IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘වැලිගම වෙඩි තැබීමේන් පස්සෙ වාහන ලේඛන මකා දැම්මා ‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වැලිගම හෝටලයේ වෙඩි  තැබීමේ සිද්ධියෙන්  පසු   කොළඹ අපරාධ කොට්ඨාශයේ ලේඛනයක් සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුණු  බව කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික සහකාර සුදත් පුල්ලපෙරුම මහතා  පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි දෙමින්  ප්‍රකාශ කළේය.

කොළඹ අපරාධ කොට්ඨාශයේ ඇති ඉන්වර්ඩ් සහ අවුට් වර්ඩ් ලේඛනයේ 2023.12. 29 දින  දත්ත  ටිපෙක්ස් කර ඒ වෙනුවට 30 වැනිදා  මාතරට යැවීමට සූදානම් කර තිබූ රථයට අදාළ පොලිස් පෝරම 439 ට අදාල දත්ත යනුවෙන්  වෙනස් කෙරැණු බව පැවසූ හෙතෙම  ලේඛනය ටිපෙක්ස්  කර ඇති හෙයින් එය නැවත සකස් කරන ලෙස වැඩබලන අධ්‍යක්ෂ  නෙවිල් ද  සිල්වා මහතා  උපදෙස් දුන් බවද  ප්‍රකාශ කළේය

අදාල රථයෙන්   පිටව ගිය කොළඹ අපරාධ කොට්ඨාශයෙ  නිලධාරින් සියලු දෙනා යළි පැමිණියාදැයි  කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරැ  ප්‍රකාශ කළේ උපුල් මහතා පමණක් නොපැමිණි බවයි.

ආවේ ඔහුගේ මළ සිරුර බවද හෙතෙම සඳහන් කළේය

අනෙක් සියලු දෙනා පැමිණි බවද පුල්ලෙ පෙරුම මහතා  කීය

පෙර සඳහන් කළ ලේඛනය යළි සකස් කිරීම නිත්‍යානුකූලදැයි සභාපති  විනිසුරුවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු  නැත යනුවෙන් පැවසීය.

ලේඛනය ටිපෙක්ස්  කළේ කවුදැයි සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී පුල්ලපෙරුම  මහතා පැවසුවේ අධ්‍යක්ෂකතුමාගේ උපදෙස් පරිදි  ඉනෝකා නමැති නිලධාරිනිය එය කළ බවයි.

" මහත්තයා කිව්ව නිසා තමයි වෙනස් කළේ.  දැන් මේක බරපතළ සිද්ධියක් නිසා වරද්දක් කියලා හිතෙනවා.  මොකක්   හරි  යටපත් කරන්න කරලා තියෙනවා කියලා දැන් තේරෙනවා.  අලුත් පොත හදන්න සති දෙකක කාලයක් ගියා. අලුත් පොත හැදුවට පස්සේ පරණ පොත කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම්  ද සිල්වා මහත්තයාට භාර දුන්නා. ඉන්පසු මම ඒ ලේඛනය දැක්කේ නෑ.ඒක කාර්යාලයේ තිබුණෙත් නෑ.”  සාක්ෂිකරු පැවැසීය.

‘දේශබන්දු තෙන්නකෝන් ඔබට හෝ  නෙවිල්  ද  සිල්වාට උපදෙස් දුන්නේ නැහැ මේ පොත වෙනස් කරන්න කියලා.  ඔබ ඒ යෝජනාව පිළිගන්නවාදැයි දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එස් වීරවික්‍රම  මහතා ප්‍රශ්න කළ අවස්ථාවේදී පුල්ලෙපෙරුම මහතා" නැහැ ස්වාමීනී යනුවෙන් පැවසීය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව පාර්ලිමේන්තුවේදී දිනපතා රැස්වෙමින් සාක්ෂි විමසීම දිගටම සිදු කෙරේ.

අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති නීල් ඉද්දවල සහ  හිටපු මහ අධිකරණ විනිසුරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක  යන මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.



අදහස් (0)

‘වැලිගම වෙඩි තැබීමේන් පස්සෙ වාහන ලේඛන මකා දැම්මා ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site