විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන බවත්, ඔවුන් කරන්නේ ඡන්දයක් ආවාම අපෙන් ටිකට් එක ඉල්ලගෙන තරඟ කරන එක යයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ ඊයේ (24) රාත්‍රී විකාශය වූ ‘රට සහ හෙට‘ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමිනි.
සුසින් ප්‍රේමජයන්ත සන්ධානයේ ලේකම්වරයා මේ බව පැහැදිලිව කියා ඇති බවත් සඳහන් කළ විපක්ෂ නායක සිල්වා මහතා නුගේගොඩ පැවැති රැස්වීම පිළිබඳව සඳහන් කරමින් අපේ පක්ෂය වැඩ කටයුතු කරන ආකාරය ගැන කියා දීමට වෙනත් පක්ෂවලට තිබෙන අයිතිය කුමක්දැයි විමසා සිටියේය.
නුගේගොඩ රැස්වීමට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම ආරාධනාවක් නොලැබුණු බවත්, එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් රැස්වීමට සහභාගී වීම වරදක් බවට ජනාධිපතිතුමා සිය මතය ප්‍රකාශ කළ බවත් කීය.
මෙවැනි ක්‍රියා මගින් ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රීලනිපය දෙකඩ කිරීම හා තමන්ගේ මනාප ඡන්ද ප්‍රමාණය කඩා ගැනීමට බවත් කී විපක්ෂ නායකවරයා නව ව්‍යවස්ථාව යටතේ කොට්ඨාශ ඡන්ද ක්‍රමය පැමිණි පසු ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වී යනු ඇතැයි ද කීවේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තම සොයුරාටවත් අගමැති පදවිය නොදී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති පදවිය ලබා දී දෙවන පෙළ නායකත්වයක් හදා පළමු පෙළට ගෙන ආ බවත්, තමන්ටත් අගමැති වීමට අවශ්‍ය සුදුසුකම් සහ කැපවීම දැනටත් තිබෙන බවත් සිරිපාල මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්. දැන් අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැතිවෙන තැනට වගේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ වනගතවෙලා භාවනා කරන්න තමා.... (නි)
පිවිතුරු යහපාල වීරවංශගේ පන්තියෙ කෙනෙක්ද මන්දා? (නි)
අනේ! අපි නොදන්නා සුදුසුකමයි කැපවීමයි! (නි)
පිවිතුරු යහපාලට වෙන වැඩක් නැද්ද දන්නෙ නැහැ නේද පිටු ගණන් ලිය ලියා ඉන්නේ. අනික කිසි වැඩකට ඇති දෙයක් නම් තව කමක් නැහැ. යාළුවන්ට ආවඩනවා. අනෙක් අයට බනිනවා. (නි)
සහතික ඇත්ත යහපාල. (නි)
වැදගත් මනුස්සයෙකුට කතාකරන්න දන්නෙ නැහැ. දැකක්නේ හිටපු අගවිනිසුරුවරියට කතා කළ කැත. (නි)
