(සුමතිපාල දීයගහගේ)
වැලිගම ප්‍රාදේශීය සභාබල ප්‍රදේශය තුල පිහිටි සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි සංචාරක නිකේතන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අද ( 1) සිට නැවත විවෘත කළ බව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා පවසයි.
වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මිදිගම සිට කඹුරුගමුව දක්වා පිහිටි සංචාරක නිකේතන නැවත මෙසේ විවෘත කර ඇත.
එම බල ප්‍රදේශය තුල සංචාරක නිකේතන හාර 400 ක් පමන ක්‍රියාත්මකවන නමුත් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචිවී ඇත්තේ විසි හයක් බවද ඒ මහතා පැවසිය. මේ අතර සෞඛ්‍ය ක්‍රමවේදයන්ට යටත්ව ඉතිරි සංචාරක නිකේතනද පියවරෙන් පියවර විවෘත කිරිමට බලපොරොත්තුවන බවද පුෂ්පකුමාර මහතා වැඩි දුරටත් සදහන් කළේය.
මෙම සංචාරක නිකේතනවලින් වැඩි ප්‍රමාණයක් මිරිස්ස ප්‍රදේශයේ පිහිටා ඇත.
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වැලිගම සංචාරක නිකේතන විවෘත කරයි
de silva Monday, 01 June 2020 12:21 PM
සංචාරකයෙකුට තබා ශ්‍රී ලංකික පුරවැසියකුටවත් ලංකාවට එන්න බැරි, විටින් විට ඇඳිරි නීතිය දමන, බස් එකක, කෝච්චියක නැගලා ගමනක් බිමනක් යන්න බැරි මේ අවස්ථාවේ සංචාරක හෝටල් විවෘත කරන්න තරම් ඒවගේ අයිතිකාරයින් මෝඩද? මොලයක් තිබෙන මනුස්සයෙක් ඔය ටුවරිස්ට් බෝර්ඩ් එකේ ලියාපදිංචි වෙන්නේ නැහැ.. එ්කට හේතුව ලියාපදිංචි වුණාට පස්සේ එ්කේ වැඩ කරන දුෂිත නිලධාරීන්ට පගාව, නොමිලයේ කෑම මත්පැන් දීලා ඉවරයක් නැහැ.. හරියට කොටි වලිගේ අල්ලා ගත්තා වගේ.... 26 දෙනෙකු පමණක් ලියාපදිංචි වෙන්නත් ඉතුරු 374 දෙනාම ලියාපදිංචි නොවුනෙත් මේ හේතුව නිසා... ඔය සංචාරක මණ්ඩලෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අගතියක් මිස සුගතියක් නැත... කරුණාකරලා ඕක වහලා දමන්න.
de silva Wednesday, 03 June 2020 09:06 AM
ටුවරිස්ට් බෝර්ඩ් එකත් අර විදේශ රැකියා නියුක්ති කාර්යාංශය වගේ එකක්, විදේශ රැකියාවලට රට යන පුද්ගලයන් ගුවන්තොටුපලේදී පරික්ෂා කරමින් ලියාපදිංචි කරගනිමින් රක්ෂණ මුදල් ගන්න එක නම් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් කරනවා.. නමුත් ඔවුන් අතරමන් වෙලා ඉන්න මේ අවස්ථාවේ ඔවුන්ව ලංකාවට ගෙනත් ජීවිත බේරා ගැනීමට සැලකිය යුතු දෙයක් කරන්නේ නැහැ... ටුවරිස්ට් බෝර්ඩ් එකත් එහෙම තමයි. සංචාරක කර්මාන්තය වැටිලා තිබෙන පහුගිය මාස 2-3 ඔවුන් කිසිම සද්දයක් නැහැ ඉන්නවද, මලාද කියලවත් නැහැ... නමුත් දෙසැම්බර් මාසේ විතර නැවත සංචාරක ව්‍යාපාරය පණගහලා අාවොත් දුවගෙන ඒවි , 2019 බෝම්බ ප්‍රහාරයෙන් පසුත් මේ ටුවරිස්ට් බෝර්ඩ් එක වැඩකලේ මේ න්‍යායටම තමයි.. දැන් කරන්නෙත් ඒක. ඔකේ ඉන්න දුෂිත නිලධාරින්ට අල්ලස් වශයෙන් මුදල් කෑම බිම එහෙම දෙන්න එපා... ටුවරිස්ට් බෝර්ඩ් එකත් අර විදේශ රැකියා නියුක්ති කාර්යාංශය වගේ එකක් , විදේශ රැකියාවලට රට යන පුද්ගලයන් ගුවන්තොටුපලේදී පරික්ෂ කරමින් ලියාපදිංචි කරගනිමින් රක්ෂණ මුදල් ගන්න එක නම් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් කරනවා ,නමුත් ඔවුන් අතරමන් වෙලා ඉන්න මේ අවස්ථවේ ඔවුන්ව ලංකාවට ගෙනත් ජිවිත බෙර ගැනීමට සැලකිය යුතු දෙයක් කරන්නේ නැහැ , ටුවරිස්ට් බෝර්ඩ් එකත් එහෙම තමා , සංචාරක කර්මාන්තය වැටිලා තිබෙන පහුගිය මාස 2-3 ඔවුන් කිසිම සද්දයක් නැහැ ඉන්නවද මලාද කියලවත් නැහැ , නමුත් දෙසැම්බර් මාසේ විතර නැවත සංචාරක වියාපාරය පණගහල අවොත් දුවගෙන ඒවි , 2019 බෝම්බ ප්‍රහාරයෙන් පසුත් මේ ටුවරිස්ට් බෝර්ඩ් එක වැඩකලේ මේ න්‍යයටම තමා , දැන් කරන්නෙත් ඒක. ඔකේ ඉන්න දුෂිත නිලධරීන්ට අල්ලස් වශයෙන් මුදල් කෑම බිම එහෙම දෙන්න එපා , අල්ලස් ඉල්ලුවොත් දැනුවත් කරන්න.