
(අංජුල මහික වීරරත්න)
වර්තමානය දෙස නොව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සියලුදෙනා එකට එක්ව ඉදිරියට යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සියලු පුරවැසියන් දායක කර ගනිමින් සමාජ, සංස්කෘතික, ආගමික සහ අධ්‍යාපනික වශයෙන් රට තුළ ශක්තිමත් පදනමක් ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ දිවංගත ඩී.බී. ජයතිලක මහතා ගෙන ගිය අන්දමේ වැඩපිළිවෙළක් නැවත රටට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සර උත්සවය අමතමිනි.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු කතානායක කරූ ජයසූරිය, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් ගොඩාක් මිනිස්සු අනාගතය ගැන හිතන්න අරන් තියෙන්නේ... ඡන්දයක් එනකල් බලාගෙන ඉන්නේ අනාගතය වෙනුවෙන් පළමු පියවර තියන්න...!
අපි අනාගතය ගැන හිතලා ඉවරයි .ඒ නිසා ඔබලාව පන්නන්න අපි සුදානම් වෙලා ඉන්නේ .ලැහැස්ති වෙයල්ලා කොට්ට මෙට්ට අකුලාගෙන හිර ගෙවල් වල ලගින්න
පට්ට හොරු එක්ක මොන ලංකාභිමානද, මේවා කරන අයගේ මොළේ තියෙන්නේ අහවල් තැන...වෙන්න ඇති
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සංවත්සර උත්සවය අමතන්නේ රට කාපු නාකි රැලක්. ඔක්කොම රට කාලා රටේ ජනතාවට තාමත් බණ කියනවා. ඔක්කොම කාලකන්ණි අපතයින් !!!
මෙච්චර කාලයක් රට විනාශ කරපු, දුර දැක්මක් නැති අය සෙට් එක තමයි ඔය ඉන්නේ...
පට්ට හොරු කණ්ඩායම...
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණහතම වැදියන්, ශාපවේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි.
වල් වහල් මෝඩ හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘද සාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය... අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලාට. කළකළ දේ පල පල දේ...
නාකි, කෝ තරුණ බෞද්ධ, තරුණයින්ට ආගමයි, ජාතියයි එපාකරපු අය එකපෙළට ඉන්න ලස්සන, දැක්කත් අප්පිරියයි...
පට්ට හොරෙක්, රටේ ආර්ථික ඝාතකයෙක් ළඟ තියාගෙන මෙයා අනාගතය ගැන කතා කරනවා. සාටකයෙන් ඇදගෙන ගිහින් නඩු දාලා කාපු සල්ලි ටික අයකර ගෙන හිරේදානවා. එතකොට අනාගතයට රුකුලක් වෙයි.
ලන්කාභිමානය වෙනුවට ලංකාවසානය වගේ මාතෘකාවක් දැම්මා නම් අකුදී, සජිත් වගේ දේශපාලකතුමාලාටත් මේ පින්තුරේ ඉඩ දෙන්න තිබුණා...