සන්ධාන අපේක්ෂක විමල් වීරවංශ මහතාගේ වීරවංශය ලියන කොළඹ රැලියේ පෝස්ටර් අලවමින් සිටි පිරිසක් කැස්බෑව, දාම්පේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම පෝස්ටර් මුද්‍රණය කළ තැනක් එහි සඳහන් නොවන බවද මුද්‍රණාලයක නම සඳහන් වුවත් ඡන්දය වෙනුවෙන් පෝස්ටර් ඇලවීම තහනම් බවද පොලිසිය පවසයි.
සැකකරුවන්ද පාප්ප බාල්දියද පෝස්ටර් තොගයද පොලිසිය බාරයට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීර වංශයක් ලියන්න තියෙන්න එපැයි එයාට (ම)
ඔබතුමා අපොස විභාගයට ලබන අවුරුද්දේවත් පෙනී හිටිය යුතුයි. අපිව පාලනය කරන ඇමැතියන්ගේ අධ්‍යාපනය සුදුසුකම් ඇහුවහම නම් ඇත්තටම තද වෙනවා. උසස් පෙළවත් නැත්නම් ඇමතිකමක් නොදිය යුතුයි (ම)
වීරවංශය ලියන්න කලින් සාමාන්‍ය පෙළ විභාගේ ලියල අවොත් නේද හොඳ ?(ම)
දුෂි, එතකොට සාමාන්‍ය පෙළ ලියලා දෙන්නේ කවුද? ඔන්න මටනම් බෑ.(නදී)
විරවංශටත් ගිය කලක් (ම)
ජාතියේ වීරවංශය ලියන්නට පෙර උසස්පෙළ ලියා ලියලා එන්න (ම)
ආතත ,විතතාතිත .සංගීත භාණ්ඩ ( බෙරගෙඩිය ) හෙන සද්දේ. එත් අතුල හිස්. (ම)
නූතන කේවට්ට බමුණා. (ම)
මමත් මගේ නම වෙනස් කරගන්න ඕන මහා වංශ කියල. එතකොට මටත් පුළුවන් මහාවංශය 2 ලියන්න. අනේද කියන්නේ.(ම)
ඒවා එසේ මෙසේ පාප්ප නෙවි "වීර පාප්ප" වෙන්න ඇති! (නදී)
ඒකාධිපතියෙකුගේ කකුල් දෙක ලග දන නමස්කාර කරන අයට මොන විරවංශයක්ද?(නදී)
මේ වගේ අය නැවත පාර්ලිමේන්තුවට නොයවමු (නදී)
රටේ අසරණ මිනිසුන් බොරුවෙන් මුලා කරන/මොළ හෝදන මිනිස්සු නැවත මනුස්ස ආත්මයක් නම් ලබන්නේ නැහැ.(නදී)
වීර වංශය ලියන්නට කලින් හොරට පාස්පෝර්ට් හදපු හැටි, හොරා කාපු හැටි ලියන්න මහත්තයෝ (නදී)
නිතියක් නැති රටක නිසා තවමත් නිදහසේ ඡන්දෙත් ඉල්ලනවා. නීතියක් තිබුන රටක නම් ඔය වංශ කතාව ලියන්න වෙන්නේ මහගෙදර යකඩ කුරු ගණන් කර කරයි.(නදී)
පන්චායුදේ දන්න කෙන්ගෙඩිය. ඔය විදියට ලියන්න දන්න නිසා වෙන්න ඇති එයාටයි, පවුලටයි විවිධ දින එහෙම යොදපු උප්පැන්න සහතික, ජාතික හැඳුනුම් පත්, විදේශ ගමන් බලපත් ආදිය ලියා ගත්තේ (නදී)
වීරවංසගේ බෙර සද්දේ වැඩියි (ම)
නූතන කප්පටිපොල ජාතියේ රණ හඬ (ම)
මවුබිමේ පචායුදය ඉවරකරලාද වීරවංශය ලියන්න යන්නේ. (ම)
විරවංශයේ මේක තමයි අලුත්ම කලාව (ම)
මෙතුමාව දැක්කහම මට පරණ කියමනක් මතක් වෙනවා " හිස් බදුනෙන් මහත් හඬක් පිටවේ "(ම)