කවුරුන් තමාත් තම බිරියත් මොන හිරේ දැම්මත් තම ඉදිරි දේශපාලන පියවර නොනවත්වන බව බිරිඳ ශෂී වීරවංශ අද (25) අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ හිටපු ඇමැති විමල් වීරවංශ මාධ්‍යවේදීන් හමුවේ කීවේය.
මේ තත්ත්වය මෙසේ ඇතිවේයැයි බලාපොරොත්තු වූ බවද කෙසේ වෙතත් සාධාරණත්වය පිළිබඳව තවමත් බලාපොරොත්තු තබා ඇතැයිද චෝදනා තොග හා සිල්ලර වශයෙන් පැටවු ගසන බවද එහිදී ඔහු පැවසීය.
වීඩියෝ - ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාට අපි අසාධාරණයක් කරනවද එහෙම? (නි)
උපන් වයසත් වෙනස් කරලා මොන සාධාරණත්වද? මේ අයවද අපි ඇමතිවරු කරගෙන හිටියේ. අනික මම දැනගන්න කැමතියි මෙයාගෙ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලත්. (නි)
වරදක් කළත් ටිකක් කට වහගෙන ඉන්නවා නම් මීට වඩා අනුකම්පාවක් ලැබෙනවා. කොහෙද, බැනුම්ම අහනවා ජනතාවගෙන්. මම හිතන්නේ නින්දෙනුත් යටිගිරියෙන් කෑගහනවා ඇති. (නි)
දැන්වත් වරද පිළිගෙන පැත්තකට වෙන්න. (නි)
රට යන හැමෝම වගේ ඔය වැඩේ කරනවා. ඕක සාමාන්‍ය දෙයක්. මැද පෙර දිග යන කාන්තාවන්ට ඒජන්සි වලින්ම හදල දෙනවා. බබාලා වගේ අදහස් දාන්න එපා. (නදී)
අපි නොදන්නා චෙස් කියලා කිව්වේ මෙන්න මේවට තමා. බලයේ ඉන්නතුරු සියල්ල කරලා දැන් මෙහෙම කියනවා. සාධාරණයක් වෙනවා මේ වාරයේ නම් නොවැරදීම. ඕකට තමා කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය කියලා. (නි)
විපක්ෂයේ සිටි කාලේ ඔබතුමාගෙන් රටට වූ සේවය අමිලයි. (නි)
අන්න නියමයි. ජයවේවා ඔබට! (නි)
විමල්ගේ දේශපාලන ගමන රටට සුබ ළකුණක් (නි)
විමල්ට අමතකද දන්නේ නැහැ අග විනිසුරුවරිය යවන කොමිසමේ ඉඳලා සාධාරණය ඉෂ්ට කල හැටි (නදී)
බැරිවෙලාවත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කෙනෙක් අතින් ඕක උනානම් මේ ගොයියගේ කටට බ්රේක් නැතිවේවි.. (නදී)
මෙයාට පක්ෂව කතාකරන්න වාසු, දිනේෂ් , ගම්මන්පිලලා වත් නැද්ද? (නදී)
පරණ ආණ්ඩුවේ ඔක්කොම වැරදි මෙයා පිටින් යවලා අත හෝදගන්නද හදන්නේ ?? (බ)
සාදාරනය නිසා තමයි පියා සහ මව දෙදෙනාම වැරදි කරලා තියෙද්දිත් මව රිමාන්ඩ් කලේ මවට ඇප ලැබුනහම පියාට රිමාන්ඩ් එකට යන්න පුළුවන් (නදී)
දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ ඕකට තමයි. (නි)
ප්‍රශ්නය දේශපාලන ගමන නෙවේ තමාගේ බිරිඳගේ පාස්පෝට් එක ව්‍යාජ එකක්ද නැද්ද? එ්කට උත්තර දෙන්නේ නම් හොඳයි. (නදී)
යහපාලනය කියන්නේ මේකද ? යහපාලනයෙන් මිනිස්සු බලාපොරොත්තු උනේ මේ පාස්පෝර්ට් හොරට හදපුවා අල්ලන්න නෙමෙයිනේ. මැතිවරණය ලග එන නිසා විකල්ප බල වේගවලට තියෙන බයට ඒවාට දැන් පන්න පන්න පහර දෙනවා. හෙට අනිද්දට අනිත් කට්ටියටත් මොනාහරි වැඩකට නැති දේවල් වලට නඩුවක් නොවැටුනොත් තමා පුදුමේ. නිල් බලවේගවලට මේ ටික තේරෙනකොට පක්ෂේ විනාසේ සහ පාක්ෂිකයන්ගේ විනාසේ වෙලා අහවරයි.(නදී)
