
(ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල මිනුවන්ගැටේ කොනොත්ත ප්‍රදේශයේ වෙල් යායක තිබී මියගිය පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (18) හමුවී ඇතැයි වාරියපොල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි ඩබ්.එම්.එම්.බී. හේරත්බණ්ඩා (53) නැමැති සිව්දරු පියෙකුගේ බව හදුනාගෙන ඇත.
මිය යාමට හේතුව සම්බන්ධයෙන් වාරියපොල පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මියගොස් සිටින පුද්ගලයා දින කීපයක සිට අතුරුදන්ව සිටි බව ඔහුගේ පවුලේ අය කියති. අද (18) උදෑසන පුද්ගලයෙකු එම වෙල් යාය මැදින් ගමන් ගන්නා අවස්ථාවේදී සිරුර දැක පොලිසියට දන්වාඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd