ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන ඇමැතිවරයාව සිටියදී ගමනා ගමන මණ්ඩල පනත උල්ලංඝනය කරමින් ඥාතියකු උප සභාපතිවරයා ලෙස පත් කළැයි කියන පත්වීම් ලිපියක් අල්ලස් කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට ඉදිරිපත් කළේය.
පනතේ නැති තනතුරක් නිර්මාණය කරමින් රුපියල් ලක්ෂ 30ක් රජයට අලාභ කළැයි වෙල්ගම මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
වෙල්ගම මහතා අද අධිකරණයේ පෙනී සිටියේය.
වැඩිදුර විභාගය ජුනි 20 වැනිදාට කල් තැබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ප්‍රශ්නේ නෑ කමද? නැති තනතුරක් ඇති කිරීමද? නෑ ප්‍රශ්නේ නම් අද ඉන්න අයටත් වලංගුයි. (බ)
ඥාතී පමණක් නොවේ මෙයා කෝච්චි වලට එක එක කුමාරිලාගේ නම් දැම්මේ මොකද කියලත් සොයා බලන්න.(බ)
එතකොට අර අර්ජුන මහත්මයගේ සහෝදරයාට සුදුසුකම් තියෙනවද. හැසිරෙන්න දන්නෙත් නැහැ.(බ)
වෛරය පසුපස එලවනවා මහත්තයෝ (බ)
එතකොට මේ ඥාති සංග්‍රහ වලට දිගටම ඉඩදෙන්න ඕනෑ කියලද සරත් මහත්තයා කියන්නේ? (නි)
පසුගිය රජයෙනුත්,මේ රජයනුත් ඥාති සංග්‍රහ කරලා නැත්නම් දඩුවම් විදින්න වෙනවා. (බ)
තමන්ගේ ඥාතීන්ට සළකන්නේ නැත්තම් ඉතින් වැඩකුත් නැහැනේ. මම නම් තමන්ගේ ඥාතීන්ට සැළකීම දකින්නේ හොඳ දෙයක් හැටියටයි (නි)
බලනකොට අපි හිතපු වෙනස අපිට ලැබිලානේ තියෙන්නේ! (නි)
එතකොට යහපාලන ආණ්ඩුව යටතේ \"වරාය\", \"මහා බැංකුව\පොලීසිය\අධිකරණය වගේ තැන්වලට ඥාතින්ටත් පත් කළ ඇමති උතුමන්ලාටත් දඩුවම් දෙනවද?රැවටුනේ රටේ ඡන්ද දායකයන් වන අපිම තමයි (බ)
බිලියන 1500ක් ගණන් නොගන්න පාක්ෂිකයන්ට ඕක ඉතින් ඒ හැටි දෙයක් නෙවෙයි. (බ)
සම්පත් මහත්තයෝ ටෙලිකොම් / රක්ෂණ සංස්ථාව / සෞඛ්‍ය වගේ ඒවටත් දාල නේද (බ)
මහින්ද කරේ තියාගෙන යන්නේ කවුද කියා අපි දන්නවා (බ)
දැන් තිත තබලාද ? (බ)
හොරුන්ට තව කෙනෙක් කරන හොරකම හොරකමක් නෙවෙයි, (බ)