දේශපාලන අවස්ථාවාදයට හැමදෙයක්ම කණපිට පෙරළාගන්නවා සමහරු (නි)
අනුවණ දනන් හැකිතාක් ඈත් කරන්න විපක්ෂ නායකතුමනි. එය ජයග්‍රහණයේ දොරටු විවර කරයි. සදා බලයේ ඉන්න පුළුවන් කියලයි සමහරු හිතාගෙන ඉඳලා තියෙන්නේ. (නි)
ඇමතිකම් වලට රැවටිලා පක්ෂේ පාවා දෙන මෙයාට කවුද ඡන්දේ දෙන්නේ.ආසනෙත් පරාදයි.(හේ)
අයියෝ සිරිපාල මහත්තයෝ! (නි)
පිවිතුරු යහපාලගේ කටේ මසුරන් දාන්න ඕනෑ. (නි)
විමල් මහත්තයෝ, දැන්වත් ඔය කට වහගෙන ඉන්න. (නි)
යහපාල, ඔහේගේ ලොක්කාට රට පාලනය කරන්න බැරි බව ජනතාව තේරුම්ගත් නිසා තමයි පාලනය අවසන් කළේ. (නි)
හැමෝම බලන්නේ රටට කරන්න නොවෙයි තමන්ට කරගන්න. පාර්ලිමේන්තුවට ගිහින් මිනිසුන්ට සේවයක් කරන්න. සේවයට වැටුප ගන්න.ඉවත් වුණාම විශ්‍රාම වැටුප ගන්න. අනෙක් රජයේ සේවකයෝ වගේ නම්බුකාර විදියට ඉන්න. (නි)
අපෝ අපිට නම් පක්ෂෙන් වැඩක් නෑ. අපිට ඕන කොන්ද පන තියන නායකයෙක්. හරියට මහින්ද වගේ. මෙයා නම් එපා. අර අරයත් එපා. (නදී)
විමල්ට නම් මේ දවස් වල බොහොම අපලයි වගේ (නි)
විමල්ට නඩුවකට පටලන්නෙ ඉපැරණි කරුණකට කියලා එක්තරා නායකයෙක් කියා තිබුණා. එයා දන්නේ නැහැ නඩුදාන්නේ කළ වැරදිවලට බව. (නි)
පිවිතුරු යහපාල මහත්තයා, සාදු සාදු සාදු! කරුණාව උතුරනවා (නි)
ඡන්ද කාලේ මෙයාලා කාටද වැඩ කළේ කියලා දැන් රටටම පැහැදිලියි.මහින්ද පරදින එක අහන්නත් දෙයක්ද. මේ සිහිනය සිහිනයක්ම තමයි. (නි)
පිවිතුරු යහපාලට නම් හොඳටම පිස්සු. රටට වෙන සෙත නෙමෙයි තමන්ගේ අයට වෙන සෙත ගැන විතරයි හිතන්නේ. අනේ මන්දා මෙහෙමත් මිනිස්සු? (නි)
හිත හොඳ නැති කෙනෙකුට අගමැති වගේ උසස් තනතුරක් ලබන්න බැහැ. (නි)
පසුගිය කාලේ එකට හිටිය අයට මෙහෙම නම් ජනතාවට කොහොම කරයිද? (නි)
කෂඩ දේශපාලුවන්ට ඡන්දය දුන් ජනයාට බඩ විරේකට ගුලි තුනක් බොන්න හොඳම කාලය. (නදී)
"නුගත් හා චාරයක් නැති දේශපාලඥයන්ගෙන් අපේ රට බේරාගනිමු" කියලා සංවිධානයක් හදන්න ඕනෑ. නැත්නම් මේ අයගෙ හතර වරිගයේ කරන වැඩ වලින් අවසානයේ බැටකන්නේ අහිංසක මිනිස්සු. (නි)
බුද්ධිමත් ජනතාවනි, නොගැළපෙන දේශපාලඥයින්ට ගරුනම්බු දෙන්න එපා මින්පස්සේ. ඒ අය උඩයන්නේ ඒකෙන්. උගත්කමට හැදිච්චකමට විතරක් සළකන්න. (නි)
ඒකාධිපති පවුල් පාලනයට වඩා මේ පාලනය ගොඩාක් හොඳයි. (නි)
