කරුවලගස්වැව එගොඩපිටිය මොරියකුලම වසන්තිවැව ගම්මානයට ආ අලියකු එළවා ගැනීමට වනජීවී නිලධාරීහු ද ගම්මාසීහුද දැඩි වෙහෙසක් ගනිති. කොතරම් අලි වෙඩ් දැම්මද එම අලියා නොයන බව ගැමියෝ කියති.
කරුවලගස්වැව එගොඩපිටිය මොරියකුලම වසන්තිවැව ගම්මානයට ආ අලියකු එළවා ගැනීමට වනජීවී නිලධාරීහු ද ගම්මාසීහුද දැඩි වෙහෙසක් ගනිති. කොතරම් අලි වෙඩ් දැම්මද එම අලියා නොයන බව ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හීලැ අලි කොලොඹට වෙලා කචල් දමන කාලයේ ,වල අලියෙක් වත් ගමට ඇවිල්ලා ,කරදරයක් නොකර ගම්මුන්ගේ දුක සැප බලන එකත් කොච්චර ලොකු දෙයක්ද ?
මේවා සත්තුන්ගේ වනාන්තර. නරකද හම්බන්තොට නිවාස සංකීර්ණ හදල ජනතාව එහෙ පදිංචි කලොත්. අලුත් රැකියා අවස්ථා ඕන තරම් හම්බන්තොට තියෙනවා නේ. (නදී)
කිට්ටු කොරල අහන්න ඇමති කොමක් දෙනවා කැමතිද කියල වැඩ බැරි වෙන එකක් නෑ ප්‍රස්නේ තියෙන්නේ හදන්නේ මොන ඇමති කොමද කියල. (අ)
සිතන්නට හැකි මොලේ ඇති අලි මිනිසුන් ගැන නොසිතන කාලයක මේ සිව්පාවා ගැන විශ්වාසය තැබිය හැකිද? (නදී)
ටිකක් හොයලා බලන්න. අලියා කැලේට නොයන හේතුව. අලියාට කරදරයක් වෙලාද දන්නෙ නැහැනේ කැලේදි.(අ)
කිසි දාක නොවූ පරිදි වල් අලින් ගම් වැදීම අලින් මිය යාම මිනිසුන් මරා දැමීම කැලේ විනාශ කිරීමේ ප්‍රතිපලයයි. අලි සම්පත විනාස වීමට කලින් රජය යම් ආරක්ෂා කාරී වැඩ පිළිවෙලක් යොදාවිද? (නදී)
අයියෝ සිම්පල්නේ නරනප්පා. කෙලින්ම අලි වැඩ ඇමතිකම දෙන්න පුළුවන්.(නදී)
ඔව් දෙවිඳු, බලයට තියෙන තණ්හාවට නහිනවා මිසක් ඇත්තටම මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන රටට ආදරෙන් කරන දේශපාලනයක් අද නැහැ. ලෝකේ විනාශ වේගෙන යන්නේ මිනිස්සුන්ගේ මොළේ වැඩිකම නිසා කියලයි මං හිතන්නේ. (නි)
අනිවාර්යයෙන්ම උක් ගස් හෝ වගා පාලු ඇමතිකමක් දෙයි (නි)
මේ ප්‍රදේශය ගැන මම දන්නවා. යන්න හරියට පාරක් නැති, බොන්නවත් හරියට වතුර ටිකක් නැති ජීවත් වෙන්න නොමැරි මැරෙනා හරිම අසරණ මිනිස්සු ඉන්න, අති දුෂ්කර ප්‍රදේශයක්. වන අලින්ගෙනුත් කොතෙකුත් කරදර. ඡන්ද කාලෙට නම් දේශපාලකයො එනවා. සීනි බෝල දීලා යනවා. සැළකිය යුතු වැඩක් කරන්නෙ නැහැ (නි)
මේ අලින්ගේනම් පුදුම කරදරයක්නේ තියෙනේ ගමේ මිනිසුන්ට පාඩුවේ ජිවත් වෙනවත් නැනේ.(නදී)
වල අලියෙක් වෙලත් බලන්නකෝ පාඩුවේ ඉන්න ලස්සන.අපේ මේ අයට වඩා මොළේ තියෙන පාටයි. (නි)
අර අලියා ගමේ යට මොනවද බෙදන්න? (අ)
අලියා ඉන්නේ එයාලගේ ඉඩම් වල මිනිස්සු ගිහින් ඒවා බලෙන් අල්ලාගෙන ඒක නිසා අලියා ඉඩම දාලා යන එකක් නැහැ . මේ අසරණ මිනිස්සු ටික සුදුසු තැනක පදිංචි කරන්න.(නදී)
මේකේ ගමක පෙනුමක් නම් නැහැ තනිකරම ලස්සන කැලෑවක් නේ දන්නා තිබුනේ මිනිස්සු අලි ඉන්න කැලෑවකට වැදිලා කියල .(නදී)
අලියා පිරිමි සතා ද ,ගෑනු සතා ද ? ඇතා සොයාගන්න බැරුව ගමේ ඇති කියල එන්න ඇති. (අ)
