ගුරුවරුන් මාරු කිරීම හා දේශපාලන බලපෑම් නිසා රාජකාරි කළ නොහැකියැයි කියමින් මාතලේ විල්ගමුව හඳුන්ගමුව මහා විද්‍යාලයේ විදුහල්පති වසන්ත ඒකනායක මහතා තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විල්ගමු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හැරිස් අලගොඩ මහතාට අද යැවීය.
ඇතැම් දේශපාලන බලවතුන් මෙන්ම අධ්‍යාපන නිලධරයන් ද පාසලට පළා බෙදතියි විදුහල්පති චෝදනා කරයි.
රාත්‍රී කාලයේ පවා නොමිලයේ පන්ති පවත්වමින් පාසල ඉහළ මට්ටමකට පත් කළ විදුහල්පති ඉවත්වීම ගැන මව්පියෝ එක හඩින් විරෝධය පළ කරති.
ඔහුට විදුහල යළි බාර දී ගුරු හිඟය මග හරවන තුරු පාසල වර්ජනය කිරීමට සුදානම් බව ද ඔවුහු කියති.
දේශපාලන ඕනෑඑපාකම් මත ගුරුවරුන් දස දෙනකුම මෑතදී මාරු කර ඇතැයි ද ඔවුහු පවසති.
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පෙරේරා පවසනුයේ විදුහල්පති දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට යන බව තමා පාර්ලිමේන්තුවදීත්, අධ්‍යාපන කාර්යාලයේදීත් කියා ඇති බවයි.
විදුහල්පතිට එරෙහිව විවිධ චෝදනා ඇති බව ද මන්ත්‍රී කියයි.
විදුහල්පති මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් කරන දේශපාලුවන්ට නම් යහපතක් වෙන එකක් නෑ .(ස)
කොයිබටද රට යන්නේ ? .(ස)
ඔන්න ආදර්ශමත් මිනිස්සු . කොන්ද කෙලින් තියන් වැඩ කරන්න ඉඩ නැත්නම් අයින්වෙන එක තමයි කල යුත්තේ .(ස)
විදුහල්පතිතුමා වෙන රටකට යන්න. ඔබේ සේවය ලබා ගන්නා හැටි ඒ අය දන්නවා .(ස)
විදුහල්පති තුමනි. මුදලට වඩා තනතුරට ගරු කරමින් ඔබතුමාගේ ඉල්ලා අස්වීම දේශපාලකයන් පවා නොකරන වැඩකි. .(ස)
දේශපාලනය කියන්නේ.........................(ස)
රට කොහේටද යන්නේ? රට බේරාගන්න ඉන්න අයට මොකද මේ වෙන්නේ? (නි)
අනිවාර්යෙන්ම විදුහල්පති තුමා හරි..නමට දැන් ඉන්නේ මංත්‍රිලා..ඕකා ඉගෙන ගෙන නැතුව ඇති..පාර්ලිමේන්තුවට ගියාට .(ස)
උගතුන් කරනා දේ නූගතුන්ට රුස්සන්නේ නෑ කියලා කියනවනේ .(ස)
ජනතාවනි, ආශ්චර්යයේ ගොඩක් දේවල් ඉදිරියේදී බලාගන්න පුලුවන්. (නි)
මේ විදුහල්පත්තුමා දේශපාළුවන්ට ඕන විදියට නටන්නේ නැතුව ඇති.(නදී)
දැන් හවස් වෙනකොට ප්‍රවෘත්ති වලට කියාවි, විදුහල්පති ඉල්ලා අස්වීම පිටුපස ඇති ඩොලර් කුමන්ත්‍රණ හෙළිවේ කියල. ඕක තමයි හැම හොද මනුස්සයටම කියන එකම දේ. හරිම කණගාටුයි රටට ගිය කල ගැන. .(ස)
ඔය වගේ ඉගෙන නොගත් දේශපාලකයන් නිසා තමයි මේ රට කවදාවත් දියුණු කරන්න බෑරි. ජනාදිපතිතුමනි මේ වගේ අය එලවල දාන්න කියලයි අපි විදේශ රටවල ඉන්දල ඉල්ලා සිට්න්නේ. විදුහල්පතිතුමනි,ඔබ නියම විදුහල්පතිවරයෙක් වගේම නියම ගුරු පියෙක්.ඔබට ආශිර්වාද කරනවා. .(ස)
ඔය ගහගන්න පාරවල් වදින්නේ විදුහල්පතිටවත් මන්ත්‍රීටවත් නෙවෙයි, වදින්නේ අහිංසක දුප්පත් ළමයින්ටයි. .(ස)
ජරාජීර්ණ දේශපාලනයේ අතුරු ප්‍රතිඵල තමයි මේ. (නි)
ගුරු හිගයට විසදුමක් (දී)
මේ ගුරුතුමා ඉන්න කාලෙ ළමයින්ගෙ ප්‍රතිඵල ඉතාම හොඳ වුණා. පව් ගමේ දුප්පත් ලමයි ටික, වල් අලි ගම වටකරගෙන ඉන්නෙ මේ පලාතෙ. ඒ වගේ තැනක වැඩ කරන කෙනෙකුට මල් පූජා කරන්න වටිනවා.කොහොම වුණත් පාඩුව ගමට, ගුරුතුමා කොහෙ ගියත් එතුමාගෙ උපරිම සේවය කරන බව නම් විශ්වාසයි. (නි)
ඔය නියාය පත්තරේ කියන්න ඇත්තේ මුහුනේ හැඩරුවට වෙන්න ඇති. සමහරු කලාමැදිරියන්ටත් බයයි කියනවනේ.(නදී)
මහින්දගේ කතාව මමත් අනුමත කරනවා (ස)
දැන්වත් ගමේ අය ඒකරාශී වී වැඩ කරන්න පාසල වෙනුවෙන් (ස)
කොට්ටාව පැත්තේ වෙන්නේ ඕකෙ අනෙක් පැත්ත. (නි)
තව ටික කාලයක් යනකොට විදුහල්පති තනතුරුවලට මන්ත්‍රීලා පත් කරන්න වේවි (ස)
කොහෙත් දේශපාලන ඇඟිලි ගැසීම් තියෙනවා . ඒක නවත්වන්න බෑ. එහෙම තියෙද්දි කොන්ද කෙලින් තියන් වැඩ කරන්නත් බෑ (ස)
මෙහෙම ගියොත් විදුහල්පති පුටුවල වාඩි කරවන්න වෙන්නේ ප්‍රාදේශීය සභාවේ අය තමයි (ස)
අසරණ වෙන්නේ ළමයි (දී)
ඒ වගේ කොන්දක් අපේ දේශපාලකයින්ටත් තිබුණානම් කොච්චර හොඳද ? (ස)
ඔබතුමා ගත් තීරණය හොඳයි. නමුත් මේ දුෂිත සමාජය ඔබතුමාට තනිව වෙනස් කර නොහැකියි.කෙසේ වෙතත් ජීවිත ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. (ස)
විදුහල්පතිතුමනි පරිස්සමින්. විෂ ඝෝර සර්පයෝ හැමතැනම.(නදී)
දේශපාළුවෝ නැත්නම් මේ ලෝකේ කොච්චර පාළු වෙයිද?(නදී)
ලලිත්ගේ කතාව ඇත්ත. විදුහල්පති ගැන කටයුතු කරන එක අධ්‍යාපන බලධාරීන්ට දීලා දේශපාලකයින් පැත්තකට වියයුතුයි. (නි)