රටින් පැන සිටින මත් කුඩු කෙරුමෙකු වන වෙලේ සුදාගේ ගෝලයෙකුට රුපියල් ලක්ෂ එක හමාරක පමණ කුඩු පැකට් 800 ක් ගංගොඩවිල උසාවිය ලගදී දෙන්නට ගිය ඔහුගේ අනියම් බිරිය ඇතුළු තිදෙනෙක් මිරිහාන පොලිසියේ විශේෂ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බන්ධනාගාරයේ සිට කළුබෝවිල ජැන්ඩි උසාවියට ගෙන ආ අවස්ථාවේ කුඩු ටික ඔහු අතට පත් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය සල්ලි හොයන්ට මින්සුන්ගේ ජීවිත විනාශ කානවා. ශාප වේවා මුන්ට!! (අ)
මොනවා වුනත් ලඟදි ඉඳන් කුඩු අහුවෙනවා එක එක ප්‍රමාණ වලින්. ඒක සතුටට කරුණක්. නමුත් අවාසනාවට වගේ මේවා ගෙන්වන ලොකු මොළ අහුවෙන්නේ නැහැ. මම නම් විශ්වාස කරන්නේ ඒ අය කවුද කියන ඒක බලධාරීන් හොඳටම දන්නවා. එත් අපි තවම දියුණු නැහැ සත්‍යයට මුහුණ දෙන්න තරම්. (අ)
වෙලේ සුදාට කුඩු දෙන්න ගිහින් වලේ වැටුන මෙම ගැහැණිය ලැජ්ජාවක් නැති ගෑනු සංහතියටම නින්දාවක්. මේ කුඩු ලංකාවෙන් තුරන් කරන්න බැරි මේවා පසු පස සිටින බලවත් කොටසක් නිසා.(නදී)
"කළුබෝවිල ජැන්ඩි නැමැත්තා බන්ධනාගාරයේ සිට උසාවියට ගෙන ආ අවස්ථාවේ කුඩු ටික ඔහු අතට පත් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත" දැන් තේරෙනවද බලන්න නාලක.(නදී)
විශේෂ පොලිස් බලකායට අපගේ ප්‍රණාමය. මත් කුඩු පමණක් නොව අනෙකුත් සියලුම මත් වතුර මෙරටින් තුරන් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා.(නදී)
උපාලි , ලොකු මොළ මේ රටේ ජීවත් වෙන්නේ ප්ර්බුවරු හැටියට අනික මෙයාල උපයන එකෙන් කොටසක් මේ රටේ ඉහලම අතු වලටත් බෙදිලා යනවා මෙයාලට මොන ආන්ඩුවක් බලයට ආවත් අවුලකුත් නැහැ (අ)
කුඩු නතර කරන්න මෙහෙම බැහැ. මේවාට ඇබ්බැහි උන අය ලක්ෂ ගණනින් ඉන්නවා අපේ රටේ. මොවුන්ට ආදේශකයක් දෙන්න. එවිට ඔවුන් ටිකටික එයට හුරු වේවි. (අ)
ඕවා සේරම අර අමතක වෙච්ච කෙනාගේ. ඕවා රටේ මිනිස්සු දන්නෙව අනේ.(නදී)
අනේ මන්ද මම නම් කියන්න දන්නේ නෑ (අ)
දෙයිනේ,මේ මෝඩ මිනිස්සුන්ට තව කීවතාවක් මම පැහැදිලිකොරන්න ඕනෙද?(අ)
මේ අසුවන මත් කුඩු වෙන ක්‍රමයකින් පැත්තකින් නැවත හිමිකරුවන්ට ලැබෙනවද කියා සැකයක් ඇතිවෙනවා. මේ අල්ලන කුඩු වලට මොනවා වෙනවද කියා පසුව අප කවුරුත් දන්නේ නැහැ. එනිසා දන්නා කෙනෙක් සිටි නම් නොදන්නා අපව දැනුවත් කරන්න. (නි)
මොකද මේවා ගැන ලොකු ලොකු ඇත්තෝ මුනිවත රකිමින් නිහඩව ඉන්නෙ? අපට සැකයි හොදේ.... (නි)
පොලීසිය වහාම බල්ලන් පුහුණු කර කුඩු ඇල්ලීමට යොදා මරණ දණ්ඩනය වහාම ක්‍රියාත්මක කළ යුතුය (නි)
කළුබෝවිල ජැන්ඩි උසාවිය ??? ඒ මොකක්ද අනේ ඒ? (නි)