වාරියපොළ නගරයේදී තිළිණි අමල්කා (22) නම් තිස්සව තරුණියට අයුතු බලපෑම් කළැයි ඇගෙන් කම්මුල් පහරකා රිමාන්ඩ් භාරයේ සිටි වාරියපොළ රොබට් චන්ද්‍රකුමාර්(30) පෞද්ගලික ඇප මත මුදාහරින ලෙස වාරියපොළ ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.කේ.එන්.පටබැඳි මහතා අද(03) නියෝග කළේය.
අමල්කා ද ඇගේ යෙහෙළියෝ ද අද(03) උසාවි පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට වසන්ත මහා සෙනගක් මැද්දේ තරුණියන්ට නොහොබිනා කතා කීම? . ඒක හැදිච්ච කමක් ද ? මෙතන දෙන්නගෙම හැදිච්ච කමේ ප්‍රශ්න තිබෙනවා. (ස)
කොල්ලා විහිළුවක් කරත් ඒකට සමාවෙන්න කියලා අතක්වත් උස්සන්නේ නැතුව ගහනකම් හිටියා. අද ඉන්න කොල්ලෝ වචනයක් වැරදුනත් ගහ මරාගන්න එන එකේ මේ කොල්ලා එහෙම හිටපු එකම මදිද? කෙල්ල හරිම අශිලාචාර විදියට මහ සෙනගක් මැද රස්තියාදුකාරියක් වගේ හැසිරුනේ. ගෑණු කමටත් ලැජ්ජයි. ගෑණු ළමයෙක් තමයි කවදා හරි මවක් වෙන්නේ. කොයිතරම් නම් දේවල් ජීවිතේ ඉවසන්න වෙනවද. කවදා හරි මේ කෙල්ල අම්මා කෙනෙක් වුනොත් මෙයාගේ දරුවෙකුටවත් පාරේ නම් බැහැලා යන්න බැරිවෙයි (නදී)
පව් අර අහිංසක කොල්ලා (නදී)
බටහිර අයිතිවාසිකම් හොරපාරෙන් දීමෙන් ඔලුව උදුම්මගෙන , ලාබෙට ජීන්ස් ඇදගෙන ගොන් පාට් දානවා, (අ)
එතකොට කොල්ල ගැහුවනම් හිරේ යන්නේ කෙල්ලද? (නදී)
අනේ ලොකු දෙයක් (නි)
අනේ පවු අහිංසකයා! (නි)
මෙතන දෙගොල්ලොම වැරදියි. තරුණිය එයාගේ ශක්තිය පෙන්නන්න ගියා ඕනෑවටත් වඩා. තරුණයත් නොහොබිනා වැඩක් කළා. ඒ තරුණියට උසුළු විසුළු කිරීමෙන්. (ස)
මේ දෙන්නම සමාජයේ අසාධාරණයන්ට ලක් වුනු පිඩිත පන්තියේ දෙන්නෙක්. රටක් තාක්ෂණිකව දියුණු වන්න වගේම අධ්‍යාපන මට්ටම් වලිනුත් දියුණු වෙන්න ඕනා. විනයක් රැකෙන්නේ එවිට. තරුණියකට තමන් කැමති විලාසිතාවකින් යාමට අයිතියකුත්, තිබෙන්න ඕනා. (නදී)
රටේ ප්‍රශ්න වැහෙන්න මේකම අල්ලන් දගලන්නේ මොකද (නදී)
පිරිම්යෙකුට මහා සෙනගක් මැද්දේ ගහපු එක වීර කමක් නොවෙයි. ඒ කෙල්ලගේ නැහැදිච්ච කම රටටම පෙන්නුවා. (නදී)
පද්මිනී සමග එකඟයි. (නදී)
පිරිමි ගුටිත් කාල වැරදි කාරයත් වෙනවා. (අ)
ඔය කොල්ල ඔලුව පහත් කරන්න ඉන්නේ බයට නෙවෙයි. පිරිමි කම තමයි ඒ පෙන්නුවේ. ගෑනුන්ට ගහන්නේ නපුංසකයෝ නිසා. (ස)
ගුටි කාලා, රෝහල් වල ඉදලා, දැන් හිරේත් ඉඳලා... මෙතනින් එහා කොහේ යන්නද? මේ කොල්ලාට සාධාරණයක් ඉෂ්ට කරන්න (නි)
සමාධි , ප්‍රශ්නයක් දිහා එක පැත්තකින් විතරක් බලා අනාගතය ගැන අනාවැකි කියන්න එපා. (නි)
එතකොට අර කොල්ලට ගහපු එකට කෙල්ලව හිරේ දෙන්නේ නැතිද. (නදී)
අද නඩුකාරයා පිරිමියෙක් වුනු හින්ද ඇප හම්බවුනා. (නදී)
මේ දෙන්නටම සමාජයෙන් "ඇපත් නෑ" .(නදී)
මේ කථාවේ හිනාම යන තැන මුළු ලංකාවම දැකපු තිළිණි අමල්කාගේ මූණ සුදු සාරියකින් වහලා ඒ විදියට මොඩල් කෙනෙකුත් දාලා උසාවිය වටේ දුවනවා. ඔය මූණ නොදැක්කෙ අන්ධ මිනිස්සු විතරයි . එන්.ජී.ඕ උපදෙස් වල මහිමය. (නදී)
මොනවා වුණත් ඒ ගැහැණු ළමයා දවසකට හරි සුපර් ස්ටාර් වුණා (නි)
අමල්කා, ඊළඟ ඡන්දෙට ඔයා ගම්පහින් ඉදිරිපත් වෙන්න. (නි)
ඔය දැන් තිලිණි අමල්කාටත් මුළු මහත් කාන්තා ප්‍රජාව ගැන හිතලා ඊළඟ ඡන්දයකදී ඡන්දෙ ඉල්ලන්නත් පුළුවන්නේ (නි)
ඒ ගැහැණු ළමයා පව් (නි)
දැන් ප්‍රසිද්ධ නිසා ඡන්දෙ ඉල්ලන්නත් පුලුවන් (නි)
මේ දවස් වල වාරියපොළ පැත්තේ බවලතුන්ට මඟුලක්වත් කරගන්න බැරුව ඇති. මනමාලි වාරියපොළ කියූ ගමන් මනමාලයෝ කකුල් දෙකට වැඳලා දුවනවා ඇති. (නි)
මම හිතාගෙන හිටියේ නැහැ අදවත් ඇප ලැබෙයි කියලා (නි)
දැන් මේකේ වැරදිකරු මේ තරුණයාද? (නි)