බිරි අලියෙක්, ඔන්න ඔහේ ඉන්නදෙන්න, අලි වෙඩි රබර් බුලට් වැදුනම තමයි හිතේ තියාගෙන ඉදල මිනිස්සුන්ට පහර දෙන්නේ. මොකද අලින්ට මොලේ නැහැ කියලද හිතාගෙන ඉන්නේ .(අ)
මිනිස්සු කැලෑව එලිකරගෙන කැලෑවට යනකොට අලි ඉතින් ගමට නෑවිත් වෙන කොහේ යන්නද නේද.(අ)
අලියා ඉන්නේ කැළෑවේ. මිනිස්සුනේ කැළයට රිංගලා තියෙන්නේ? මේ නිසා තමයි අලි ඇවිල්ලා ගහන්නේ. වඩාත්ම බයටයි සත්තු එහෙම කරන්නේ . අලි වෙඩි දැම්මම තවත් කුලප්පු වෙනවා. අලි මෙහෙයුම් අසාර්ථක ක්‍රමයක් කියලා මුළු ලෝකෙම දන්නවා. අපේ අයට නොපෙනුනාට. ඉන්දියාවෙත් ජනාවාස සැළැස්මකට එකතැනක හදලා තියෙන්නේ. අලුතින් අපිට ගෙවල් නැහැ කියලා ගිහින් කැළේ අල්ලා ගන්න පස්සේ ඔප්පු හදවා ගැනීමක් ඒ රටේත් නැහැ. මේක ජාතික ප්‍රශ්නයක්. ආණ්ඩුව ලෝකේ ප්‍රශ්න විසදන්න යනවා රට මිනිස්සු විනාශ කරද්දී (නි)
අලි වෙඩි දාලවත් නොයන මේ අලියත් අර අලි ගොඩේ ඉන්න අහවල් අලියා වගෙයි.මට නම් හිතෙන්නේ එයාව ආදර්ශයට අරගෙන වගෙයි (නි)
සිතු කියන දේ තේරෙන පාලකයෝ නැහැ, මිනිස්සු එකතුවෙලා මේ ප්‍රශ්න චෝගම් එකටවත් කියන්න.රටයි සත්තුයි මිනිස්සුයි බේරෙනවා. (නි)
අපි කුලප්පු උනොත් සේරම කුඩු කරනවා (අ)
මේ අසරණ සතා වස තියල හක්කපටස් තියල වෙඩි තියල කවුරු හරි මරල දමයි. නැත්නම් ළිඳකට වැටෙයි ඉක්මනට කැලේකට එලවන්න නිලධාරී මහත්තුරු නැද්ද.(අ)
ස්තුතියි ලංකාදීපයට (නි)
රාජා කියන කතාව හරි. මේ අසරණයව කුලප්පු නොකර ඔන්න ඔහේ ඉන්න දෙන්න. කරදරයි නම් වන ජීවී මහත්වරුන්ට කියලා ඈතකට එළවන්න. සිරියාවන්ත සතෙක් (නි)
අලියා බිරි වෙන්න ඇති අලි වෙඩි ඇහෙන්නේ නැත්තේ (නි)
අර කට්ටියගේ වර්ගයේ කෙනෙක් වගේ.(නදී)
වසරකට 300 විතර මේ වගේ සත්තු මරනවා අපේ කැලෑවල. පැටවූ අල්ලන්නත් සංවිධානය වුණ මිනිස්සු වැඩ. හේතු නැති කරන්න ඕනෑ, අලි ගමට එන එක නවත්තන්න නම්. මෙහෙම වන වැස්ම විනාශ කරන්න ඉන්දියාවේවත් දෙන්නේ නැහැ එයාලා අපිට කීවට ඉඩම් බෙදන්න කියලා.? මේවටයි විපක්ෂයක් ඕනෑ. අපේ විපක්ෂයට මේවා පෙනෙන්නේ නැහැ. මිනිස්සු එකතුවෙලා පෙළපාලි යන්න ඕනෑ, විසදුම් කියලා දෙන්න ඕනෑ මේ ජාතික ප්‍රශ්නෙට. බලපෑම් නිසා සැලැස්මක් නැතිව මේවා කරන එක ජාතික අපරාධයක්! (නි)
ගැමි සුවද වහනය වන සුන්දර පරිසරයකට මටත් එන්න ඇත්නම් කියලා හිතුනා.(නදී)
මේකා අලින්ගේ විපක්ෂ නායකයා (නදී)
දැන් අර නායකයාව එලවන්නත් ඔය එක එක සද්ද දාන කොට ඇහුන් නෑ වගේ ඉන්න එක මෙයත් ඉගෙන ගෙන මගේ හිතේ... වෙඩි දැම්මත් යන්නේ නැහැ...(නදී)
අලි එලවන්නේ ගමේ මිනිස්සු. වන ජීවි එකේ අය කරන්නේ බලා ඉන්න එකද. මේ පින්තූරේ ඉන්න මනුස්සයා බය නැතිව ඉන්න හැටි. අලියා කුලප්පුවෙලා පැන්නුවොත් ඉතින් දෙවියන්නේ පිහිටයි. මිනිස්සු තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්නේ නැහැ.(නදී)