වෙරළු ඇහිඳින්න අයියා සහ අක්කා සමග කැලේට ගිය නෙළුව කොළොම්තොටුවේ දැරියක දෙබර ප්‍රහාරයකට ලක්වී මිය ගිය බව පොලීසිය කියයි. ඇගේ අක්කා සහ අයියාද රෝහල්ගත කරනු ලැබ සිටිති.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
වෙරළු ඇහිඳින්න ගිහින් දෙබරාට බිලිවේ
වරුණ Tuesday, 19 June 2012 02:43 PM
දෙබරු කන්නෑ....විදිනව. ඒකවත් දන්නෑ..?
සජී Monday, 18 June 2012 06:22 PM
කවුද බොලේ මේ අනික් සජී... මට නම් දැන් හිතා ගන්නවත් බෑ
Tuesday, 19 June 2012 03:07 PM
ඔබ අදහස් දක්වද්දී අර අසරණ ළමයි සහ දෙමාපියන් ගැන සිතන්න......
අමිල කටුනායක Monday, 18 June 2012 01:59 PM
පව් ඒ දරුවන් ..
කිරිමාටින් Monday, 18 June 2012 02:50 PM
මිනිස්සු වගේද දෙඹරු.....පුහ්....
නතාෂා සෙව්වන්දි Monday, 18 June 2012 02:20 PM
අපේ ලොකු මාමලගේ ගෙදරත් වෙරළු ඕන තරම් තියෙනවා.එත් එයාලාට නම් වෙරළු දැකලා දැකලම එපා වෙලා අපි එහෙ ගිහාම අක්කයි අයියයි අපිට වෙරළු කඩලා ගෙනත් දෙනවා.කඩෙන් නම් අපි වෙරළු ගන්නේ නැහැ.එත් අයියට මිසක මට නම් වැඩිය වෙරළු අම්මා කන්න දෙන්නෙත් නැහැ.දත් නරක් වෙනවා කියලා කහට වලට.එත් වෙරළු දෝසි අම්මා හැදුවම මම පීරියක්ම පුරවලා කනවා.හරිම රසයි.
ප්‍රියන්ති අල්විස් Monday, 18 June 2012 03:01 PM
අනේ මම නම් සල්ලි දීලාවත් වෙරළු ගෙදර ගෙනියන්නේ නැහැ.මම අපේ දුවලා දෙන්නටත් ඔය වගේ දේවල් කන්න එපා කියලා තියෙන්නේ.දැන් නම් දෙන්නම ක්ලාස් ගිහින් ගෙදර ආවාම මුළු ගෙදරම සද්ද පූජාව.මට කණක් ඇහිලා ඉන්න දෙන්නේ නැහැ.
ලාල් ගලබඩ ඉතාලියේ සිට Monday, 18 June 2012 03:05 PM
ආයිමත් ලංකාවට එන්නම ඕනේ අපිට ඉතින් වෙරළු දකින්න වත් .මෙහෙ නැති පළතුරක්නේ ඉතින් ඔය.
සඳමාලි Monday, 18 June 2012 02:30 PM
අනේ අක්කි ඔයාලගේ දිහා වෙරළු තියෙනවාද?වෙරළු කාපු කාලයක් මට මතක නැහැ.ඇයි අපේ අම්මි තාත්ති කියනවනේ ඕවා අපිට කන්න එපා කියලා.එයාලා ගෙනැත් දෙන දෙයක් විතරයි අපිට ඒ නිසා කන්න ලැබෙන්නේ.
කොරමාටින් Monday, 18 June 2012 03:10 PM
පිස්සු නේ ...මේ මලගෙදරක් වෙලා..........මෙයාල ඒ කාලේ වෙරළු කඩපුව ගැන කියවනවා....කොහෙද යන්නේ...මල්ලේ පොල්....
අයෝමි ශානිකා Monday, 18 June 2012 03:12 PM
වෙරළු හොඳ පළතුරක් නමුත් අනාරක්ෂිතව මෙසේ කුඩාදරුවන් අනතුරු කර ගැනීමට ඉඩ තිබෙන බැවින් ඔවුන් කෙරෙහි සැලකිලිමත් විය යුතුය.
ඉන්දික Monday, 18 June 2012 02:37 PM
බලාගෙන .....වෙරඵ ගහෙන් වැටෙයි !!
හේමන්ත Monday, 18 June 2012 03:20 PM
මැරිලා තියෙන්නේ අහිංසක දරුවෙක්.මේ අය දගලනවා වෙරලු කන්න.
පබෝධා හංසිනී Monday, 18 June 2012 03:20 PM
මමත් වෙරළු කන්න ආසයි තමයි.හැබැයි වෙරළු ගස්වල සමහරවිට මීවද, දෙබර වද,බඹර වද,දිමි ගොටු වැනි දේ බැද තිබෙන බව පෙනෙනවා.ඒ නිසා වෙරළු අහුලන්න යන විට ලොකු කෙනෙක් හරි වැඩිහිටියෙක් එක්ක හරි යන්න බලන්න.
ඉන්දු Monday, 18 June 2012 02:43 PM
අපේ දූලත් ගොඩක් ආස පළතුරක් තමයි වෙරළු.මම නම් කඩෙන් අරන් ඇවිත් දෙනවා මිසක් ළමයින්ව ගස් යටට යවන්නේ නැහැ කවදාවත්ම. අපේ වත්තේ තැඹිලි පොල් එහෙම තියෙන නිසා තවත් බයයි.ඇයි ගෙඩියක් එහෙම ඔලුවට වත් වට්ට ගනියිද දන්නේ නැහැනේ.ළමයි එක තැනක ඉන්න එකක්යෑ.
මාමා Monday, 18 June 2012 07:52 PM
සජී වෙරළු ගහ යට වෙරළු මල් සුවඳයි නේද .???
සජී Monday, 18 June 2012 03:29 PM
නතාෂා,ප්‍රියන්ති,සදමාලි අද ගුලි කාලා වගේ.මොනවද මේ පිස්සු කමෙන්ට්ස්?
ගාලු කොලුවා Monday, 18 June 2012 02:52 PM
පව් ළමයගේ අවාසනාව...
කෞශල්‍ය බස්නායක Monday, 18 June 2012 03:32 PM
දැන් හැම තැනම දෙඹරු.තැනක ඉගිලෙන දෙඹරු..තවත් තැනක කකුල් දෙකේ දෙඹරු.කොයි දෙඹරු වැඩිපුර විෂ සහිතද කියලා දන්නේ නැහැ. සමහර මිනිස්සුත් දෂ්ට කලාම දෙඹර විසයි. බොහෝවිට දෙබරුන්ගේ තැන උසුලන්නේ පිරිමි පාර්ශවය තමයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 18 June 2012 08:04 PM
කුඩා දරුවන්ව මෙසේ හුදකලාව වැඩිහිටියන් නැතුව නොයැවිය යුතුයි. වැදගත්ම දේ නම් තමන්ගේ ගෙවත්තේ මෙවැනි දෙබර කූඩුවක් බැද තිබුනේ නම් කුඩා දරුවන් නිවසේ සිටියේ නම් මෙවැනි අනතුරක් සිදුකර ගැනීමට ඉඩ ඇති බව දෙමව්පියන් දැනගත යුතු අතර එම දෙබර කූඩුව ඉවත් කර තිබුනේ නම් මෙවැනි අනතුරුක් සිදුවිය නොහැකිය
දිනූෂි නවරත්න Monday, 18 June 2012 03:36 PM
ආදරය කිරීමේදී මල නොතලා රොන් ගන්නා සමනලයෙකු මෙන් වියුයුතු බවයි පැවසෙන්නේ.නමුත් විෂ සහිත දෙඹරෙකු පරිදි හැසිරී තමන් ආදරය කරන ආදරවන්තිගේ මුළු ආත්මයම විනාශ කරන පිරිමින්ද සිටින බව පෙනී යයි.මේ නිසා සත්ව ලෝකයේ දෙඹරුන්ට වඩා මිනිස් ලොව පිරිමින්ගෙන් ප්‍රවේශම්වීම අනාගත ජීවිතය සැපවත් කරගැනීමට මඟකි.