විපක්ෂේ හිටපු කාලේ සුනාමි සහන මණ්ඩලය වෙනුවෙන් උසාවි ගියා. චන්ද්‍රිකා අලුතින්ම ජනාදිපති මන්දිර හදන්න ගියාම බකට් ඇද්දා. යම් කිසි දේශප්‍රේමී බවකුත් මේ මනුස්සයා ලග තිබුණා. ඒත් ලොකු ඇමතිකම් නිසා අන්ද වුණා. ආයෙත් අර පරණ පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටින විරවංශව දක්නට ලැබෙයි කියල මම හිතනවා . (නදී)
අනේ විමල් මොකුත් දන්නේ නැහැ (නදී)
පාස්පෝට් දෙකක් තිබෙනවද? නැද්ද? කෙළින් කියන්නකෝ (නි)
මොහු මේ නොකිය කියන්නේ, අදිකරණය අරාජිකයි කියලද ? මේ වගේ නූගතුන්ට බලය ලැබුනහම වෙන දේවල් තමයි මේ.(නදී)
යහපාලනය, නීතිය හා සාධාරණත්වය අකුරටම ක්‍රියාත්මක වෙනවා නම් ඔබ තුමත් ළඟදීම බන්ධනාගාරයට යනු ඇත.(නදී)
මාලක දන්නේ නැත්නම් දැනගන්න. යහපාලනය කියන්නේ මේක තමයි. ඒ කියන්නේ රටේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මකවීමට ඉඩ ලබාදීම.බැරිවෙලාවත් මේ සිද්ධිය පසුගිය රජය කාලයේ වුණානම් රිමාන්ඩ් එකට යන්න වෙන්නේ පැමිණිලිකාරයට. (නි)
"මේ තත්ත්වය මෙසේ ඇතිවේයැයි බලාපොරොත්තු වූ බවද........" ඔව් ඔව් මෙහෙම වැඩ කරනකොට එහෙම හිතෙනවා. (නි)
ලැජ්ජාව නැති මිනිහෙක් (නදී)
එතකොට දේශපාලකයකුගේ බිරිදක් වරඳක් කළොත් දඩුවම් දෙන්න බැරිද?(හේ)
දන්නේ නැති නිසා අහන්නේ දැන් වැරැද්ද කළේ මහජනතාවද නැත්නම් තමුන්ගේ නෝනද?(හේ)
ප්‍රශ්නයෙන් පිට පනින්නේ මොකද? පාස්පෝර්ට් දෙකක් තිබෙනවද? කියන්නකෝ විමල් මහත්තයෝ. (නි)
දැන්ද සාධාරණත්වය මතක් වූනේ.(හේ)
ලංකාවේ පාස්පෝර්ට් එකේ නිවැරදි තොරතුරු තිබෙන ප්‍රමාණය 1%ටත් අඩු ගණනක්. තව අලුත් අයගේ තොරතුරුත් ඔය වගේ වෙන්න ඇති (නි)
දැන් පරක්කු වැඩියි.(හේ)
රෙදි ඇඳෙගෙනෙද කතාකරන්නේ, ඒ අයගේ අතේ බලේ තියනකොට සාධාරණත්වය දීපු හැටි අමතක වෙලා වගේ.(හේ)
අපිත් බලාගෙන ඉන්නේ සාධාරණය ඉටු වෙනකම් වරදක් කළොත් දඬුවම් ලැබෙන්නම ඕනනේ එය ලැබෙනකම් වෙන්න ඇති බලාගෙන ඉන්න ඇත්තේ.(හේ)
ඔය වැඩේ මෛත්‍රීපාල සිරිසේන මහත්තය කරලා තිබුනානම් බලාගන්න තිබුන මෙයාගේ කට. (නදි)
හරිම ශ්‍රේෂ්ඨ අදහස් තිබෙන මනුස්සයෙක්. (නි)
සාධාරණත්වය? පහුගිය කාලේ එහෙම මොකුත් තිබුනද ?දැන් තමා සාධාරණත්වය මතක් වුණේ. (නි)
තමන්ගේ වාසියට ඕනෑම විදියේ ජරා වැඩකට පෙළඹෙන ඔබ තුමාලා ගැන අපිට තියෙන්නේ අනුකම්පාවක් මොකද මේ ලෝකේ සත්‍ය නොවැටහෙන එක ගැන. කැරැට්ටුව නං කවුරුත් දනී.. හැබැයි ඉතින් තමන්ගේ ගෑනී ලමයිවත් පාරේ බැහැල යන්න නැතිකරේ ඔබයි විමලේ.. දැන් නිකන් කිඹුල් කඳුළු හලන්න එපා.. ඕකට මුලික පාඩම දැම්මේ මෙතුමාම තමයි නුගේගොඩදී. අර්ථවත් කතාවක් කරේ ජේවීපී එකේ ඉන්න කලේ විතරයි.(අ)