ඔන්න සිරිසේන මහත්තයෝ. ඔබතුමාටත් මෙයාගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙලාව. මේ කරන විදියටම තමයි මෙයා කවදාක හරි ඔබතුමාටත් කරන්නේ හොඳද. හැබැයි මෙයා හිතනවා නම් අපි මෙයාට ඡන්දෙ දෙයි කියල, ඒක තමයි ලොකුම විහිළුව. ජනපති තුමනි ඔබ මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයට එකතු කරන නායකයා නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. හැකිනම් නැවත මේ උදාර පක්ෂය ගොඩ ගැනීමට උත්සාහ කරන්න. එය ලොකු පිනක්. (නදී)
ඔබලා ගහ මරා ගත්තට අපිට කමක් නෑ. මෙපමණ කල් අපි ශ්‍රී.ල .නි.ප යට ඡන්දය දුන්නා. ආයේ අපි ඡන්දය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට.(නදී)
"ඇත්තටම මහින්ද අගමැති අපේක්ෂක වුණොත් මහින්දට දිනන්න පුළුවන් වෙයිද? මහින්දවාදීන්ට ඒකට දෙන උත්තරය මේකයි."ඔව්. මහින්දට සුළු ජාතික ඡන්ද ලැබුණේ නැහැ. මහින්දට ලැබුණේ සිංහල ඡන්ද. මහ මැතිවරණයකදීත් මහින්දට මේ ගාණ එනවා. හැබැයි යූ.එන්.පී.යේ ඡන්ද අඩු වෙනවා. මොකද යූ.ඇන්.පී.ය හංසයාගෙන් තරග කළේ සුළු ජාතික පක්ෂ එක්ක. මෛත්‍රිගේ ඡන්ද ගොඩේ සුළු ජාතික ඡන්දත් තිබුණා. මේ ඡන්ද මහ ඡන්දෙකදී යූ.ඇන්.පී.යට නැති වෙනවා. මොකද සුළු ජාතික පක්ෂ මහ ඡන්දෙට යන්නේ වෙනම.(නදී)
ඒ තනතුරට හොඳම කෙනෙක් නම් ඉන්නවා.... (නි)
විමල් වීරවංශට කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද තිබෙනවා. හොඳ ජන පදනමක් එයාට තිබෙනවා. (නි)
සිරිපාල මහත්තයට විපක්ෂ නායක කම ලැබුණු නිසා පක්ෂයට සහ රටට වඩා තනතුරුවලට ආසාව ඇතිවෙලා. (නදී)
කටුස්සෝ පාට මාරු කරන්න මිට වඩා වෙලාවක් ගන්නවා.(නදී)
විමල් කියන්නේ අනාගතේ ලංකාවේ ජනාධිපති. (නදී)
ඇත්තටම මහින්ද අගමැති අපේක්ෂක උණොත් මහින්දට දිනන්න පුළුවන් වෙයිද? මහින්දවාදීන්ට ඒකට දෙන උත්තරය මේකයි."ඔව්. මහින්දට සුළු ජාතික ඡන්ද ලැබුණේ නැහැ. මහින්දට ලැබුණේ සිංහල ඡන්ද. මහ මැතිවරණයකදීත් මහින්දට මේ ගාණ එනවා. හැබැයි යූ.එන්.පී.යේ ඡන්ද අඩු වෙනවා. මොකද යූ.ඇන්.පී.ය හංසයාගෙන් තරග කළේ සුළු ජාතික පක්ෂ එක්ක. මෛත්‍රිගේ ඡන්ද ගොඩේ සුළු ජාතික ඡන්දත් තිබුණා. මේ ඡන්ද මහ ඡන්දෙකදී යූ.ඇන්.පී.යට නැති වෙනවා. මොකද සුළු ජාතික පක්ෂ මහ ඡන්දෙට යන්නේ වෙනම (නදී)
තව අවුරුදු 10 විතර විපක්ෂයේ ඉන්න පුලුවන් ඔබට. (නදී)
චම්පික රණවක මහත්තයව අගමැති කරමු (නදී)
මෙයාට අඩි උස සපත්තු දෙකක් අන්දලා ගත්තා නම් මරු. (නදී)
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ (නදී).