ගිනිකසයා Monday, 18 June 2012 02:56 PM
ඒක හරිම වේදනාකාරී මරණයක් වෙන්න ඇති..කිසිවෙකුටත් එවන් මර්ණයක් නොවේවා !
කේ Monday, 18 June 2012 03:36 PM
මෙයාලගේ අදහස් හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයි..
වරුණ Monday, 18 June 2012 03:37 PM
කෝ මේ අයියනායක දෙයියෝ වැඩ ඉන්නේ කොහේද? මෙච්චර කැළෑ පාලුවො ඉන්නේ.විදපල්ලකෝ උන්ට.මේ අහිංසකයින්ටම විදින්නේ
වරුණ Monday, 18 June 2012 03:41 PM
ප්‍රියන්ති සද්ද නැතුවම දූලා දෙන්නෙක්ම හදාගෙන.ඒක නිසාද මේ පිරිමින්ට බනින්නේ.එක පාර නිවුන්නුද හම්බ වුණේ
නිර්මාණි වත්සලා Monday, 18 June 2012 03:02 PM
අක්කලා කියන එක ඇත්ත.අපේ ඉස්කෝලේ උ/පෙ ක්ලාස්වල අක්කි කෙනෙක් වහ බීලා ලොකු ප්‍රශ්නයකුත් වුනා ඔය වගේ දේකට හිත රිදිලා. එයා යාලු වෙලා හිටපු බෝයි වෙන කෙනෙක් එක්ක යාලුවෙලා. මේ බෝයි යාලු වෙලා තියෙන්නෙත් ඒ අක්කිගේ හොඳම යෙහෙලිය එක්ක නිසයි ඒ අක්කිට දරා ගන්න බැරිවෙලා තියෙන්නේ.ඒ අතින් නම් ඒවගේ අය දෙබරුන්ටත් අන්තයි තමයි..
ප්‍රසන්න Monday, 18 June 2012 03:05 PM
මේ කාන්තා පක්ෂයට මොකද මේ වෙන්න යන්නේ? දෙබරෙක් වත් ඇනලද?
මාතර කොල්ලා Monday, 18 June 2012 09:09 PM
අද කෙල්ලෝ වැඩියි අදහසුත් වැඩියි
අනුත්තරා Monday, 18 June 2012 03:45 PM
මම නම් ආයේ තනියම වෙරළු ඇහිදින්න වත්ත පහලට යන්නේ නැහැ.දවසක් එහෙම ගිහින් මගේ ඔලුවට දිමියෝ වැටිලා මගේ මුණයි ඇහ ලඟයි ඉදිමිලා ආවා දිමියෝ කාලා.පස්සේ ඩොක්ටර් ලගට යන්නත් වුනා.ඔයාලත් පරෙස්සමින්.
පාඨකයා Monday, 18 June 2012 03:46 PM
මිනිස්සු මැරිලත් මේ අයට විහිලු.මොකද හිතන් ඉන්නේ ඒ ගොල්ලෝ මැරෙන්නේ නෑ කියලා
සිල්වා Monday, 18 June 2012 08:49 PM
දරුවා ගැන දුක් වෙන්නෑ....වෙන වෙන වැඩකට නැති කතා කියනවා......
දේවිකා රත්නායක Monday, 18 June 2012 03:49 PM
මම නම් වෙරළු වලට වඩා ආස ජම්බු වලට.අපේ ගෙදරත් ජම්බු ගහක් තියෙනවා.සමහර කාලවලට එකේ ජම්බු ඉදිලා රතුම රතු පාටට ලස්සනට තියෙනවා.එතකොට ලේන්නු ඒ ගහ දිගේ උඩටයි පහළටයි බඩ ගගා ජම්බු කනවා .ඒ ගස්වල දෙබරු වගේ ලොකු සත්තු නැති වුනාට පුංචි පණුවෝ වගේ සත්තු හැදිලා ඉන්නවා.කූඹි නම් හරියට ඉන්නවා. සමහර දවස්වලට දළඹුවෝ ඉන්න නිසා පරිස්සමින් ගහ යටට යන්නේ.
