ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට එරෙහි නඩුව දිගටම පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සැප්තැම්බර් 16 වැනිදාට අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (16) නියෝග කළේය.
වෙලේ සුදාගේ තොරතුරු ඇතුළත් ගල්කිස්ස පොලිසියේ තිබූ තොරතුරු පොත නැතිවීම හේතුවෙන් මෙම නඩුව දිගටම පවත්වාගෙන යනවාද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගීම හේතුවෙන් අධිකරණය මේ බව දන්වා ඇත. 2000 වසරේ මැයි මාසයේදී හෙරොයින් ග්රෑම් 6.07 ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වෙලේ සුදාට මෙම නඩුව පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මගේ දෙවියනේ මොකක්ද මේ උනේ ? ජනාදිපතිතුමා ජාඇලදි මොකක්ද කිව්වේ? දැන් මොකක්ද මේ වෙන්නේ මටනමි හිතා ගන්න බැහැ අපි මෙි මොන රටකද ඉන්නේ කියලා (නදී)
චමල්, ඇයි සන්ධානෙන්, නිදහස් කරන්නේ ? යහපාලනයනේ. ඉතින් යහපාලන ජාතික ලැයිස්තුවට දා ගතහැකියි නේද ? (නදී)
මේක ඒ නඩුව නොවේ ,,,වෙලේ සුදාට නඩු කියක් තියෙනවද ,,මෙය ඉන් එකක් පමණි ,කට්ටියම පටලවා ගෙන වගේ ,,හදිසි නොවී හොයල බලා අදහස් දක්වන්න (ස)
මෙතන කතාව තේරුම් අරන් හිටියොත් හොඳයි නේද ? මේ කියන්නේ 2000 දාපු නඩුවක් ගැන. මෙයාව අල්ලපු නිසා අයින් කරලා තිබුනා. (නදී)
අර කුඩු කන්ටේනර්වල තිබුනේ ග්‍රෑම් හයද ? (නදී)
සුනිල් බබා! යහපලනයේදී හදිස්සියේම ඒ වගේ දේවල් වෙනවා.(නදී)
නීතියක් රීතියක් නැති ලංකාවේ මොනවද කරන්න බැරි?(ම)
මෙම ලිපි ගොනු ගැන වගකිව යුත්තේ එම ලිපි ගොනු තබා තිබු ස්ථානය භාරව සිටි මහම ලොක්කා. ඔහුට හරියට මොලයක් තිබුනා නම් මෙහෙම වෙන්නේ නැහැ. (නදී)
වෙලේ සුදා, ගල් සුදා, බැන්කු සුදා ඔක්කොම පයිල් වැනිෂ්...වල් පාලනයට ජයවේවා !(නදී)
මෙයා අංක එකේ කුඩු ජාවාරම් කාරයෙක් නේද. ඇයි ඒ දේවල් ගැන නඩු නැත්තේ? මෙච්චර අපරාද කාරයෙකුට ග්‍රෑරෑම් 6 නඩුදාල තියෙන්නේ. හිනා යනවා ලංකාවේ වැඩ ගැන. (නදී)
එතකොට ඔය නඩුව ගැන මොකුත්ම දන්නේ නැතිද ? බොහොම හොඳයි නීතිය පොතටම කරනවා ඔලුවේ කිසිම දෙයක් නැහැ. (නදී)
