කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් උසාවියේ දී කෙහෙවලු පටලවාගෙන ඇඳුම් ඉරාගෙන ගුටි ඇනගත් ගැහැණු දෙදෙනෙක් අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය විසින් ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
චමරි සඳමාලි පෙරේරා (28) හා සුද්දච්චාරි මාලිනී (42) මේ දෙදෙනාය.
චමරි උසාවි ආයේ රිමාන්ඩ් භාරයේ සිටින සැමියාට ඇප ඉල්ලීමටය. මාලිනී ආයේ රිමාන්ඩ් භාරයේ සිටින පුතාට ඇප ඉල්ලීමටය. දෙදෙනාම වැලිකඩ පදිංචිකරුවෝය. මාලිනීගේ පුතා මාලයක් කඩා ගත්තැයි තවත් නඩුවක් ඇති බව පොලිසිය කියයි. මාලිනී අධිකරණ ශාලාවට ඇතුළුවනු දුටු චමරි ‘අන්න හොරාගෙ අම්මා එනවා‘ යැයි පවසා ඇති බවත් ඒ සමග දෙදෙනා උසාවිය ඇතුළේ ගුටිබැට හුවමාරු කරගත් බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මපා මේ මිනිස්සු කිසිදාක පාඩමක් ඉගෙන නොගන්නා හැටි? (නි)
ඔව් ලක්ෂි, අපේ පාර්ලිමේන්තුවේ පවා ගහගන්නවා නම් මේවා මොනවද? (නි)
මේවා එයාලගේ පවුද්ගලික කොන්තරනේ.මම හිතුවා කෙස්වලු පටලවාගද්දී මොනවා හෝ බෙදාගන්න බැරුවද කියලා. (බ)
පාර්ලිමේන්තුවේ ආභාෂය. (ර)
ලක්ෂි හරි. (ර)
මේ අාදර්ශ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් ලබාගත් දේවල් වෙන්න ඇති කියා සිතෙනවා. (නි)