රංගා ශානි Monday, 18 June 2012 03:15 PM
කුඩා දරුවන්ව මෙසේ අනාරක්ෂිත තැන්වලට හුදකලාව නොයැවිය යුතුය. මෙහි සිරස්තරලය දුටු විට මට එක්වරම සිතට නැඟුනේ මෙවැනි ස්ථානයක දී කුඩා දැරියකට මුහුණ පෑමට සිදුවිය හැකි වෙනත් ආකාරයේ අතවරයක් වැනි සිදුවීමකි.එබඳු සිදුවීම් පවා මෙවැනි අයුරින් හුදකලාවන කුඩා දැරියකට සිදුවීමට ඉඩ ඇතිබව යොවුන් දියණියකගේ මවක් ලෙස මගේ හිතට නැගී ආවා.
රංගා ශානි Monday, 18 June 2012 03:55 PM
කුඩා දරුවන්ව මෙසේ අනාරක්ෂිත තැන්වලට හුදකලාව නොයැවිය යුතුය. මෙහි සිරස්තරලය දුටු විට මට එක්වරම සිතට නැඟුනේ මෙවැනි ස්ථානයක දී කුඩා දැරියකට මුහුණ පෑමට සිදුවිය හැකි වෙනත් ආකාරයේ අතවරයක් වැනි සිදුවීමකි.එබඳු සිදුවීම් පවා මෙවැනි අයුරින් හුදකලාවන කුඩා දැරියකට සිදුවීමට ඉඩ ඇතිබව යොවුන් දියණියකගේ මවක් ලෙස මගේ හිතට නැගී ආවා.
මිහිර Wednesday, 20 June 2012 07:51 AM
මේ දරුවාට වයස අවුරුදු 4යි නේද? ඇයි මිනිසුනේ අනුකම්පාවක් ගෑවිලාම නැද්ද? ඒ දරුවාගේ මරණය ගැන විකාර අදහස් ලියන්නේ
චමෝදි Monday, 18 June 2012 04:03 PM
අපේ ලොකු අක්කා එක්ක යාලු වෙලා ඉන්න අයියා අපේ ගෙදර ආවාම සමහර දවස්වලට වෙරළු ගේනවා ලොකු අක්කට.ලොකු අක්කා මටයි පොඩි අක්කටයි මල්ලිටයි ගෙඩි දෙක තුනක් දීලා එයා අනිත් ඒවා සේරම කාලා දානවා.මමයි පොඩි අක්කියි කරන වැඩේ ලොකු අක්කා නැති වෙලාවට එයාගේ වෙරළු ටික කාලා දාන එක.ආයිමත් ලොකු අක්කා ඇවිත් බලනකාට අපි එයාගේ වෙරළු සෑහෙන්න කාලා.
හිමාලි මහේෂිකා අමරසිංහ Monday, 18 June 2012 03:27 PM
කුඩා දරුවන් හා දැරිවියන් අද අනාරක්ෂිත ස්ථානවලට හැකිතාක් නොයවා සිටීමට මව්වරුන් තරයේ වගබලාගත යුතු කාලවකවානුවකි.මන්ද සත්ව ලෝකේ බඹරාට හා දෙබරාට වඩා බියකරු නොමිනිස් බඹරු හා දෙබරු මිනිස් සමාජය අතර සුබලව සිටින බැවිනි.
එස්.එල්.ටී.කේ.2004 Monday, 18 June 2012 04:09 PM
මෙතන මරණයක් වෙලා තියෙන එක අස්සේ සමහරු අතීතයේ සොඳුරු මතක සහ සොබාසිරි වර්ණනා කරනවා
උපමාලි නිරෝධා Monday, 18 June 2012 04:11 PM
මගේ ගම ගම්පහ.අපේ පළාත්වලතේ වෙරළු වැහි වැහැලා.එත් අපේ අම්මලා නම් ඒවා ඇහිදින්න අපිට තනියම යන්න දෙන්නේ නැහැ. .ගස් යටයි උඩයි විවිධ සත්තු ඉන්නවා.කැලේ ගොඩක් වැවිලා නම් සර්පයින් පවා ඉන්නවා.
