නිසි අවසරයකින් තොරව සති දෙකකට විදේශ ගත වූ බවට චෝදනා කරමින් නාවික හමුදා යුද අධිකරණයකින් වැරදි කරු කළ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් කේ සී වෙලගෙදර මහතා ජනපතිට අභියාචනයක් කර ඇති නිසා ඔහුගේ දඬුවම තාවකාලිකව අත්හිටුවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි මහතා පැවසීය.
පසුගිය රජය සමයේ සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැර ගත්තේයැයි කියන සිද්ධියක් හා මිනිස් ජාවාරම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සාක්කි ලබා දීම නිසා ඔහු පළිගැනීමට ලක්වී ඇත්දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අලවි මහතා කීවේ එවැනි පළිගැනීමක් සිදුවී නැති බවයි.
පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් වෙලගෙදර මහතා නොබියව සාක්කි දීම නිසා අදිසි හස්ථයක පළිගැනීමට ලක්වූවාදැයි යන්න ගැන හා යෝෂිත රාජපක්ෂ මහතාට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කළත් නිසි පිළිතුරක් නොලැබිණි.
යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් පැවැති නාවික හමුදා නඩු විභාගය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින නිසා තාවකාලිකව නැවැත්වූ බව මාධ්‍ය හමුවේදී කියැවිණි.
වෙලගෙදරට පියවර ගැනීම සහ හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට පියවරක් නොගැනීම ගැන විනාඩි 20කට ආසන්න කාලයක් පුරා මාධ්‍ය හමුවේදී සාකච්ඡාවට ගැනිණි.
එහි දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ පිළිතුරු පහත වීඩියෝවෙන්..
(වීඩියෝ හා ඡායාරූප කෞෂල්‍ය සමින්ද)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිටි තැනින් වතුර බැස්ස කාලය ඉවරයි කියා හිතුවට වැඩක් නැහැ. මිනිස්කමට උඩින් ඇත්තේ නොමිනිස් බලයයි. (නි)
රටම කචල්. හමුදාවත් අවුල්. මෙහෙමත් පාලනයක්! (නි)
සාධාරණය ඉටුවෙනතුරු අපි බලාසිටිමු (නි)
අපේ රටේ දේශපාලුවොත් එකයි. ඔවුන්ගේ බත් බැලයොත් එකයි. මොවුන්ගෙන් යන්නේ කොහෙද ඇහුවහම, මල්ලේ පොල් (නි)