විදේශ ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබාගත් බව කියන ශෂී වීරවංශ ද තවත් නඩුවකට පෙනී සිටීම සඳහා ඇගේ සැමියා වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ද අද (18) කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණ සිටිති.
විමල් වීරවංශ ඇතුළු හය දෙනෙක් අධිකරණයට පැමිණ ඇත්තේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පැමිණි දවසේ කොළඹ තුම්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ නීති විරෝධී විරෝධතාවයක් හේතුවෙනි.
විමල් වීරවංශ, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි ව්ජේනායක, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, නියෝජ්‍ය සභාපතිවරුන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න ඇතුළු හය දෙනෙක් ඊට හවුල් වී යැයි පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප නියම වූ විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ ඇප ලියැවිලිවලට අත්සන් කරන තුරු ඔවුහු අධිකරණ සිරමැදිරියේ රඳවනු ලැබූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ දැවෙන ප්‍රශ්න දහසක් තියෙද්දී මිනිසුන්ව රවට්ටන්න කරන තවත් උත්සහයක්. සමහරු කතා කරන්නේ මේ ආණ්ඩුවේ හොරු නැහැ වගෙයි. මහබැංකු වංචාව ගැන වචනයක් කතා කරනවද කවුරුවත්? (නි)
සාමාන්‍ය මිනිහෙක් මෙවැනි වැරද්දක් කළානම් දෙන දඩුවම කොහොමද? (බ)
ජනපතිවරණයට කලින්ද මිනිසුන් දුටුවෙමු. ප්‍රතිපලය නිස්පලම විය. (ර)
"අඩු කලේ සෙලවීම නිසා වෙයි අඩු කලේ- පිරුන කලේ දිය නොසැලේ.."මේ බව නොතේරෙන අසරණයෝ තවත් සිටිති. (ර)
වීරවංශ මහත්තයෝ, බල්ලෝ බිරුවට කඳු පහත්වෙන්නේ නැහැ කියලා අපි එදා ඉඳලා කිවුවනේ (නි)
නියමයි. ජයවේවා! ඔබතුමා ඉදිරියටම යන්න. සත්‍යය ජයගන්නවා (නි)
අපිට සතුටුයි මේ ලබාදුන් තීරණය ගැන (නි)
දිලිප්, ඕක අහන්න පොලිසියෙන්. (නි)
මේ දේවල් වලින් අපිට වැඩක් නැහැ. රටට වැඩක් කර පෙන්වන්න (නි)
කොහොමද ඊයේ රැස්වීමේ ප්‍රතිපලය. අයෙත් රැස්වීම් තියල කරදර කරනවා එහෙම නොවෙයි. (ර)
වැරැදි කර ඇත්නම් නිතිය ඉදිරියට ගෙන ආ යුතුයි. (ර)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. (ර)
විමලගේ කතාවනම් බෝධිසත්වයෙක් වගේ (අ)
අපිට ඕව ගාණක් නැහැ.කවුරු මොනා කරල තිබුණත් අපි ඒකාබද්ධ විපක්ෂේටමයි .මොකද හොර බොරු නොකරපු අයද දැන් යහපාලනයේ ඉන්නේ (අ)
මේ විදහියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරගන්න හොරුන්ව ෂෙප් කරගන්න ගියොත් වෙන්නේ කම්බ හොරු ටික ආයේ ඔලුව උස්සනවා. පළමුවෙන්ම කළ යුත්තේ හොරුන්ගේ ලොකු ගිණුම් තහනම් කරන එක. ඊට පස්සේ නඩු අහන්න. එතකොට හොරුන්ට දූෂණ යට ගහන්න කළු සල්ලි පාවිච්චි කරන්න බෑ. (අ)
ඇයි දඩුවම පරක්කු (බ)
මීට වඩා මෙයාගේ මූල්‍ය අපරාධ චෝදනා ගැන නඩු විභාග කිරීම ඉක්මන් කළොත් නරකද? (බ)
අර එ්ඩ්ස් හැදුනා කියපු ළමයාගේ අම්මටත් නඩු දායිද දන්නේ නෑ අධ්‍යාපන කාර්යාලයේ රාජකාරියට බාදා වන විදියට උද්ගෝෂණය කළා කියලා.. (බ)
පව් අහිංසක මිනිස්සුන්ව මේවට ගාවන්න එපා ..(බ)
රැස්වීම් වලට සෙනග හිටියලු නමුත් චන්ද ප්‍රතිඵලයෙන් කියවුනේ වෙන දෙයක්ලු. කුමා, එච් පෙරෙරා මොකක්ද මේ කියන්න හදන්නෙ.(රේ)
ඊයේ ඉබ්බන්වල හන්දියේ සෙනග දැක්කේ නැති අන්ධයෝ ඉන්නවද? (ර)
දහම් සමහරු ඔවෙනි දේවල් බලන්නේ කටින් (බ)
බස් වලින් සෙනඟ ගෙනාවට අපි මොනවා කරන්නද දහම්, සුනිල්? (නි)
වීරවංශ මහත්තයෝ, කිසිම දේකින් සැළෙන්න එපා (නි)
ඔබට ජයවේවා! අපි ඔබ සමඟ කවදත් ඉන්නවා (නි)
ඇප ලැබෙන බව අපි දන්නවා. (නි)
ඊයේ සෙනග දැකල පිස්සු වැටිලා. (ර)
දහම්, ඉස්සරත් ඔය වගේ ආ සෙනඟ තමයි අවුරුදු දෙකකට කලින්ම යන්න ටිකට් කැපුවේ. හරිහමන් සිනමාවක් නැති රටේ මහජනයාත් මොනවා හෝ බලන්න යන්න එපැයි. (නි)
මීටවඩා මෙයාගේ මූල්‍ය අපරාධ චෝදනා ගැන නඩු විභාග කිරීම ඉක්මන් කළොත් නරකද? (නි)
වෛරය, පළිගැනීම. ඔන්න මේවා තමා රටේ සංවර්ධනය. වෙන මොනවද? (නි)
මහමැතිවරණයට කලින් නම් ලක්ෂ 58ක් හිටියා නේද?දැන් ගාන ලක්ෂ කීයද දන්නේ නැහැ? (නි)
එහෙනම් තුන්මුල්ලේ විමලේගේ කට්ටියත් කූඩුවුණා. කූඩුව ඇතුළෙත් කෑගැහුවද දන්නෙ නැහැ. (නි)
දහම්, කුරුවිට සුනිල්, ජනාධිපතිවරනයේත් මහාමැතිවරණයේත් මීට වඩා සෙනග හිටියා කියලා දැක්කනේ . එත් පස්සේ මොකද උනේ? (ර)
අපේ සිටපු ජනාධිපතිට බලය නැතිවන්න හේතුවක් මෙයාත්. එතුමා නොසිටින්න මේ අයට යන එන මං නැති වග දන්නා නිසා, ඔවුන් හිටපු ජනාධිපති නාමයෙන් නොයෙක් දේවල් කරනවා. එහෙත් ආපසු බලයක් ගන්න ලැබේදැයි සැකයි (නි)
මූල්‍ය අපරාධ චෝදනා ගැන විමර්ශන පහසුවෙන් හොයන්න අමාරුයි. ඒවා රාජ්‍ය සහයෝගයෙන් සහ සංවිධාන ලෙස මහා පරිමාණ සැළැස්මෙන් කරන ඒවා. ඒවා හරියට ඔප්පු කරන්න කල් ගතවෙනවා. (නි)