ඔහොම යමු බලමු මොකද වෙන්න කියල. (නදී)
මරු කියවනව කියන්නේ මේවට තමයි (නදී)
අගමැති කමට සිරිපාල හොදයි. (නදී)
ඉදිරියට යනු.(හේ)
මනාප ඡන්ද ප්‍රමාණය කඩා ගැනීමට බවත් කී විපක්ෂ නායකවරයා නව ව්‍යවස්ථාව යටතේ කොට්ඨාශ ඡන්ද ක්‍රමය පැමිණි පසු ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වී යනු ඇතැයි ද කීවේය. ඔයාටත් වෙන්නේ එකම තමයි. පළාත් සභා ඡන්දෙත් බදුල්ල පැරදි නේද?(හේ)
කට්ටියම එකතුවෙලා නිදහස් පක්ෂය නැතිකරන්න හදන්නේ. මිනිස්සු කැමති මහින්ද මහත්තයාට. ඔහු අලුත් පක්ෂයකින් හරි එන්න ඕනෑ. (නි)
ඉල්ලලා බලන්න මහත්තයෝ කොහොමත් පැරදියි.(හේ)
වෙච්ච දෙයක්.දැන් කවුරුත් නෑ ලඟ.(හේ)
මහින්ද ඉල්ලුවොත් අපි ඡන්දෙ දෙනවා.නැත්නම් මේ මුහුණු පෙනෙන්නවත් එපා! (නි)
ජයවේවා! (නි)
දැන් ඉතින් මොනා කරන්නද?(හේ)
අනේ අම්මපා! ඇත්තමයි හරිම පවු මේ විමල් මල්ලි නම් (නි)
දැන් තනියම එයාගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලයි.(හේ)
ඒ වැඩෙත් නරකම නැහැ (නි)
ඔබලා ගහ මරා ගත්තට අපිට කමක් නෑ.මෙපමණ කල් අපි ශ්‍රී.ල .නි.ප යට ඡන්දය දුන්නා.ආයේ අපි චන්දය දෙන්නේ එ.ජා .පක්ෂයට පමණි.(හේ)
දැන් හරි ඔබතුමාටත් පිටකොන්දක් තියෙන බව අපිට පේනවා ,ඔබතුමා දකින ඇත්ත බයියෝ දකින්නේ නැහැ ,අපි ඊලග මහා මැතිවරණයේදී ඔබතුමාගේ නායකත්වය යටතේ ශ්‍රීලංකා අත ලකුණෙන් රජයක් පිහිටුවන්න සහයෝගය දෙනවා.(හේ)
බදුල්ල කොහොමත් පරාද වුණානේ පළාත් සබා ඡන්දෙදි. (නි)
පවු වීරවංශ! (නි)
බල තණ්හාව ඉහට ගැසූවිට කරන්න පුලුවන් දෙයක් නහැ (නි)
වීරවංශ මහත්තයෝ, ඔයාට බැරි නම් වෙන කෙනෙකුට කියලා හරි උත්තරයක් මේකට දෙන්නකො. (නි)
සහන්, හීනෙන් ඇහැරෙන්න සහන්...! (නි)
මහින්දගෙන් තොර අනාගතයක් හෝ පැවැත්මක් රටට ඇත්තෙම නැත. පිළිගත්තත් නැතත් ඇත්ත එයයි. රටට ආදරේ පිරිස එය තේරුම් ගත යුතුයි.(හේ)
සහන්ට ටිකක් අමාරු වෙයි. (අ)
සිරි -සේන ජනපති සිරි - පාල අගමැති සිරි - ලංකාව ගොඩගති (අ)
අනේ පව් නේද වීරවංශ (දිල්)
තමන්ගේ පක්ෂයට ද්‍රෝහී වෙලා තමන්ගේ නායකයට පිටිපස්සෙන් පිහියෙන් අැනල යු අන් පි එකට කරන්නේ කොහොමද කියල හිතන්නවත් බැරිව හිටපු ශක්තිමත් නායකයෙක් යටතේ ශක්තිමත්ව තිබුණු .