වාරියපොළ පොලිස් ස්ථානාධිපති රාජකාරි වේලාවේ බීමතින් සිටි බවට ලද තොරතුරක් අනුව එහි ගිය කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ උසස් නිලධාරීන් දෙදෙනකු පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිසිය කියයි.
කුරුණෑගල රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් ඔහු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවට සනාථවී ඇතැයි ද වාරියපොළ පොලිස් ස්ථානාධිපතිට එරෙහිව අද විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද වාර්තාවේ.
ඔහුගේ තනතුරේ රාජකාරී ආවරණය සඳහා වෙනත් නිලධාරියකු යොමු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අද ගොඩක් පොලිසිවල සුලබව දකින්න තියෙන දෙයක්නේ. හදිසි සෝදිසිකිරීම් කරනවා නම් ගොඩක් අය අල්ලගන්න පුළුවන්. එත් කාටද ඒවාට වුවමනාවක් තියෙන්නේ? (ම)
මාළුවා නහින්නේ කට හින්දලු'.රාජකාරි වෙලාවේ අයුතු ජනරාසියකටවත් සහභාගි වෙලාවත්ද? (ම)
ඇසල, පොලිස් නිලධාරියෙක් කියන්නේ අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි. එහෙමනම් අපිත් පොලිස් නිලධාරීන්ද? අනිත් එක පොලිස් නිලධාරීන් පැය 24 ම වැඩ කරන්නේ නෑ. ඒ ගොල්ලන්ටත් තියනවා සේවා මුර ක්‍රමයක්. ඒ සේවා මුර කාලය තුල බීල පිස්සු නටන්න බෑ. අපේ රටේ බහුතරයක් පොලිසි වල මේ ප්‍රශ්නේ තියනවා. මේ ක්‍රමේ වෙනස්කරන්න නම් උගත් සහ විනය ගරුක මිනිස්සු ඉන්න පොලිසියක් හදන්න ඕනි. එකට ඉතින් අපේ රටේ දේශපාලකයෝ කැමතිවෙන එකක් නෑ. නමුත් මහජන විරෝධයට පුළුවන් යමක් කරන්න. (ර)
ඇසළ නම් නියම බේබද්දෙක් වගෙයි ඉන්නේ පොලිසියේද (බ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ඇසල බොන්න අයිතියක් තියෙන නිසා වෙන්න ඇති බෝතල් ඉල්ලා මිනිස්සු මරනවා කියල කතාවක් යන්නේ.(ම)
බීමත්කමින් කොහොමද මෙයාලා රාජකාරි කරන්නේ? (නි)
පොලිස් නිලධාරියෙක් දවසේ පැය 24 ම රාජකාරි හැටියට තමයි සලකන්නේ. අපිට වගේ පොලිස් නිලධාරීන්ට ඇතිකළ දීමනා නැහැ වැඩි පුර රාජකාරි කරාට. ආණ්ඩුවෙන් පෙරනවානම්, ස්කාගාර අයිති ඇමැති වරුන්ටනම් ඒ මිනිසුන්ටත් අයිතියක් තියනවා බොන්න. එකට විවේක වෙලාවක් හරි ගස්සල දෙන එක විතරයි තියෙන්නේ. පොලිස් නිලධාරීන් කියන්නෙත් අපි වගේ මිනිස්සු. සම හරක් හිතාගෙන ඉන්නේ අමුතුම සත්තු ජාතියක් කියල ඉතා සුළු පිරිසක් කරන වැරදි නිසා. (ම)