නන්දනී වෙත්තසිංහ මිය Monday, 18 June 2012 03:36 PM
මේ දුවණිය මියයෑම පිළිබඳ පුවත මටත් මහත්තයාටත් ලොකු දුකක්. මොකද අපේ දුවකුත් කුඩා කාලයේදීම ඩෙංගු උණ වැළඳී අප අතරින් සඳහටම සමු අරන් අදට වසර හතරක් සම්පූර්ණ වෙනවා.මොන ක්‍රමයකින් මිය ගියත් කුඩා කාලයේදී කුඩා දරුවෝ මේ විදිහට මරු තුරුළට යන එක දෙමව්පියන්ට නම් මොන තරම් දුකක්ද කියලා මම මගේ අත්දැකීම් තුලින් වටහාගෙන ඉන්නේ.මම මේ දෙමව්පියන් ගැන ඇත්තෙන්ම කණගාටුවෙනවා.
නිලා Wednesday, 20 June 2012 08:57 AM
මරණයක් වෙලා තියන කොට මෝඩ වෙරළු කතා කියන්න තරම් මිනිස්සුන් නොමිනිසුන් වෙලා ..
විජය Monday, 18 June 2012 11:26 PM
දරුවන්ව මීට වඩා පරිස්සම් කරන්න බලන්න
අලිබබා Monday, 18 June 2012 03:45 PM
චූටි ලස්සන කෙල්ලෝ ටිකක්.මට ආසාවේ බැහැ.හිච්චි පිංචි පුංචි පැංචි මෙහෙම ඈයෝ ඉන්නවා නම් දෙන්නම්කෝ මල්ලක් පුරවලා වෙරළු කඩලා.දොම් දොම්කිට..රම්පෙට පොරි පොකුරු පොකුරු වෙන්න..
ප්‍රියන්ති අල්විස් Monday, 18 June 2012 03:48 PM
වරුණ ඔයා ඉතින් කෙල්ලන්ටමනේ ලයින් එක දාන්නේ.අපි හිටියට ඇහැක් ඇරලා බලන එකක්යෑ.මම දුවලට වඩා ලස්සනයි දන්නවද
දයා,saudi Monday, 18 June 2012 04:28 PM
මෙතන වෙලා තියෙන්නේ ශෝචනීය දෙයක්.ඒත් පිස්සියෝ කට්ටියකට වෙන දෙයක් මතක් වෙලා
කිරිමාටින් Monday, 18 June 2012 03:50 PM
නන්දනී අක්කේ,ඔයා වෙරලු කාලා නැද්ද පොඩි කාලේ
ශ්‍යාමලී Monday, 18 June 2012 03:51 PM
කුඩා දරුවන් විතරක් නෙවෙයි ලොකු කෙනෙකුට ඇන්නත් දෙබරු විසයිනේ ඉතින් අම්මලා දැන ගන්න ඕනේ දරුවන්ව පරෙස්සම් කරගන්න. මහත්තයා රට ඉන්න කාලේදී වත් මම කවදාවත් දරුවන්ව අම්මලා ගාව දාලා කොහේවත් ගියේ නැහැ.මොකද අපි වගේම පරෙස්සමින් දරුවෝ ගැන වෙන අය බලාගන්නේ නැහැ කියලා මම දන්නවා.
ශෂිකලා Monday, 18 June 2012 04:35 PM
අපේ ඉස්කෝලේ ගේට්ටුව ගාවට එනවා වෙරළු තම්බලා ලුණු කුඩු දාලා විකුණන්න. මම හරිම ආසයි ඒවට.එත් අම්මා බනිනවා ඌෂ්ණයි කන්න එපා කියලා.යාලුවොත් එක්ක මම හොරෙන් කනවා.
