිට (නි)
මේ වගේ අය තමා රට විනාශ කරන්නේ, කැලෑ කපලා (නි)