IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වීරවංශේ පාප්ප බාල්දියත් පොලිසියේ

සන්ධාන අපේක්ෂක විමල් වීරවංශ මහතාගේ වීරවංශය ලියන කොළඹ රැලියේ පෝස්ටර් අලවමින් සිටි පිරිසක් කැස්බෑව, දාම්පේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම පෝස්ටර් මුද්‍රණය කළ තැනක් එහි සඳහන් නොවන බවද මුද්‍රණාලයක නම සඳහන් වුවත් ඡන්දය වෙනුවෙන් පෝස්ටර් ඇලවීම තහනම් බවද පොලිසිය පවසයි.

සැකකරුවන්ද පාප්ප බාල්දියද පෝස්ටර් තොගයද පොලිසිය බාරයට ගෙන ඇත.

web

 

 



අදහස් (0)

වීරවංශේ පාප්ප බාල්දියත් පොලිසියේ

රෝහිත Thursday, 30 July 2015 06:27 AM

වීර වංශයක් ලියන්න තියෙන්න එපැයි එයාට (ම)

:       0       0

ප්‍රනාන්දු Thursday, 30 July 2015 09:42 AM

ඔබතුමා අපොස විභාගයට ලබන අවුරුද්දේවත් පෙනී හිටිය යුතුයි. අපිව පාලනය කරන ඇමැතියන්ගේ අධ්‍යාපනය සුදුසුකම් ඇහුවහම නම් ඇත්තටම තද වෙනවා. උසස් පෙළවත් නැත්නම් ඇමතිකමක් නොදිය යුතුයි (ම)

:       0       0

මොහාන් Thursday, 30 July 2015 06:33 AM

වීරවංශය ලියන්න කලින් සාමාන්‍ය පෙළ විභාගේ ලියල අවොත් නේද හොඳ ?(ම)

:       0       0

මනෝරි Thursday, 30 July 2015 11:33 PM

දුෂි, එතකොට සාමාන්‍ය පෙළ ලියලා දෙන්නේ කවුද? ඔන්න මටනම් බෑ.(නදී)

:       0       0

ශාන් Thursday, 30 July 2015 06:41 AM

විරවංශටත් ගිය කලක් (ම)

:       0       0

දුෂි Thursday, 30 July 2015 09:59 AM

ජාතියේ වීරවංශය ලියන්නට පෙර උසස්පෙළ ලියා ලියලා එන්න (ම)

:       0       0

සෝමා රාජපක්ස යටියන Thursday, 30 July 2015 10:02 AM

ආතත ,විතතාතිත .සංගීත භාණ්ඩ ( බෙරගෙඩිය ) හෙන සද්දේ. එත් අතුල හිස්. (ම)

:       0       0

නිසාර් Thursday, 30 July 2015 07:02 AM

නූතන කේවට්ට බමුණා. (ම)

:       0       0

ආරිය Thursday, 30 July 2015 07:11 AM

මමත් මගේ නම වෙනස් කරගන්න ඕන මහා වංශ කියල. එතකොට මටත් පුළුවන් මහාවංශය 2 ලියන්න. අනේද කියන්නේ.(ම)

:       0       0

පෙරේරා Thursday, 30 July 2015 07:28 AM

ඒවා එසේ මෙසේ පාප්ප නෙවි "වීර පාප්ප" වෙන්න ඇති! (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 30 July 2015 07:33 AM

ඒකාධිපතියෙකුගේ කකුල් දෙක ලග දන නමස්කාර කරන අයට මොන විරවංශයක්ද?(නදී)

:       0       0

සමන් Thursday, 30 July 2015 07:33 AM

මේ වගේ අය නැවත පාර්ලිමේන්තුවට නොයවමු (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 30 July 2015 07:34 AM

රටේ අසරණ මිනිසුන් බොරුවෙන් මුලා කරන/මොළ හෝදන මිනිස්සු නැවත මනුස්ස ආත්මයක් නම් ලබන්නේ නැහැ.(නදී)

:       0       0

ගාමිණී Thursday, 30 July 2015 07:36 AM

වීර වංශය ලියන්නට කලින් හොරට පාස්පෝර්ට් හදපු හැටි, හොරා කාපු හැටි ලියන්න මහත්තයෝ (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 30 July 2015 07:36 AM

නිතියක් නැති රටක නිසා තවමත් නිදහසේ ඡන්දෙත් ඉල්ලනවා. නීතියක් තිබුන රටක නම් ඔය වංශ කතාව ලියන්න වෙන්නේ මහගෙදර යකඩ කුරු ගණන් කර කරයි.(නදී)

:       0       0

නන්දලාල් ප්‍රංශය Thursday, 30 July 2015 07:41 AM

පන්චායුදේ දන්න කෙන්ගෙඩිය. ඔය විදියට ලියන්න දන්න නිසා වෙන්න ඇති එයාටයි, පවුලටයි විවිධ දින එහෙම යොදපු උප්පැන්න සහතික, ජාතික හැඳුනුම් පත්, විදේශ ගමන් බලපත් ආදිය ලියා ගත්තේ (නදී)

:       0       0

රණතුංග Thursday, 30 July 2015 07:55 AM

වීරවංසගේ බෙර සද්දේ වැඩියි (ම)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 30 July 2015 08:02 AM

නූතන කප්පටිපොල ජාතියේ රණ හඬ (ම)

:       0       0

දර්ශන Thursday, 30 July 2015 08:12 AM

මවුබිමේ පචායුදය ඉවරකරලාද වීරවංශය ලියන්න යන්නේ. (ම)

:       0       0

සනත් ඉන්දික Thursday, 30 July 2015 08:46 AM

විරවංශයේ මේක තමයි අලුත්ම කලාව (ම)

:       0       0

අචිනි Thursday, 30 July 2015 08:48 AM

මෙතුමාව දැක්කහම මට පරණ කියමනක් මතක් වෙනවා " හිස් බදුනෙන් මහත් හඬක් පිටවේ "(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site