ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කරු වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගේ මෙරට ප්‍රධානතම නියෝජිතවරයා යැයි කියන සුරාජ් අහමඩ් නමැත්තා හබරණ මොරගහවැවදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අද (2) කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු දින 7 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත.
වෙලේ සුදාට අයත් බව කියන කොළඹ අවට තවත් සුවිසල් මන්දිර සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී ඇතැයිද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක විදියට නම් ඒ දවස් වල කිව්වේ මේකට දේශපලයෙකුයි පොලිසියේ කෙනෙකුයි සම්බන්ධයි කියලා. එයාලා කියනවා අපි අහනවා. හැමදාමත් මහජනයා පරාදයි. (හේ)
මම සිතන්නේ මෙම කුඩු නඩුවට කොහෙන් හෝ සල්ලි වලට හිරේ යන්න කැමති කෙනෙක් සොයා නඩුව උඩු යටිකුරු කරලා අවසන් කරාවි , අපේ අරයා එළියේ සැනසිමෙන් (නදී)
මේ කුඩු ජාවාරම් කරන්නේ බලවතුන්. මේවා පරීක්ෂා කරන්නෙත් ඔවුන්මයි. එහෙනම් ඊටවඩා දෙයක් කීමෙන් ඵලක් නොවේ. වෙලේ සුදාගේ මේ කරන පරීක්ෂණයට යටකරන අපේ මුදල් අපරාදේ කියලයි මට හිතෙන්නේ. (නි)
ඒක ආවත්,මේක ආවත් කොලොන්නාවේ එක්කෙනා ගොඞ.බලමු ඊලඟ ජන්දයකදි.. (නදී)
වෙලේ සුදා කියූ පමණින් ඔහුව අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්ණකරන්න පුළුවන්. දේශපාලුවන්ගේ නම් කියනකොට අත් අඩංගුවට පෙර විමර්සන කරන්න ඕනා. එකම රටක නීති දෙකක්. ආර්ථික සංවර්දනය කෙසේ වෙතත් නීතියවත් සාදාරන වෙන්න ඕනෑ නේද ? (නදී)
අපි ඔච්චර කල් හිතාගෙන හිටියෙ දකුණු අත අරයා කියලා. හෙට කියයි එයා නිදොස් කොට නිදහස් කියලා. යහපාලනය ලමයො යහපාලනය. (නදී)
ඔය කාව ඇල්ලුවත් වැඩක් නැහැ. ඔයාල නියෝජිතයෝ විතරයි. ප්‍රදාන කෙනා අර දෙන්නා. එයාලටත් එහා මහා අය ඉන්නවා .මෙයාලා දම්මලා තමයි කරන්නේ (නදී)
ඉස්සර මේවාගේ දේවල් වෙනකොට ආශ්චර්යය කිය කියා හිටි අයට දැන් පුළුවන්නේ යහපාලනය කියලා කියන්න. (ර)
වම් අත කොහෙද ඉන්නේ. සි අයි ඩී එකෙන් කට උත්තර ගත්ත උදවිය වම් අතට සම්බන්ද නැද්ද එතකොට? (නදී)
වෙලේ සුදාගේ දකුණු අත අල්ලා ගත්තට අර කොළඹ ප්‍රසිද්ද මන්ත්‍රීවරයව අත් අඩංගුවට ගන්නේ නැහැ. ඒවා සල්ලි වලින් වහලද ? එයාටත් මෛත්‍රී කරනවද ? (නදී)
දකුණු අත කොලොන්නාව පැත්තේ නෙමේද (නදී)
වෙලේ සුදාගේ හදවත තාම නිදැල්ලේ. එ්කට අතතියන්න කාටවත් බැහැ. (නදී)
පේනවා නේද හබරණ ලොකු ලොකු සෙල්ලම් වෙනවා කියලා. හබරණ සංචාරක කර්මාන්තය බහුලව සිදුවන ප්‍රදේශයක්. අලි පෙන්නලා සල්ලි හොයනවා මදිවට කුඩු විකුණලත් සල්ලි හොයනවා ඇති. රටේ අනාගත තරුණ පරපුර විනාශ කරන කුඩු ජාවාරම්කාරයින්ට කිසිම සමාවක් දෙන්න එපා. මෛත්‍රී ජනාදිපති තුමනි. උතුරුමැද ජනතාව බේරාගන්න. (නදී)
පොඩි පොඩි අය අල්ලලා වැඩක් නෑ.ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අල්ලන්න.(හේ)