වරදක් කලත් සිතකින් නෙවෙයි. (අ)
අනේ පවු විමල්! (නි)
ඔහොම වෙන්නම ඕනෑ (නි)
මටත් හිතෙන්නේ මෙයාට තාම සළකන්න ඕනෑ විදියට සළකලා නැහැ වගේ. කරපු වැඩ සහ කියපු කතා අපිට තාම මතකයේ තියෙනවා. අපි මැරිලා ඉපදුනේ නැහැ. (නි)
දැන් දි්‍න 100 න් බාගයකට වැඩිය ඉවරයි. දෙතුන් දෙනෙක් තමයි මේ ප්‍රතිචාර එවන්නේ. ඕවට ජනතාව රැවටෙන්නේ නැහැ (නදී)
මොහුගේ කතාවට අනුව තමන් කරන ලද සියලු වැරදි තමා දේශපාලඥයකු නිසා ශුන්‍ය කලයුතුයිවගේ නේද? ශිරාණි අගවිනිසුරුවරියට කරපු දේවල් මේ පාරා වළලක් වී එනවා (නදී)
මාළුවා නහින්නේ කට හින්දලු.(නදී)
ඔහුම මේවා බලාපොරොත්තු උනා කියා කියනවා. වැරදි වැඩ කරලත් කටේ කයිවාරුව ගිහින් නැහැ. නිමල් සිරිපාල කියා තිබෙනවා නේද මොහු එම පක්ෂයේ නැහැ කියා. එහෙනම් ඉතින් අබ සරණ තමයි.(නදී)
මෙම ගමන් බලපත්‍ර සිද්දිය ගැමියෙක් රැකියාව සඳහා පිටරට යාමට ඉල්ලුම් කිරීමේදී සිදුවුවා නම් වැරදීමක් යයි සිතිය හැක. දැනුම සම්භාරයක් ඇති ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන පවා දැනුමක් ඇති ඇමති වරයෙකු අතින් විය නොහැක. ගමන් බලපත්‍රයක් ගැනීමේදී අපි පරණ ගමන් බලපත්‍රය ඉදිරිපත් කල යුතුය. නැතිවි නම් එයටද හේතු ඉදිරිපත් කලයුතුය. (නදී)
වෙන කෙනෙක් කරානම් ටී.වී එක බදු අරගෙන උඩු බුරයි (නදී)
මාළුවා නහින්නේ කට හින්දයි (නදී)
කලදේ පල දෙනවා විමල් මහත්තයෝ, රටේ අගවිනිසරු වරියට ඔබතුමා කතාකරපු විදිහට මේ ලැබෙනවා මදි. (බ)
අපි ඔය වගේ වැඩක් කළොත් අපිට වෙ දේම වෙන්න ඕනා මෙයාටත්. එහෙම බැලුවොත් විමල්ට මාර සාධාරණයක් කරලා තියෙන්නේ (නදී)
එතකොට ව්‍යාජ හැදුනුම්පත් සහ ගමන් බලපත්‍ර සකස් කර භාවිතා කරන එක සාධාරණද ? (නදී)
අනේ විමල්ට පක්ෂව කවුරුවත්ම ප්‍රතිචාරයක් දාන්නේ නැද්දෝ?
මහා හයියෙන් බෙරිහන්දීලා තුන්වෙනි පන්තියේ වචන දාලා කෑ ගහනකොට, මිනිසුන්ට ආත්මයක් තිබෙන බව මතක තිබුනේ නැහැ නේද? (නි)
කොටි ත්‍රස්තයන්ට එරෙහි උන හඩක් බව අමතකද.? (ර)
කුලි ගෙවල් වල ඉන්නකොට ඔහොම වෙනවා (නදී)
කිසිම වරදක් කරලා නැත්නම් කොහොමද කන්තෝරුවල ඔබ දෙපලගේ ලියකියවිලි නැතිවෙන්නේ. ඔබ නීතියට යටත් වෙන්නේ නැහැ කිව්ව කෙනා දැන් කොහොමද සාදාරණය බලන්නේ. ඔබගේ හොදම යාළුවා ගේ කාලේ රනිල් මහත්තය මේ දේ කෙරුවා නම් අද සුදු වෑන් එකේ තමයි යන්න වෙන්නේ. මොලයක් තියෙනවා නම් අගමැතිට, ජනදිපතිට මල් තියල වදින්න (නදී)
කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ කිවුවලු (නි)
සුජිත් කියන කතාව හරියට හරි.(හේ)
මට නම් මොනවා කියන්නද කියලා මතක් වෙන්නේ නැහැ. (නි)