වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර හෙරොයින් ග්‍රෑම් 7.5ක් විකිණීමට ළඟ තබා ගත්තැයි කියන නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්කි අද (15) අවසන් විය.
නඩුව ඔප්පුවී ඇති හෙයින් වෙලේසුදාට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් ගමගේ මහත්මිය මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ සාක්කි සම්පිණ්ඩන දේශනය පවත්වමින් ඉල්ලා සිටියාය.
වෙළේ සුදා වෙනුවෙන් පෙනී සිටි සුරංග බණ්ඩාර මහතා විත්තියේ දේශනය පවත්වමින් නඩුව මුල සිටම අවුලක්යැයි ද, සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල ඔප්පු කර නැති හෙයින් වෙළේසුදා නිදහස් කරන්නැයි ද ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මෙයත් එක්ක ගනුදෙනු කළ අනිත් අය? (නි)
දැන් මොකක්ද දන්නෙ නැහැ අවසාන තීන්දුව? (නි)
කොහොමහරි අන්තිමට වෙලේ සුදා නිදහස් වෙනවා නම් මට ඒ ඇති (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (බ)
මොහුට දැඩි දඩුවම් ලබා දෙන්න.(හේ)
අනේ! මෙයා ගාව ග්‍රෑම් හතයිද තිබිලා තියෙන්නෙ? (නි)
මෙයාව නිදහස් කරනවාද එතකොට? (නි)
ග්‍රෑම් 7.5ක් ? එතකොට කිලෝ ගණන්, කන්ටේනර් ගණන් ගෙනාවා කියලා කලින් කිවුව කතා මොනවද? අපි මේ නොදන්නා නිසයි අහන්නේ (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)