කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්ව කුවේට් හි සුරක්ෂා නිවසේ රැඳී සිටි කාන්තාවන් 35 දෙනෙක් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත් වීමෙන් ඉකුත් 28 වැනිදා මෙරටට ගෙන්වා ගනු ලැබූහ.
විදේශ රැකියා අමාත්‍ය තලතා අතුරකෝරල මහත්මිය පසුගියදා කුවේට් රාජ්‍යයේ කළ සංචාරය අතරතුර එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිළධාරීන්ට දුන් උපදෙස් මත මොවුන් දිවයිනට ගෙන්වාගෙන ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 230 දරණ යානයෙන් මෙම පිරිස දිවයිනට පැමිණි බව කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. සේවා ගිවිසුම ඉක්මවීමට පෙර රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් ඔවුහු සුරක්‍ෂා නිවාසයට පැමිණියහ.
මේ වසරේ ගත වූ අට මාසයේ කුවේට් සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටි 1183 දෙනෙකු දිවයිනට ගෙන්වා ගෙන ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය යන්නේ මෙහෙ ඒජෙන්සිවලට විශාල මුදල් ගෙවල. ඒ වගේ එහේ එජෙන්සිවලිනුත් මෙහෙ ඒජෙන්සිවලට විශාල මුදල් ගෙවනවා. නමුත් මේ පාඩුව සහ මේ අයගේ වන්දිය මෙහෙ ඒජෙන්සිවලින් අය කරගන්න ඕන (බ)