ව්‍යජ නම් සහ උපන්දින ඇතුළත් කර සාමාන්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර දෙකක් සකස් කළැයි සැකපිට හිටපු ඇමැති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය අද (22) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාලබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර කරන බවට ලද තොරතුරකට අනුව එහි ගිය විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඇය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
ඇය සඳුදා (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හිටියේ කොහොමද? ඕනෑවට වඩා නැටුවා. හොඳ වැඩේ (නි)
පොඩි අයට තමයි නීතිය. පහත් තැනින් යයි ගලා ජලේ කිවුවලු (නි)
ගමන් බලපත්‍ර දෙකක් ඇති පුද්ගලයන් ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. තව ටික දවසකින් මේකේ කිසි වරදක් නැහැ කියලා නිදහස් වෙයි. (නි)
තරාතිරම නොබලා දඬුවම් දෙන්න (නි)
නුගේගොඩ රැළියට ඇවිල්ලා කිව්වේ මොකක්ද? (නි)
රුපියල් 1000ක විතර ඇප අරගෙන ගෙදර යයිද දන්නෙ නැහැ (නි)
යන විදියට ඡන්දේ ඉල්ලනත් පුළුවන්.(හේ)
ඔන්න යහ පාලනේ වෙලේ සුදා නම් කියපු අය තාම එළියේ නුගේගොඩ රැස්වීමට තමයි මේ පලි ගත්තේ (නදී)
මෙතුමියගේ අසනීපය එක්තරා විදියක සුභ ආරංචියක් කියලා සඳහනක් තිබුණා මතකයි පහුගිය දවස්වල (දිල්)
වැරදි තුනයි..1.හොර උප්පැන්න සහතිකය 2.හොර ජාතික හැඳුනුම්පත 3.රාජ්‍ය නිලදරුවන්ට සත්‍ය වසන් කිරීම.(හේ)
මේ සිද්ධියේ අවසානය කුමක් සිදුවේද?(හේ)
කුමුදිනි වත්සලා, ඔයත් ඇත්තටම කාන්තාවක් නම් මෙහෙම කතා කරන්න එපා. ඇත්තටම ශෂී වීරවංස මහත්මිය ඔයාට පෞද්ගලිකව කළ වරද මොකද්ද. පොදුවේ කාන්තාවක් විදියට කතා කරන්න. මේක පෞද්ගලික පලි ගැනීමක් කියලා තේරෙන්නේ නැද්ද. වරදක් කළ නම් දඬුවම් දිය යුතුයි එහෙත් මේවගේ දෙකට හොද වැඩේ කියන එක නම් මිනිස් කමට නිගාවක්. (හේ)
මේකනම් ලොකුම ලොකු වැරැද්දක්.(හේ)
රණසිංහ නීති විරෝධී ලෙස ව්‍යාජ ලේඛන භාවිතය සහ සකස් කිරීම ලංකාවේ නීතියෙන් වරදක්. මේක කොහොමද දේශපාලන පලිගැනීමක් වෙන්නේ ? මගෙත් මතය මේක හොඳ වැඩක්. රටේ ව්‍යාජ ලේඛන හදන සියලු දෙනාටම පාඩමක් ඉගෙන ගන්න මේ අයට නීතියෙන් දඩුවම් කරන්න. (නදී)
මේ රණසිංහ, මමත් ගැහැණියෙක් තමයි. මට හොඳ නරක උගන්නන්න හදන්න එපා, අපි උප්පැන්න වෙනස් කරලා අවුරුදු 5කින් තිරිහන් වෙන්න හැදුවොත් අවුරුදු 20කට හිරේ යවයි (නදී)
රණසිංහ මහත්තයෝ මේක පෞගලික පලි ගැනීමක් වෙන්නේ නිවැරදි කාරියකට නැති වැරදි පැටවුණා නම් . මෙහෙම වුණොත් ස්ත්‍රී දුෂකයෙකුට විරුද්ධව නඩු දැම්මත් ඔබතුමාලා වගේ උදවිය කියාවි පෞගලික පලි ගැනීමක් කියලා. මේක නිසා ලංකාවේ හැම බවලතාටම නරක ආදර්ශයක් ලැබුන කියල ඔබතුමාට හිතෙන්නේ නැද්ද ? දේශපාලක බිරින්දා වරු අනෙක් කාන්තාවන්ට වැඩිය ආදර්ශමත් වෙන්න ඕන. (අ)
පිටිගල අයියේ, මෙයා කොහොමද පොඩි කෙනෙක් වෙන්නේ....? (ර)