වැලිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර 09 වැනි දා පැවැති කැරැල්ලෙන් පසු මහ රෑ සිරකරුවන් පිරිසක් ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් ඔවුන්ගේ ඥාතීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අද (17) බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.
ඝාතනය වූ සිරකරුවන්ගේ ඡායාරූප සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළ ඔවුහු මේ සම්බන්ධයෙන් සාධාරණයක් කරන්නැයි රජයෙන් ඉල්ලූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් බිහිසුණු අමානුෂික අපරාධ වලට වරදකරුවන් වෙලා මරණ දඩුවම නියම වුණ අය (නි)
ප්‍රසාද්ට කියන්න වචන නැහැ මට (නි)
මම නම් මේවාට මොකුත්ම කියන්නේ නැහැ (නි)
මේ අයගේ කෙරුවාව පළමුව සොයාබලන්න. ඊටපස්සේ මේ ඡායාරූප වලට අනේ අපොයි කියනවාද බලමු කට්ටිය (නි)
සිරකරුවන්ගේ නියම අයිතිකාරයන්ටත් වඩා වේදනාව තිබෙන අය මෙතන ඉන්න බව පෙනෙනවා (නි)
ඇසළ,ඡායාරූපයේ ඉන්න අම්මා දැකලාවත් හදවත කම්පා වෙන්නේ නැති ඔයා වගේ අය ලංකාවේ ඉන්නවා කියන එකත් මට කණගාටුවක්. (නි)
ප්‍රසාද්, රට පාවාදීමේ නවතම කුමන්ත්‍රණය දියත් කරන සිංහල කොටි පිලිබඳ බැලුම්ගල අනාවරණය... බලන්න. (අ)
ඇසළ, ඔහොම වෙන්න එපා. මියගියවුන්ගේ පවුල් ජීවත්වෙන්නේ ඉතාමත් දුක්ඛිත විදියට. මානව දයාව කියා එකක් ලෝකයේ තිබෙනවා. ඔයා දැන් කියාවි මමත් රට පාවාදෙන කුමන්ත්‍රණකාරයෙක් කියලා (නි)
පෝස්ටර් වලින් හිතා ගන්න පුළුවන් සංවිධායකයෝ කවුද කියල.(නදී)
ඇසළ, මී හරකෙක් වෙන්න එපා. ඔයා කියන්නේ මීනි මරපු එක හරිද? (නදී)
මොවුන් බිහිසුණු අමානුෂික අපරාධ වලට වරදකරුවන් වෙලා මරණ දඩුවම නියම වුණ අය.ක්‍රියාත්මක නොවන මරණ දඩුවමකට පින්සිද්ධ වෙන්න ඔවුන් අපේ බදු මුදල් වලින් කාලා බීලා බන්ධනාගාරයේ පාලනයත් ගන්න හදනකොට, ආයුධ ගබඩා කඩලා අවිආයුධ අතට අරගෙන යකා නටනකොට මොකක්ද ගන්න පියවර? මොවුන් අතින් මැරුම්කෑ අහිංසකයින්ගේ, දුෂණය වී මැරුම් කෑ අහිංසක යුවතියන්ගේ මානව හිමිකම් ගැනත් ටිකක් හොයන්න, අපේ ලේ පුච්චන්නේ නැතුව... (නි)
ප්‍රසාද් කියන්නේ පරණ හිරගෙදර හිටපු සාමාජිකයෙක් වගේනේ. (නි)
සමහරු කෑගහන්නේ එයාලා ජාතික වීරයෝ පිරිසක් වගෙයිනේ! (නි)
චන්ද්‍ර වීරසිංහ,ඔයාගේ ගෙදර කාටහරි මොනවාහරි කරලා හිරේ ගිය කෙනෙකුට ඔයා ඔහොම කියන්නේ නැහැනේ. තමන්ට වෙනතුරු ඉන්න එපා. මෙයාලා කාටහරි වැරැද්දක් කරලා හිරේගිය අය (නි)
රටේ දුෂිතයින් තමයි බොහෝවිට හිරේට යන්නේ. ඔවුන්ගෙන් මේ රට තවත් වැනසෙනවා (නි)
මේ කැරැල්ලෙන් මියගිය අය සුළු අපරාධකාරයෝද? ආයුධ අරගෙන එළියට පැන්නා නම් මොනතරම් අපරාධ කරන්න ඉඩතිබුනාද? මේ අය මරණ දඬුවම නියම වූ අය නේද? (නි)
ප්‍රසාද් මෝඩයෙක් වෙන්න එපා ....(අ).
අපරාධ අල්ලන්න කියන එකත් දැන් වැරදිද? (නි)
මැරුණු අහිංසකයන් පිටින් බඩවඩාගන්න කවුරුහරි හදනවා නම් ඒක වැරදියි (නි)