තමන්ගේ පක්ෂයේ බලය කුමන්ත්‍රණ කරලා බිදලා තමන් දරා ගෙන හිටපු දේශපාලන බල අධිකාරිය විනාස කරලා සතුරන්ට තමන්ගේ පාර්ලිමේන්තු බලයත් ඡන්දයක් නැතුවම පාවල දීපු තමන්ගේ පාක්ෂිකයින් ට යු අන් පි මැරයන් අතින් ගුටිකන්න පාර කපවපු අයෙක්ව පක්ෂයේ සභාපති කමට ගෙනත් දෙපා ලෙවකමින් ගැණු පිරිමි දෙකටම නැති එහෙයියන් පිරිසක් බවට පත් වුනු සිරිපාල උන්නැහේ ප්‍රමුඛ සන්ධාන නඩේට චිත්ත රෙදි ටිකක් අන්දලා යහපාලනේට පවන් සලන්න අවන් පත අවන් පත බෙදල දුන්නනම් හරි..තමන්ගේ ආසනේවත් දිනා ගන්න බැරුව අගමැති වෙන්න හදනවා.. ලබන ආත්මේ තමයි..එකත් ඉතින් ලබන ආත්මයක් ලබන්න පිනක් දහමක් දැන්වත් කරගත්තොත් විතරයි..(අ)
එකට කැවත් බඩ වෙනස් කියලා කතාවක් මම පොඩි කාලේ අහල තියනවා ඒ වගේ (දිල්)
බණ්ඩාර මෙ අය නොකරන දෙයක් නෑ වගේ (දිල්)
මේ හැමෝම හැමදාමත් දිනුම්. අපි මහජනතාව තමයි හැමදාමත් පරාද. දේශපාලකයොයි නළුවොයි දෙගොල්ලොම කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ව රවට්ටන එක තමා. (අ)
අන්න හරි ලොක්ක ඔන්න ඔහොම යමු. ඔය හාදයෝ එකතු වෙලා තමා ඔය පක්ෂේ කෑවේ. ඔය වැඩකට නැති හාදයෝ ටික එලවලා, පක්ෂේ පිරිසිදු කරගෙන ආවොත් ලබන සැරේ ඡන්දෙ දෙන්නම්, නැත්නම් පුතේ ලබන සැරෙත් අපි එක්සත් ජාතික පක්ෂේ එක්ක ම තමා.(අ)
බොරු කයිවාරු එපා අපිට (නි)
වඩා හොඳයි නේද ජන විඥානය හඳුනාගෙන බුද්ධිමත්ව කථා කළා නම්. (නි)
මහින්ද රාජපක්ෂ අගමැති කරන්නේ යු.ඇන්.පිය නම් අපි එ්කට ජන්දේ දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් අවොත් අපි එ්කටත් දෙනවා නැතිනම් එන වෙන පක්ෂෙකට දෙනවා. අාවේ නැත්නම් අපි ජන්දේ දෙන්නේ නැහැ මොකද මෛත්‍රීපල සිරිසේන මහත්තය කිව්ව අගමැතිට සියලු බලතල දෙනවා කියලා. ඒ නිසා අපිට ඕනේ මහින්දවයි (නදී)
අම්මෝ මෙයා නෙමෙයි කවුරු අගමැති වුණත් කමක් නැහැ, අර අරයා නැතුව (නි)
මුල අමතකවෙන එක නම් එච්චර හොඳ නැහැ (නි)
මහජන මතය කොතනද කියන එක නුගේගොඩදී දැක්කා. ඒක තේරුම් ගන්න බැරි නම් වෙන්නේ හූල්ලන්න විතරයි. (නි)
අනේ මන්දා මෙහෙමත් විගඩම්? (නි)
මේ පක්ෂ දෙකේම ඉන්නේ විශ්වාස කල නොහැකි නායකයෝ. ජවිපේ, හෙළ උරුමය, ජෙනරාල් ෆොන්සේකා වැනි අයගේ පක්ෂ පමණයි අවංකව ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ. (නදී)
මෙතෙක් කලක් අපි ඡන්දය දුන්නේ ශ්‍රී .ල.නි.ප තමයි. නමුත් මහින්ද මහත්තයා ගේන එක වලක්වන්න ගියොත් අපේ පවුල්වල කිසිම ඡන්දයක් ලැබෙන්නේ නැහැ. (නදී)
අනේ ඇත්තට මෙයා ගැන නම් කතා කරන්න වචන නැහැ (නදී)
