මුල්ලේරියාවේ වැලි ප‍්‍රවාහනය කරන ව්‍යාපාරිකයකුගේ නිවසේ අල්මාරියේ තිබී ගංජා කිලෝ අටහමාරක් සොයාගත් බව මිරිහාන කොට්ඨාස දුෂණ මර්දන අංශය කියයි. තණමල්විලින් ගෙන ආ බව කියන මේ ගංජා තොග වශයෙන් වැල්ලම්පිටියට හා මුල්ලේරියාවට බෙදාහරින බවත් එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරක් බවත් පොලිසිය කියයි. රුපියල් පනහේ සිට පන්සියය දක්වා ගංජා පැකට් අලෙවි කරන බව කියති. ගංජා කිලෝවක වීදි වටිනාකම රුපියල් 15500කි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලි මුදලාලිගේ අනික් ගෝලබාලයින‍්ගේ අලිමාරි වලටත් නහය දාලා බැලුවනම් මේ සුවද මයි එන්නේ
මා දන්න විදියට නම් ගංජා, අබිං කියන්නේ ඖෂධ.දේශීය දේ ආරක්ෂා කර ගන්න එක නේද කරන්න ඕනි
ලොකු ලොක්කන්ගේ කුඩු අල්ලලා හිරේ යන්න වෙන්නේ පොලීසියට.එතකොට අලිබබා උඹ යනවද ඒ මිනිස්සුන්ව බේර ගන්න. ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? පොලිසියේ ඉන්නෙත් මිනිස්සු
මේ තරම් කුඩු කප්පිත්තෝ ඉන්දෙද්දි ඕකද අල්ලගත්තේ?
දැන් රට කාලා නීතිය නැති කරලා තියෙන්නේ.
කලිසමක් වත් හොරකම් කලා නම් ලොකු දඩුවමක් ලැබෙයි අඩු තරමේ දඩුවම් නියම කරන තුරු මාසයක් විතර රිමාන්ඩ් එකේ වත් තියි ගංජා තොගයක්නේ ඊටත් මුදලාලි කෙනෙක් ඕක මොකක්ද
මේ රටේ කොච්චර නීති රීති හැදුවත් කොච්චර නීති රීති දැඩි කළත් කවමදාකවත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම නතර කරන්න තවමත් බැරි වුනානේ. හෙරොයින් පමණක් නෙවෙයි සියළුම මත්ද්‍රව්‍ය වර්ග සම්පූර්ණයෙන්ම නතර කරන්න පියවර ගන්න
අර සංජා කියල කෑමකුත් තියෙනවා. නිංජාකියල සටන්කලාවක් තියෙනවා. මේක ගංජා බලන්න. අකුරු අතර පොඩි වෙනසයිනේ. කොහොම වෙතත් පොලොසියේ මහත්තුරු මේ ගංජා අල්ලන්න හරි දක්සයි. තව මෙයිට වඩා භායානක මත්දුව්‍යය ජවාරමිකරැවන් ලංකාවේ මහ පරිමානයෙන් කොරගෙන යනවා. නමුත් ඒවා අල්ලන්න පොලොසියට අමාරැයි. එවැනි ඇත්තන්ව ඇල්ලුවොත් සමහරවිට ජොබිඑක ගහලා යන්නත් පුලුවන්. ඉතින් ගොඩ ඉදන් පීනන්න පුරුදුවෙනවා වගේ මොනවාහරි අල්ලන්න එපායැ. ඔය ගංජා කියන කොලවර්ගයේ ඉතාමත් ආකර්ශණීය සුවදක් තියෙනවා. පොලොසියෙ මහත්තුරැන්ට මෙ සුවද හොදට හුරරුයිවගේ. සමහරවිට පොලොසියෙ මහත්තුරැත් මෙවා පාවිචිචිකොරනවාද දන්නෑ. මම කොරනවයි කිවුවේ නෑ. කොරනවාද දන්නෑකියල කිවුවේ.
ඔක්කොම නවත්තලා වැලි ඇද්දනම් තමයි හොද
ගංජා ගහපු නැති පොලිසියේ මහත්තයෙක් ඉන්නවනම් අත් උස්සන්නකෝ .. කෝ නැහැ නේද?
හරියටම හරි ඉන්දු ඔබ !
උපාය දූතයොද අනේ මේ වටේට ඉන්නේ