මහජන මුදල් නේද වියදම් කලේ හරියට ගෙදරින් ගෙනල්ලා වගේ ..? ඔය මිනිහව කාබුල්වලින් පාකිස්ථානෙට අරගෙන ගුවනින් ලංකාවට ගෙන්නන්න මුදල් වියදම් කළා නේද? ඇයි මේ උම්බෑවාවට ඇප දෙන්නේ ? එයාගෙන් වැය උණු සේරම මුදල් අය කරගන්නවා කියල කැමතිනම් මෙයාව නිදහස් කරන්න කියන්න. කළුකෝට්කාරයින්ට කෝටි ගානක් ගෙවල ඇති මෙලහට නිලියක් මාර්ගයෙන්. ඒ කයි දැන් නඩු පොත් බුතයෝ ගෙනිහින් තියෙන්නේ ? අපි නොදන්නා කළු කෝට්. (නදී)
කොයි මේ සත්‍යපාල ..? නඩුවට මොකද කරන්නේ කියල දැනගන්න ඕනේ මට ..? නිදහස් කරලා දානවනේ ..?සත්‍යපාලලගේ ඔළුගෙඩි පොල් ගෙඩිවගේ ඇස්ගෙඩි කවදා අැරේවිද ..? නීතියක් නැති එකම රට තමා ..ඉන්දියන් සාගරයේ බැබලෙන අපේ අමුතුඇටේ..?මගේ රට ගැන හදවතින්ම දුක්වෙනවා ..දේශපාලකයොයි ..නීතිය අතේ තියාගන ඉන්න අයයි සේරම එකයි. අපේ රට කෑව..? (ස)
නඩු දල තියෙන්නේ කුඩු ගෙනාවට නෙමෙයිනෙ. පකිස්තනෙට වෙලා සිල් රකින කොට දේශපාලන පලි ගනීමටනේ ගෙනල්ල නඩු දැම්මේ. නඩුව අයින් කරලා අනිත් දේශපාලන පලිගැනීමට ලක් උන අය ඉල්ලන පවුල් දේශපාලන පක්ෂයෙන් පාර්ලිමේන්තු යවන්න. (ස)
ඔයවගේ වැදගත් පොතක් බාරව හිටපු කෙනෙක් නැද්ද ? අනික තොරතුරුනේ නැතිවුනේ සාක්ෂිත් නැතිවුනාද? (නදී)
දැන් එතකොට වෙලේ සුදා සියඹලා ගෙනල්ලම නැහැ? මෙච්චර දඟලලා තියෙන්නේ ග්‍රෑම් 6 කටද? ඡන්දෙට කලින් එලියට දාන්න ඕනෑම නැහැ නේද? මේක පුදුම ලෝකයක්? (නදී)
මෙච්චර සද්ද කරලා නඩුව දාලා තියෙන්නේ හෙරොයින් ග්රෑම් 6 ක් ළඟ තියා ගත්ත කියලද? එකත් 2000 දී, 2005න් පස්සේ නෙවෙයි? කතා කරපු විදිහට මම හිතුවේ මිනිහ ළඟ හෙරොයින් කිලෝ ග්රෑම් 200 ක් තිබ්බා කියලා. (නදී)
නියම යහපාලනයක් නේද ? (නදී)
නඩුව අයින් කරලා නාමයෝජනා දෙමු සන්දානෙන් (නදී)
ඔබගේ වටිනා චන්දය දීමට සුදුස්සෙකු ලැබී තිබේ. ජයවේවා. (ස)
පකිස්ථානේ හැංගිලා හිටපු මෙයා නිදොස්කොට නිදහස් කරන්නද මේ ලංකාවට ගෙනත් තිබෙන්නේ? (ස)
ළමයිනේ,ලංකාව නම් කවදාවත් හැදෙන රටක් නෙමෙයි (නි)
එතකොට අර ගියර් බොක්ස් නැති ට්‍රැක්ටර් වල කුඩු ගෙනාවා කියපු කතාව මොකක්ද? (නි)
ඔය සමහර අය මඩ ගහන මහින්දගේ ආණ්ඩුව තිබුන්නා නම් මෙය ඡන්දෙ ඉල්ලනවා නොමේ, අර කුඩු පෙන්නන ගිහින් බෝම්බයක් විසි කරපු අයගොඩට ගිහින් සැහෙන කාලයක්. (අ)
දැන් අර පොලිසියේ පොත නැති උනෙත් යහපාලනෙන්ද? (නදී)
මෙයා චන්දෙ ඉල්ලුවොත් ඉහලින්ම දිනන බව මටනම් ඒකාන්තයි. මොකෝ අද රටේ වැඩිහරියක් ඉන්නේ මෙයාල නිසා වැනසුන පරපුරණේ. ඉතින් නොමිලේ කුඩු පැකට් එකක් දෙනවා කියල ඡන්දෙ ඉල්ලුවොත් අනිවාර්යෙන්ම ඔය ඔක්කොම ඡන්දෙ දෙයි මෙයාට.(නදී)