IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙලේ සුදාගේ දකුණු අත හබරණදී අල්ලයි

ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කරු වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගේ මෙරට ප්‍රධානතම නියෝජිතවරයා යැයි කියන සුරාජ් අහමඩ් නමැත්තා හබරණ මොරගහවැවදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අද (2) කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු දින 7 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත.

වෙලේ සුදාට අයත් බව කියන කොළඹ අවට තවත් සුවිසල් මන්දිර සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී ඇතැයිද කියති.



අදහස් (0)

වෙලේ සුදාගේ දකුණු අත හබරණදී අල්ලයි

විජය Monday, 02 March 2015 10:12 AM

මට මතක විදියට නම් ඒ දවස් වල කිව්වේ මේකට දේශපලයෙකුයි පොලිසියේ කෙනෙකුයි සම්බන්ධයි කියලා. එයාලා කියනවා අපි අහනවා. හැමදාමත් මහජනයා පරාදයි. (හේ)

:       0       0

රිචි බාලසුරිය Monday, 02 March 2015 01:23 PM

මම සිතන්නේ මෙම කුඩු නඩුවට කොහෙන් හෝ සල්ලි වලට හිරේ යන්න කැමති කෙනෙක් සොයා නඩුව උඩු යටිකුරු කරලා අවසන් කරාවි , අපේ අරයා එළියේ සැනසිමෙන් (නදී)

:       0       0

චානක(ලොස් ඇන්ජලිස්) Monday, 02 March 2015 10:32 PM

මේ කුඩු ජාවාරම් කරන්නේ බලවතුන්. මේවා පරීක්ෂා කරන්නෙත් ඔවුන්මයි. එහෙනම් ඊටවඩා දෙයක් කීමෙන් ඵලක් නොවේ. වෙලේ සුදාගේ මේ කරන පරීක්ෂණයට යටකරන අපේ මුදල් අපරාදේ කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

ලාල් ජේ Tuesday, 03 March 2015 02:36 AM

ඒක ආවත්,මේක ආවත් කොලොන්නාවේ එක්කෙනා ගොඞ.බලමු ඊලඟ ජන්දයකදි.. (නදී)

:       0       0

රෝයි Tuesday, 03 March 2015 03:11 AM

වෙලේ සුදා කියූ පමණින් ඔහුව අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්ණකරන්න පුළුවන්. දේශපාලුවන්ගේ නම් කියනකොට අත් අඩංගුවට පෙර විමර්සන කරන්න ඕනා. එකම රටක නීති දෙකක්. ආර්ථික සංවර්දනය කෙසේ වෙතත් නීතියවත් සාදාරන වෙන්න ඕනෑ නේද ? (නදී)

:       0       0

මහේෂ් Monday, 02 March 2015 08:53 AM

අපි ඔච්චර කල් හිතාගෙන හිටියෙ දකුණු අත අරයා කියලා. හෙට කියයි එයා නිදොස් කොට නිදහස් කියලා. යහපාලනය ලමයො යහපාලනය. (නදී)

:       0       0

මගලී ෆොන්සේකා Monday, 02 March 2015 09:00 AM

ඔය කාව ඇල්ලුවත් වැඩක් නැහැ. ඔයාල නියෝජිතයෝ විතරයි. ප්‍රදාන කෙනා අර දෙන්නා. එයාලටත් එහා මහා අය ඉන්නවා .මෙයාලා දම්මලා තමයි කරන්නේ (නදී)

:       0       0

අප්පුහාමි Tuesday, 03 March 2015 06:10 AM

ඉස්සර මේවාගේ දේවල් වෙනකොට ආශ්චර්යය කිය කියා හිටි අයට දැන් පුළුවන්නේ යහපාලනය කියලා කියන්න. (ර)

:       0       0

ඉසුරන්දි Monday, 02 March 2015 09:14 AM

වම් අත කොහෙද ඉන්නේ. සි අයි ඩී එකෙන් කට උත්තර ගත්ත උදවිය වම් අතට සම්බන්ද නැද්ද එතකොට? (නදී)

:       0       0

යහම්පත් Monday, 02 March 2015 09:30 AM

වෙලේ සුදාගේ දකුණු අත අල්ලා ගත්තට අර කොළඹ ප්‍රසිද්ද මන්ත්‍රීවරයව අත් අඩංගුවට ගන්නේ නැහැ. ඒවා සල්ලි වලින් වහලද ? එයාටත් මෛත්‍රී කරනවද ? (නදී)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 09:44 AM

දකුණු අත කොලොන්නාව පැත්තේ නෙමේද (නදී)

:       0       0

ලලිත් - එස්.එල් Monday, 02 March 2015 10:00 AM

වෙලේ සුදාගේ හදවත තාම නිදැල්ලේ. එ්කට අතතියන්න කාටවත් බැහැ. (නදී)

:       0       0

නිලාන්(දෝහා ) කටාර් සිට Monday, 02 March 2015 10:00 AM

පේනවා නේද හබරණ ලොකු ලොකු සෙල්ලම් වෙනවා කියලා. හබරණ සංචාරක කර්මාන්තය බහුලව සිදුවන ප්‍රදේශයක්. අලි පෙන්නලා සල්ලි හොයනවා මදිවට කුඩු විකුණලත් සල්ලි හොයනවා ඇති. රටේ අනාගත තරුණ පරපුර විනාශ කරන කුඩු ජාවාරම්කාරයින්ට කිසිම සමාවක් දෙන්න එපා. මෛත්‍රී ජනාදිපති තුමනි. උතුරුමැද ජනතාව බේරාගන්න. (නදී)

:       0       0

ඇසළ Monday, 02 March 2015 10:06 AM

පොඩි පොඩි අය අල්ලලා වැඩක් නෑ.ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අල්ලන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site