කන්තලේ ගම් 10 ක් වල් අලි ප්‍රශ්නයෙන් මුදා ගැනීමේ අත් හදා බැලීමේ පියවරක් ලෙස හණ, බෝගන්විලා හා දෙහි වැටක් ඉදි කිරීමට කන්තලේ සිවිල් ආරක්ෂක බලකාය සැරසෙයි.
දැනටම එම ශාඛ රෝපණය කර ඇත. කන්තලේ වැවේ සිට අයිල්අඩිය දක්වා කිලෝමීටර 33 ක් දුරට රෝපණය කිරීමට යයි.
කන්තලේ සිවිල් ආරක්ෂක බලකායේ අණ දෙන නිලධාරී මේජර් පී.ඒ.එස්.කුමාර මෙම වැඩපිළිවෙළව භාරව කටයුතු කරයි.
චීනයේ මෙම ක්‍රමය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බව මේජර් කුමාර පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමීර, ඔබ හරි එහෙම නැත්නම් තේක්ක පැල පේලි තුන හතරක් හිටවලා බලාගත්තා නම් අලියට රිංගන්න බැහැ (නදී)
ඉතාම හොඳ අදහසක්. එතකොට දෙපැත්තේම ජීවිත වලට හානියක් නැහැ. දුක තමයි මේක කලින් ක්‍රියාත්මක කළානම් ගොඩක් වාසි වෙන්න තිබුන.. අහිංසක ජීවිත බේරෙන්න තිබුන. (බ)
මෙය සාර්ථක වේවා.! ප්‍රර්තනාවෙන් පමණක් නොවේ ක්‍රියාවෙන් මෙය සාර්ථක කරගන්න. ඔබට ජය.! (ර)
අපේ පරිසරයට හානියක් වෙන්නෙත් නැතුව, කරන්න හදන මේ වැඩේට අපි සියලු දෙනාගේ සුබ පැතුම්! සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ සද්ක්‍රියාව. (නි)
ඉතාම හොඳ වැඩක් (නි)
මේ උත්සාහය මම අගය කරමි. නමුත් විදුලි වැටක් හරියාකාරව නඩත්තු කරනවා නම් අලින් කිසි ලෙසකින් වත් ඇතුල් වෙන්නේ නෑ. විදුලි වැට සවි කරලා තිබුනට ඒකට වල් පැළෑටි , ගස්වල අතු සම්බන්ද වුනාම බැටරියේ බලය අඩු වෙනවා. එතකොට අලියට විදුලිය නිසා ඉවත්වීමට තරම් දැනීමක් ලැබෙන්නේ නෑ. එතකොට කම්බි කඩාගෙන ඇතුලට එනවා. නිකවැරටිය කිට්ටුව පිහිටි අපගේ ගොවිපොලක 2011 දී සවි කල කිලෝ මීටර් 3 ක් දිග විදුලි වැට අප ඉතා හොඳින් නඩත්තු කරනවා. අලින් ගෙන් මෙම ගොවිපොළට කිසිම හානියක් නෑ. (නදී)
මොනවා කරත් විදුලි වැට වගේ හරියන්නේ නැහැ මොකක්වත්. හරියට නඩත්තුව විතරයි ඕනි (දිල්)
බොහොම හොද ස්වභාවික උපක්‍රමයක්. (නදී)
මේකට හරියටම හරියන්නේ තල්. ළඟින් ළඟින් හිටවපු තල් ගස් අතරින් අලියාට යන්න බැහැ. (නි)
චීනයේ අලි ඉන්නවාද? (නි)
මම මේ හන වැටක් ගැන ලංකාදීපයේ එසැනට කිහිප වතාවක්ම අලින්ගෙන් සිදුවුණු අනතුරු ප්‍රවෘර්ති වලට ප්‍රතිචාර ලෙස ලිව්වා. හණ වැට සාර්ථකයි. හැබැයි දෙහි ගෙඩි කන්න නම් අලි හරි කැමතියි. දෙහි ගහක ආයු කාලය බොහෝ අඩුයි. බෝගන්විලා මේ වැඩේට ගැලපෙනවද කියල සැකයි. (නදී)
හොද අත්හද බැලීමක්. සාර්ථක වේවා. පටන්ගත්ත වගේ නෙමේ ඉතින් වට සැහෙන අවුරුදු කාලයක් අලියෙකුට තර්ජනයක් වෙන තරමට බලන්න එක තම ප්‍රධාන කාරණය. අපි හරි ප්‍රසිද්දයිනේ මුල්ගල් වලට පටන් ගනනි, තව දෙයක්, මන් කියවල තියෙනවා කෙන්යාව වගේ රට වල මී මැසී පෙට්ටි යොදාගන්නවා මේ වැඩේට සාර්ථකව. එකෙන් මිනිස්සුන්ට අදයමකුත් එනවා. අලි මීටර්500 පමණ දුරට එන්නේ නැහැලු. මේ ගැනත් අවදානය යොමුකලොත් හොද මගේ හිතේ. (අ)
චීනයේ වල් අලි ඉන්නවද ? (නදී)
හිරාන්, ඔබ හරි ආචාර්ය පුංචිහේවා දැනට ලංකාවෙත් මීමැසි පාලනය වන අලි පාලනය ගැන නිහඬව වැඩ (නදී)