යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් උදෙසා පිරිනැමෙන ඉහළම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ රණවිරුවන් 29 දෙනාගේ ජීවිත තොරතුරු හා දශක තුනක් පැවතුනු යුද්ධයේ තොරතුරු ඇතුලත් ප්‍රසාද් පොල්වත්ත විසින් රචිත “අමරණීය සොල්දාදුවන් විසිනවය” ග්‍රන්ථය දොරට වැඩුම අද (05) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී සිදුකැරිණි.
එම අවස්ථාවට හණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඤාණීස්සර නාහිමි, කිරින්දේ අස්සජී හිමි,ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ ත්‍රිවිද හමුදා උසස් නිළධාරීහු පිරිසක් ද සොල්දාදුවන්ගේ පවුලේ නෑදෑයෝ ද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විරුවන් විසිනවයකගේ ජීවිත කතාව පොතකට
විතානගේ Wednesday, 06 April 2016 03:12 AM
පෙළපාලි යනවා වෙනුවට මෙවැනි රණවිරුවන් ඇගයීම වසරක් පාසා සිදුකල යුතුයි. (හේ)
ජනතාව Wednesday, 06 April 2016 03:15 AM
මේ පොත තහනම් නොකරපු එක තමා පුදුමය (හේ)
සිරි Tuesday, 05 April 2016 04:51 PM
ප්‍රසාද් පොල්වත්තට ජනතා ප්‍රසාදය හිමිවිය යුතුයි (නි)
මොහාන් Wednesday, 06 April 2016 05:32 AM
සදා අමරණීයයි අපේ රණවිරුන් සියලුදෙනා.(හේ)
යොහාන් Tuesday, 05 April 2016 05:01 PM
ඉතාමත්ම හොඳ අගය කළයුතු කටයුත්තක් (නි)
අබය Tuesday, 05 April 2016 10:37 PM
අමරණීය වැඩක්. ඒ වගේම නොලියවුණු විරුවන් තව කොතෙක් ඇද්ද? (නි)
ශශික Wednesday, 06 April 2016 12:55 AM
රණවිරුවන් දිවිපිදූ නිසා අප අද යහතින් ජීවත්වන බව අමතකකර, ඔවුන් මිනීමරුවන් අපරාධකාරයන්ය යන මතය සමාජගත කරවමින් සිරබත් කැවීමට දංගෙඩියට දැක්වීමට කැසකවනා මේ මොහොතේ සොයුර, ඔබේ මේ පුංචි උත්සාහයට අනේක වාරයක් පින්....! (නි)
සඳරුවන් Wednesday, 06 April 2016 01:29 AM
හොඳ වැඩක්. රණවිරුවන් අමතකවෙමින් යන කාලයක කරපු අගනා වැඩක් (නි)
උදය Wednesday, 06 April 2016 03:07 AM
ඉතාමත්ම අගනා කාර්යයක් (නි)