වාලච්චේන අසළ මුහුදේ දියඹේ දී දුර්ලභ වර්ගයේ මාළුවකු දැළකට අසුවූ බව ධීවරයෝ කියති.
අඩි හතරක් දිග කිලෝ 7.5ක් බර මේ මාළුවා වැඩිදුර පරීක්ෂණ සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයට භාර දී ඇත.
මේ මාළුවා ගැඹුරු මුහුදේ ජීවත්වන ගොබ්ලින් ෂාර්ක් නමැති මෝර විශේෂයේ සත්ත්වයකු බව පරිසරවේදීහු පෙන්වා දෙති. අදින් වසර කෝටි 12.5ට පෙරාතුව පරිනාමය වීම නැවතී ඇති මේ සත්ත්වයා හඳුන්වන්නේ සජීවී පොසිලයක් ලෙසිනි.
මිට්සුකුරිනා ඔව්ස්ටොනි ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මේ වර්ගයේ වැඩුණු මත්ස්‍යයකු මීටර හතරක් පමණ දික්ව වැඩෙයි. විකාර රූපී මුඛය හා ඒ වටා පිහිටි ඉතා තියුණු දත් සමූහයත් හිස ඉදිරියෙන් ඇති අඟක් වැනි නෙරා යාමත් මාළුවාට බියකරු පෙනුමක් ගෙන එයි. ඉතා කෙටි වරල් සහිත මේ ගොබ්ලින් මෝරුන්ගේ සිරුර එතරම් ශක්තිමත් නැත.
මීටර 100ට වඩා ගැඹුරු මුහුදේ මේ සතුන් ජීවත්වෙයි. ඉතා කලාතුරකින් දැකිය හැකි මේ මසුන් සැලකිය යුතු ප්‍රමාණයක් සාගර කිහිපයක ජීවත්වන බව ජාත්‍යන්තර සංරක්ෂණ සංගමය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මේ මාළුව නොමරා ගෙනවනන් කොච්චර වටිනවද? (අ)
මහජන දේපල කොල්ල කන පිරිස් මරණින් පසු අපායේ (නදී)
ලස්සනයි. (නි)
ආසියාවේ ආශ්චර්ය!! (නි)
මේ මාළුවා ගැඹුරු මුහුදේ ජීවත්වන ගොබ්ලින් ෂාර්ක් නමැති මාළුවා බව ඉහත දක්වා ඇති අයුරු සම්පුර්නයෙන්ම නිවැරදිය (නදී)
අබුද්දස්ස කාලෙනේ! (නි)
මාළුවා මියගිය එක නම් ලොකු අපරාධයක්.පව්. (නි)
අනේ මට නම් මොකෙක් උනත් කමක් නෑ. මට නෙමේනේ අහු උනේ. (නදී)
ෂා... අපරදේ නොමැරී හිටියනම් දෙහිවල සත්තු වත්තට දෙන්න තිබුණා (නදී)
'ගොබ්ලින් ශාර්ක්' කෙනෙක් කියලයි මට නම් හිතෙන්නේ (නි)
මෙයයි විශ්වයේ චමත්කාරය.... (නි)
මෙයා 'ගොබ්ලින් මෝරෙක්' වද්ද? (නි)
ගොඩබිමේ සිද්ධවෙන අමුතු දේවල් මදිවට දැන් මුහුදේත් අමුතු දේවල් සිද්ධවෙනවා (නි)
අයියෝ මාළුවා! (නි)
පවු ඌ මැරිලා නේද (නදී)
ඌව දකිනකොටත් මට නම් බය හිතෙනවා (නි)
මේකත් ආශ්චර්යයේ පෙරනිමිත්තක්ද කොහෙද. (නි)
මේ මාළුවා ගැන හරියට දැනගන්නේ නැතිව යමක් කිව නොහැක (නදී)