ජීවක Monday, 18 June 2012 04:37 PM
මියගිය අයට නිවන් සුව! මේකේ කමෙන්ට්ස් දාන වැඩිහිටියෝ දරුවන්ව ගස් යටට යවන්න මාර භයක් තියෙන්නේ. ඒත් භය නැතුව බස් වල යවනවා.කැම්පස් වලට යවනවා.ඒවා කමක් නෑ
නලිනි මධුශංකි Monday, 18 June 2012 04:38 PM
මටත් ලොකු දුකක් දැනුනා පව්.මෙහෙම චූටි නංගි බබලා නැති වෙන එක හරි පව්.මට හරි දුකයි.අනේ එයාට රිදෙන්න ඇති දෙබරු අනිනකොට පව් අනේ.
ගොඩයා Monday, 18 June 2012 04:03 PM
මම නම් ආස වෙරලු මල් සුවදට.ඔය නංගිලා වෙරලු මල් සුවද බලලා තියෙනවද?
අලිබබා Monday, 18 June 2012 04:44 PM
නියම අලිබබා මෙහි අදහස් පලකර ඇති පුද්ගලයන්ගේ තත්වයන් දකින කල ඇත්තෙන්ම මෙවැන්න සිටිනා තාක්කල් ලංකාවට යහපතක් වන්නේම නැත. නමුත් අර මරණයටපත් දරුවා සහ එම කරදරයට ලක්වු පවුල් දරුවන් කෙරෙහි මෙයට වඩා කල්පනාකාරීව කටයුතු කරන්නේනමි මෙවැනි විපත්වලින් බේරීමට බොහෝ දුරට පුලුවන.
රාජිත් මංජුල Monday, 18 June 2012 04:06 PM
ඇමතිතුමාට කියන්නේ බඹරු, දෙබරු, අලි,බූරුවෝ ඔක්කොම ආරක්ෂා කරන්න කියලද ?
රජිත් Monday, 18 June 2012 04:10 PM
සීගිරියෙනුත් හෙට අනිද්දට ඔය වගේ ආරංචියක් එයි
කෝලිත Tuesday, 19 June 2012 01:21 AM
දුප්පත් අහින්සක දරුවෙක් මිය ගිහින් අහින්සක ලෙස ..නමුත්...අම්මල කතා කරන්නේ එයාලගේ දරුවෝ කර නොකර ඒවා ගැන .... වෙරළු කන්න ගියේ ඇයි ඇපල් නොකා කියල නොඇහුවා පුදුමයි....
අමල් Monday, 18 June 2012 04:16 PM
පවුකාර මිනිස්සු.මෙච්චර අසරණ දරුවට වඩා වෙරලු ගෙඩිය ලොකු වෙලා
ඇමතිතුමා Tuesday, 19 June 2012 02:24 AM
හොඳ වෙලාවට මේක සීගිරියේ නෙමෙයි වෙලා තියෙන්නේ .මට සීගිරි බඹරු පිහිටයි...
වරුණ Monday, 18 June 2012 05:12 PM
ප්‍රියන්ති,අපි ඕවට නෑ.දැන් අපි කෙල්ලෝ දිහා බලන එක නවත්තලා තියෙන්නේ.කැමති නම් ඇහැක් වහලා බලන්න පුලුවන්
සජී Monday, 18 June 2012 05:16 PM
මට මතකයි මම පොඩි කාලේ, අපේ අක්කයි එයා බදින්න ඉන්න අයියයි, මමයි වෙරළු අහුලන්න ලදු කැලාවට යනවා, එයාල වෙරළු ගහ ලගට යන්නේ මාව මග නතර කරලා, වෙරළු ගහ ලග ලොකු දෙබර කුඩුවක් තියන නිසාලු මාව මග නතර කරලා යන්නේ..
හූනා Tuesday, 19 June 2012 03:26 AM
දෙබරු 7 කෑවොත් නයි විස කියල මම අහල තියෙනවා..
පැටිරික් Tuesday, 19 June 2012 08:21 PM
මළ ගෙයක් වෙලා දුක් වෙද්දි තව කට්ටියකට වෙරලු කන්න ආසාවක් ඇතිවෙලා.ඩොක්ටර් කෙනෙක් ළගට ගිහින් මුත්‍රා එකක් බලා ගන්න