ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ නම හැදුණේ කෙසේදැයි අධිකරණය අද (12) ඔහුගෙන් විමසීය.
තමාගේ කඩවත පිහිටි නිවස අසල වෙලක් තිබූ බවත් කුඩා කල සිටම නෑදෑ හිත මිතුරන් තමාව ඇමතුවේ ‘සුදා‘ යන නමින් බවත් ඔහු කීවේය. ඒ අනුව පසුකලෙක ‘වෙලේ සුදා‘ යන නමින් හිතවතුන් තමාට ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් ඒ නම ලැබී ඇතැයි ඔහු උසාවියට කරුණු පැහැදිලි කළේය.
මීට පෙර තම සහෝදරයාට වෙලේ සුදා යන නම ඇතැමුන් භාවිතා කළද පසු කලෙක එම නමින් තමා අමතනු ලැබූ බව ඔහු කීවේය.
මුල් කාලයේදී අන්නාසි, පොල් වැනි දෑ විකිණීමෙන් ජීවිකාව ගෙන ගිය වෙලේ සුදා පසුව ජාත්‍යන්තර පාසල්වලට තම දරුවන් යැවීමට සිදුවූ නිසා එම පාසල අසලින් තට්ටු නිවාසයක් මිලට ගත් බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝරු මෝරු එළියේ හාල්මැස්සෝ ඇතුලේ (බ)
ටික දවසක් ඉවසගෙන ඉන්න. මහරජා එනකල්. නොමිනේෂන් නොලැබුණු ඔබේ ගජයට එතකොට තැනක් ඒවි. (බ)
අහිංසකයෙක් අල්ලාගෙන නිකන් වද දෙනවා. (බ)
පිවිතුරු යහපාලගේ ප්‍රතිචාරයෙන් තේරෙනවා නේද අපි කොහොම මාරකයක්ද පන්නා ගත්තේ කියලා (නි)
අපිටත් දැනගන්න පළකළ එක හොඳයි (නි)
පුදුම දියුණුවීමක්නේ වෙලා තියෙන්නේ? (නි)
සාටක සුදා නම හොඳයි (ම)
බලනකොට වෙලේ සුදා පවු නේද? (නි)
පාකිස්තානෙන් ගේනවා ... තමිල්නාඩුවෙන් බෙදනවා ..... සිංහලයෝ මැරෙනවා ........ (නි)
ඒ මනුස්සයා අසරණයෙක් එහෙත් ඔහු අපරාධකාරයෙක් කළේ දේශපාලකයෝ (ම).
පොල් සහ අන්නාසි විකුණලා කොහොමද තට්ටු නිවාසයක් ගහන්න සල්ලි එකතු කරන්නේ? (ම)
කුඩු සුදා කියනවට වඩා නම්බුකාරයි (බ)
වෙලේ සුදා කියන්නේ "ඉන්න තැනක් නැතිව වෙලේගෙයක් හදන් හිටිනිසා". මුට මුල අමතක වෙලා. දැන් ඒ.සී නැතුව ඉන්න බැරිලු . (අ)
ඔය කියන්නේ දෙහිවල "කඩවත පාරේ" නේද? (අ)
අත්තිඩිය වෙලේ බඩෝවිට ප‍්‍රදේශයේ කසිප්පු වික්කේ වෙලේ සුදා නමින්...වෙලේ සුදා කියන්නේ නමින්.... (නදී)
මේ රටේ තිබෙන අවස්ථාවාදී දේශපාලනය නිසා දුක් විඳින්නේ කොහේවත් ඉන්න අසරණ පුද්ගලයින්. බන්ධනාගාර වල ඉන්න අයගෙන් වැඩි පිරිසක් ඒ වගේ අය.හැබයි කවුරුත් දැනගන්න ඕනෑ නරක වැඩකට කාගේ හෝ පෙළඹීම මතවත් යොමුවන්න හොඳ නැති බව.බලන්න ඔය පුද්ගලයාගේ දරුවො පවුලේ අය දැන් පත්වෙලා ඉන්න තත්වය..අනික අපි කවුරුත් අයුත්තිසහගතව වැඩක් කළොත් ඒක පටිසන් දෙනවා. (නි)
වෙලේ සුදාගේ නම හැදුන හැටි නෙමෙයි මෙච්චර ලොකු කුඩු කාරයෙක් උනේ කොහොමද කියල ඇහුවා නම් නේද හොඳ? (නදී)
තමුන්ගේ අවාසනාවන්ත ජීවිතයට වඩා උසස් ජීවිතයක් තම දරුවාට දෙන්න නේද මේ පියාට ඕනෑ කළේ? සාධාරන වුණත් අසාධාරන වුණත් ඥාති සංග්‍රහය වැරැද්දක් විදිහට මම දකින්නේ නැහැ. (නි)
උසාවියත් අහන දේවල්? (නි)
දුමින්දය කෝ කියල ඇහුවේ නැත්තෙ ඇය දන්නේ නැහැ (බ)