(ජයන්ත සමරකෝන් )
මොනරාගල බන්ධනාගාරයේ අවශ්‍යතාවකට යැයි පවසමින් කුඹුක්කන් ඔයෙහි වැලි ගොඩ දැමූ බව කියන බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ සහ සිරකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් අද(26) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
සිරකරුවන් විසින් වැලි ගොඩදමන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
මේ වනවිට අත්අඩංගුවට ගත් පස්දෙනා මොනරාගල පොලීසියට බාර දී ඇත.
බලපත් නොමැතිව වැලි ගොඩදැමීම හා ඒවා ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බන්ධනාගාර වල ඉන්න නිලධාරීන් බහුතරයක් අමු හොරු, එහෙම නොවෙන්න, ඇතුලේ ඉන්න කුඩු බිස්නස් කාරයන්.., කුඩු වෙළඳාම් කරන්නේ නැහැ. කුණ්ඩසාල එළිමහන් කඳවුරේ ඉන්න අය තමයි ඇතුළට කුඩු යවන්නේ. මොවුන් තමයි හිරේ ඉන්න කුඩුකාරයින් ලව්වා එළියේ කුඩු විකුණන්නේ...
වැටත්, නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව...?