සිරි අයියාගෙන් ගොස් අසමු. එතොකට සිරි අයිය කියයි. අාසනේ දිනන්න බැරි මට අගමැති කම ලැබෙයිද ? (නදී)
සෞඛ්‍ය ඇමති කාලේ කරපුවට ඔබ තුමාට ඡන්දෙ දෙන්න තමයි ඉන්නේ. (නදී)
අනේ ඔයා ඉල්ලුවොත් මේන් කියල ලැබෙයි (නදී)
ඔබතුමාගේ කීම හරි. පක්ෂය පිරිසිදු කරගත්විට දැනට පක්ෂයෙන් ඈත්වෙලා ඉන්න උගත් බුද්ධිමත් ඡන්දදායකයෝ නැවත පක්ෂයට ළංවේවි (නි)
සිරිපාල මහත්තය විපක්ෂ නායක කමත් කොච්චර ජොලිද ? මැරෙනකන් හිටිය හැකියි. (නදී)
අපිට හැමදාම එකම පවුලක් එකම රජෙක් රජවීමේ ක්‍රමය එපා (නි)
අනේ මෙහෙමත් කට්ටිය! (නි)
ඔබතුමා නියම නායකයෙක්. තමන් ගැන හිතලා නැවත ඡන්ද තියලා රට අරාජික කරන්න දෙන්නේ නැතුව සමගිව වැඩකරනවා. අපි සියල්ලෝම ඔබ සමඟයි. ඔබතුමා නියම මහත්මයෙක්. (නි)
හොඳ එඩිතර ප්‍රකාශයක් (නි)
බලමුකෝ ඊළඟ ඡන්දයේදී මොකක්ද වෙන්නේ කියලා (නි)
කොට්ඨාශ ක්‍රමය යළි ආවොත් කාට කාටත් වෙන දේ බලාගන්න පුලුවන්. (නි)
අනේ එතුමාගේ සුන්දර සිහින! (නි)
නිමල් සිරිපාල මහත්තයෝ ඔබ තුමාගේ කඳටයි බඩටයි මිනිස්සු සලකන්නේ නැහැ. කඳයි බඩයි තිබුන පලියට ආසනේ දිනා ගන්න බැරි ඔබ රටේ නායකත්වය ගන්න හදන්නේ මිනිස්සු හිනස්සන්නද? (නදී)
"අයියෝ සිරිපාල‘‘ එකයි කියන්න තියෙන්නේ, තමන්ගේ බදුල්ල ආසනයත් පරාදයිනේ අපි ඔක්කොම සුන්. යු එන් පියේ ඇම ගිලලා බිලී කොක්කේ ඇමනිලා වගෙයි (නදී)
කවුද ඡන්දේ දෙන්නේ (දිල්)
අනේ මහත්වරුනි, තඹ සතයක විස්වාස නැති පුද්ගලයෙකු ගානට දේශපාලකයා වැටිලා. පොල්කඩන සිමන් හොඳයි ඔහේලට වඩා. සිරිපාල මහත්තයෝ ඔබ කොහොමත් දිනුම්. විපක්ෂ නයාකත් අගමැති වගේනේ. අපේ ඡන්දෙ කුණු ගොඩට. පක්ෂයත් රටත් කන්න එපා. (නදී)
මේද පාර අනාතයි. හිර ගෙදර නියතයි (නදී)
මොනවද මේ ගහන කයිවාරු? (නි)
හොරුන්ට සහ මැරයන්ට නාමයෝජනා දෙන්න එපා (නි)
මම රට හිටියත් අනුරාධපුරයේ වැසියෙක්. ලංකාවට මොන කලක් යයිද කියලා බලා ඉන්නවා (නි)
ඡන්දයකට එන්නකෝ තනිවම. එතකොට අපි ඔයාව සුදුසු තනතුරකට දාන්නම්කෝ (නි)
මහත්තයෝ, ඔයාට විශ්වාසද ඔයා ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කියලා? ජනතාවට නම් පෙනෙන්නේ වෙන දෙයක් (නි)
අනේද කියන්නේ මහත්තයෝ? (නි)
සත්‍යා ඔබ හරි (හේ)
.කට්ටිය එකමුතුවෙලා මේ පාර මහා මැතිවරණයට නොගියොත් ඇපත් නැතිවෙනවා.ප්‍රධාන පක්ෂ දෙකටම සන්ධානගත වුණේ නැත්නම් බලය ගන්න බැහැ. (නි)
බලාගෙන ඉන්නකෝ මොකද වෙන්නේ කියලා (නි)