යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් උදෙසා පිරිනැමෙන ඉහළම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ රණවිරුවන් 29 දෙනාගේ ජීවිත තොරතුරු හා දශක තුනක් පැවතුනු යුද්ධයේ තොරතුරු ඇතුලත් ප්‍රසාද් පොල්වත්ත විසින් රචිත “අමරණීය සොල්දාදුවන් විසිනවය” ග්‍රන්ථය දොරට වැඩුම අද (05) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී සිදුකැරිණි.
එම අවස්ථාවට හණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඤාණීස්සර නාහිමි, කිරින්දේ අස්සජී හිමි,ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ ත්‍රිවිද හමුදා උසස් නිළධාරීහු පිරිසක් ද සොල්දාදුවන්ගේ පවුලේ නෑදෑයෝ ද සහභාගී වූහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙළපාලි යනවා වෙනුවට මෙවැනි රණවිරුවන් ඇගයීම වසරක් පාසා සිදුකල යුතුයි. (හේ)
මේ පොත තහනම් නොකරපු එක තමා පුදුමය (හේ)
ප්‍රසාද් පොල්වත්තට ජනතා ප්‍රසාදය හිමිවිය යුතුයි (නි)
සදා අමරණීයයි අපේ රණවිරුන් සියලුදෙනා.(හේ)
ඉතාමත්ම හොඳ අගය කළයුතු කටයුත්තක් (නි)
අමරණීය වැඩක්. ඒ වගේම නොලියවුණු විරුවන් තව කොතෙක් ඇද්ද? (නි)
රණවිරුවන් දිවිපිදූ නිසා අප අද යහතින් ජීවත්වන බව අමතකකර, ඔවුන් මිනීමරුවන් අපරාධකාරයන්ය යන මතය සමාජගත කරවමින් සිරබත් කැවීමට දංගෙඩියට දැක්වීමට කැසකවනා මේ මොහොතේ සොයුර, ඔබේ මේ පුංචි උත්සාහයට අනේක වාරයක් පින්....! (නි)
හොඳ වැඩක්. රණවිරුවන් අමතකවෙමින් යන කාලයක කරපු අගනා වැඩක් (නි)
ඉතාමත්ම අගනා කාර්යයක් (නි)