IMG-LOGO

වැලි අවසරය අවලංගුයි

බැකෝ යන්ත්‍ර යොදාගෙන මීටියාගොඩ කිරිඳුවැල මහා පරිමාණයෙන් වැලි කැපීමක් නිසා විශාල පරිසර හානියක් සිදුව ඇති බවත් අවට ළිං සිඳී ගොස්  ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා පැවසුවේය. ගාලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී පැවසීය.

නලීන් හේවගේ මහතා මෙසේද පැවසීය.  ‘මම දන්නා තරමින් එතන අතින් වැලි කපන්නයි අවසර දීලා තියෙන්නේ. ඒත් බැකෝ යන්ත්‍ර යොදාගෙන වැලි කපනවා. වීශාල වශයෙන් පරිසරය විනාශ වෙලා. වටපිටාවේ ළිං හිඳිලා. ගමේ මිනිස්සු කියනවා නැවත බලපත්‍රය අළුත් කරගෙන කියලා. මේ තරම් පරිසර විනාශයක් වෙද්දිත් බලපත්‍රය අළුත් කළේ කොහොමද?

ගෝනපිනුවල ප්‍රාදේශීය ලේකම් පී. එස්. දිසානායක මහත්මිය පැවසුවේ බලපත්‍රය අලුත් කිරීම සම්බන්ධව තමාට දැනුම්දී නොමැති බවත් වැලි කැපීම සම්බන්ධව දිගින් දිගටම ගැටලු ඇතිවූ බැවින් බලපත්‍රය අලුත් කිරීමේදි ඒ සම්බන්ධව සළකා බලන ලෙස නිර්දේශ කළ බවත්ය. මේ සම්බන්ධව කිසිම අවස්ථාවක පරිසර නිර්දේශයක් ලබා දී නොමැති බව මධ්‍යම පරිසර අධිකාරියේ  සහකාර අධ්‍යක්ෂිකා ඩී.එම්. ගජධීර මහත්මියද පැවසුවාය.

භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරී පැවසුවේ අදාල නිර්දේශ සහිතව බලපත්‍රය අළුත් කළ බවයි.

ප්‍රාදේශීය ලේකම්ගේ හෝ පරිසර අධිකාරියේ නිර්දේශ නොමැතිව බලපත්‍රය අලුත් කළේ කෙසේද යන්න සම්බන්ධව ගැටලු සහගත තත්ත්වයක් මතු වූ බැවින් අදාල සියලු පාර්ශවයන් කැඳවා තීරණයක් ගැනීමට දිසාපතිට පැවරීමටත් එතෙක් වැලි කැපීම තාවකාලිකව නතර කිරීමටත් සම්බන්ධීකරණ කමිටුවේ අවසාන තීරණය විය. 

 



අදහස් (0)

වැලි අවසරය අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site