මෙයයි සසරක බියකරු බව.තථාගතයන් වහන්සේ දේශනාකර තිබෙනවා මහ මුහුද ඇසුරු කරමින් ජීවත්වෙන අප්‍රමාණ සත්වයන් ගැන. ආදී මහමුහුදේ ජීවත්වෙන නමුත් කවදාවත් සාමාන්‍ය මිනිසුන් නොදකින විවිධාකාර සත්වයන් ගැන සුත්‍ර දේශනාවල සදහන් වෙනවා (නි)
පණපිටින් අල්ලා ගත්තා නම්... (නි)
මහා බියකරු මෝරෙක් (නි)
මටත් හිතෙන්නේ මෙයා ගොබ්ලින් ශාර්ක් කෙනෙක් තමයි. (නි)
මේ ගොබ්ලින් ශාර්ක් කෙනෙක්. වැඩිදුර විස්තර ඉන්ටර්නෙට් එකෙන්.(අ)
මේ මෝරා ගොබ්ලින් ශාක් කෙනෙක්.මේ සතා අවුරුදු මිලියන ගානකට ඉස්සෙල්ල පරිනාමය වීම නවත්තපු මාලුවෙක්.මුන්ගෙ ගහනය අඩුවක් නැතිලු.එහෙත් ගැඹුරු මුහුදෙ ආගාධ වල ජීවත් වෙන නිසා සාමාන්‍යය ජනතාවට ධීවරයන්ට දැකීම දුර්ලභ දෙයක්.මේ සත්තු තම වාසස්ථාන වලින් එළියට එන්නෙ මුහුදෙ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ඇතිවේගෙන එන නිසා වෙන්න පුලුවන්. (අ)
මේ ගොබ්ලින් ශාර්ක් කෙනෙක්...ඉතා දුර්ලබ කාලෙකින් දකින්න පුළුවන් කෙනෙක් මෙයා..විශිෂ්ටයි.(අ).
මේ ගොබ්ලින් මෝරාට බෙහෙවින් සමාන ජීවියෙක් යැය් අනුමාන කල හැක. (අ)
එරංග, ඔබේ කතාව හරියටම හරි. පරිණාමය කියන්නේ 100% සත්‍ය දේ නොවෙයි . ඒ බටහිර විද්‍යාවෙන් තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණය විතරයි. නමුත් නිරිසතුන් කියන්නේ මිනිසුන්ට හිතාගන්නවත් බැරි විරූපී අපා දුක් විදින සත්ව කොට්ඨාශයක්. (නි)
මේවැනි විරුපී මාළුන් ඇතිවෙන්නේ .අහිත කර විකිරණ ක්‍රියාකාරිත්වයන්ගේ බලපෑමෙන් ..?මෙම මාළුන් ආහාරයට ගැනීමෙන් වැළකීම වඩාත් ම හොදයි ..?මිනිසුන්ටද මෙම තත්වය බල පානු ඇත අනාගතයේදී ..!!! (අ)
ඔයාලට පිස්සු මේ ගොබ්ලින්ග් මෝරෙක් නෙමෙඉයි. (අ)
ශාර්ක් වර්ගයේ එකෙක්. (අ)
අයියෝ චන්ද්‍රසිරි, අපි දාමු මූදු චන්ද්‍රසිරි කියල (නදී)
හැමෝම එක එක බයිලා කතාකරනවා .මේ සත මරපු එක පෙන්නේ නැහැ.
අනේ පව් මේ මාළුවා.මරන්නේ නැතුව ආපහු දාන්න තිබුණේ (නි)
හරිම පුදුමාකාරයි (නි)
මේ ගොබ්ලින් ශාර්ක් වර්ගයේ මාළුවෙක් නෙමෙයි.....ගොබ්ලින් මසුන්ගේ මුඛය පිහිටීමයි මේ මාළුවාගේ මුඛය පිහිටීමයි වෙනස්..!!මේ ගොබ්ලින් මත්සයෙකුගේ විකෘතියක් වෙන්න පුලුවන්...! (අ)
හැමෝම සත්ව විස්ලේෂකයෝ බයිලා ගහනවා (නදී)
මොකා උනත් දැන් මැරිලනේ (නදී)
මුහුදු භූතයා කියලා කියමුද? (නි)
ඇයි මිනිස්සු සත්තු මරන්නේ (නදී)