
(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට යාබද, ආරක්ෂක තාප්පයෙන් වරින්වර මත්කුඩු, ජංගම දුරකථන ඇතුළු තහනම් භාණ්ඩ දැමීම වැළැක්වීම සඳහා ඊට උඩින් දැල් වැටක් ඉදිකිරිමට බන්ධනාගාර මුලස්ථානය තීරණය කර ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව, ඒ සඳහා යුද හමුදාවේ සහය ලබාදීමට නියමිතය.
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට වනාතමුල්ල සීවලී පටුමග දෙසින් ඇති තාප්පයෙන් වරින් වර තහනම් භාණ්ඩ දැමීම කලක සිට සිදුවන අතර, ඒ පිළිබඳව අවට සැකකරුවන් කීපදෙනෙකුට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
තහනම් භාණ්ඩ බන්ධනාගාරයට දැමීම මුළුමනින්ම නතර කර දැමීම සඳහා ඊට උඩින් දැල් වැටකින් භූමිය ආවරණය කිරිම මෙම වැඩ පිළීවෙලේ අරමුණ වී ඇතැයි ද බන්ධනාගාර මුලස්ථානය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට උඩින් යවන්න පුළුවන් උපකරණ තියෙනවා. නැතත් කැටපෝලෙකින් යවන්න පුළුවන්... ඔය වැටට උඩින් තවත් වැටක්,.. ඒකට උඩින් තවත් වැටක්... අහසට යනකම් ගහන්න වෙනවා. අපිට කාලවේලාව ලබාදෙන්නේ ජේලර්ලා...
ඕකෙනුත් බේරගන්න නම් ඕකට කරන්ට් එක දමා තියන්න. නැත්නම ඕක දිගේ යයි.
CCTV හයි කරන්න බැරිද?
වනාතේ උදේ පාන්දර කුඩු 100 ට විකුණන, කුඩු ගන්න පෝලිම් වල එන අය තවම ඉන්නවද?
වෙනත් රටවල බන්ධනාගාර පිළිබඳව අන්තර්ජාලයේ නිරීක්ෂණය කිරීමේදී අදාළ ගොඩනැගිල්ලට පිටින් වැටවල් කීපයක් සහිතව වටවන ලෙස අඩුවශයෙන් 100 පමණ දුරට විවෘත භුමිය සකසා කිසිවෙකුට ළඟාවීමටවත් නොහැකි ලෙස මුරකාවල් යොදා ඇති බව දැකිය හැක්කේ බන්ධනාගාර විෂය පිළිබඳව කිසිඳු අදහසක් නොමැති මිනිසුන්ට පමණක්ද යන්න ගැටලුවකි.. තවද වැලිකඩ බන්ධනාගාරය අවට නිරීක්ෂණය කිරීමේදී බාලංශයට පමණක් ඉගෙනුම ලැබූ කෙනෙකුට වුවද හිතට නැගෙන ගැටළුවක් වන්නේ බන්ධනාගාර ගොඩනැගිලි අසලින්ම සාමාන්‍ය ජනතාවගේ ක්‍රියාකාරකම් යහමින් සිදුවන බව නොවේද? තවද බන්ධනාගාර අවට ඉඩකඩම් එම දෙපාර්තමේන්තුව සතු දේපළ නොවේද, නොඑසේනම් දේශපාලන වුවමනා එපාකම් මෙන්ම දේශපාලුවන්ගේ ආශිර්වාද මධ්‍යයේ කුඩුකාරයන්, කසිප්පුකාරයන් හෝ වෙනත් දුරාචාරයේ යෙදන මිනිසුන් විසින් බලහත්කාරයෙන් පදිංචිවී සිටින අයුරු බන්ධනාගාර නිලධාරීන්ට මෙන්ම ආරක්ෂක අංශවලට නොපෙනෙන්නේ මන්ද? මේ පිළබඳව කෙල පැමිණි ආදාළ නිලධාරින් මෙන්ම රටේ මුල් පුරවැසියාට අපගේ මෙම අදහස් කියවීමට හැකි වේවා...!!!