වෙලේ සුදාගේ හෙරොයින් මත්කුඩු විකිණීමටත්, අපරාධවලින් සොයා ගත් මුදල් විශුද්ධිකරණයට ලක් කිරීමටත් ක්‍රියා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ සොයුරියගේ හිටපු සැමියා වන ආර් ජී සුදත් කුමාර රිමාන්ඩ් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුගේ අනියම් බිරිය ඇප පිට මුදා හැරීය.
බී ජී නදීෂා නිල්මිනී රුපියල් 35000ක මුදල් හා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරිනු ලැබුවාය.
ඇගේ ගමන් බලපත්‍රය ද තහනම් කැරිණි.
වෙලේ සුදාට අයත් හෙරොයින් විකිණීමෙන් ලැබුණු මුදල් බව කියන රුපියල් ලක්ෂ 240ක් සුදත් කුමාර ළඟ තිබූ බවත්, එම මුදලින් රුපියල් ලක්ෂ 160ක් නීත්‍යනුකූල මුදල් බවට පත් කිරීම සඳහා ඇගේ බැංකු ගිණුමේ තැන්පත් කර ඇතැයි ද රහස් පොලිසිය අධිකරණයට කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන විදියට වෙලේ සුදත් අර කේ.පි. ල වගේ නඩු නැතුව වැඩේ ගොඩින් බේර ගෙන නිදහස් වේවි (නදී)
ඉතින් වෙලේසුදාව හිරේ යවන්න මෙම සාක්ෂිම මදිද ? (නි)
වෙලේ සුදාට නඩු දාලා තියෙන්නේ. ඔහු කුඩු මිලිග්‍රෑම් 80 ක්ම ළඟ තබාගෙන ඉඳලා තියෙනවා. (නදී)