කොළඹ මහාධිකරණයේ අංක 7 දොරටුව අසලදී මාධ්‍යවේදියකුට තර්ජනය කළැයි වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංගට ලබන මාර්තු 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (17) නොතීසි නිකුත් කළේය.
දණ්ඩ නීති සංග්‍රහයේ 486 වගන්තිය අනුව ධම්මික රණතුංග දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කළැයි කෙසෙල්වත්ත පොලිසිය අද බී වාර්තාවක් මගින් අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාරයේ සභාපති වෙලා මෙහෙමනම් හරි හමන් බලයක් ලැබුනොත් කොහොමද? යහපාලනෙට ඡන්දෙ දීපු අයට ලජ්ජා හිතෙනවා ඇති. (බ)
දම්මික කියන්නේ 8 වත් පාස් නැති කෙනෙක් (බ)
මහජන මුදල් සොරකම් කරන ලද නිශාන්ත වෙනුවෙන් මහජන මුදලින් වැටුප් ලබන ධම්මික රණතුංග මාධ්‍යවේදීන්ට මරණීය තර්ජනය කිරීම බරපතල කාරණයකි. මෙවන් පුද්ගලයන් යහපාලන ආණ්ඩුවක තනතුරු දැරිය යුතු නොවේ. තනතුරු දැරිය යුත්තේ හිට්ලර්ගේ ආණ්ඩුවක ය. (බ)
මේ වගේ කිසි උගත් කමක් නැති අයට සභාපති කම් දුන්න අයට ගහන්න ඕනේ. සාමාන්‍ය පෙළවත් පාස් නැති වුනාට කාර් එකම රුපියල් කෝටි කියක් වෙනවද?රටට දෙවියන්ගේම පිහිටයි (බ)
අනේ මන්දා මෙහෙම ශ්‍රී ලංකාවකද අපි ඉන්නේ? ඇත්තටම කණගාටුයි රට යන අත ගැන (නි)
කොටලා කොටලා අන්තිමට කොට්ටෝරුව කෙටුවේ නැද්ද කෙහෙල් ගහටම ? දැන් ඉතින් හෙට ඉඳල උදේ හවස පොල් ගහයිද දන්නේ නැහැ මේවා පලිගැනීම් කියල (අ)
ලංකාවේ ලොකු තනතුරු වලට එකම සුදුසුකම දේශපාලන පන්දමක් (නි)
යහපාලනය කන්න ආපු අය තමයි මේ. අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ මේගොල්ලන්ට (නි)
බලමු දඬුවම් ලැබෙයිද කියලා. ඔය විදියට චණ්ඩි වගේ වෙන්න හදන හැමෝටම මදි නොකියන්න උපරිම දඬුවම් දෙන්න ඕනෑ. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේක නුගත්කමත් සමඟ අත්වැල් බැඳගෙන එන ඔලුව ඉදිමීමේ රෝගය නිසා වන දෙයක්. (නි)
මෙයා ගැන කියන්න ගියොත් මාස ගණනක් කියන්න දේවල් මට තියෙනවා. (නි)
සහෝදරයටවත් කියලා බලමුද? (නි)
මොවුන්ට ඡන්දය දෙන අයත් ඉන්නවනේ? (නි)
ඔය රණතුංග සහෝදරයන්ගේ පියා වන අභාවප්‍රාප්ත රෙජි රණතුංග ඇමතිතුමා නම් හරිම නිහතමානී කෙනෙක්. ඒ මැතිණියත් ඒ වගේ. (නි)
දැන් ලංකාවේ තිබෙන නීතිය ගැන අපිට සතුටුවෙන්න පුළුවන්. (නි)
ඉස්සර වගේ නම් මොකක්හරි කරගන්න තිබුනා. දැන්නම් ඉතින් උසාවි එන්නම වෙනවා. 'පළිගන්නවා' වගේ මොකක්හරි දෙයක් කියමු නේද? (නි)
හොඳ වැඩේ. හොඳම වැඩේ. (නි)
මහේස්ත්‍රාත් තුමනි අනෙක් අයටත් පාඩමක් ඉගනගන්නත් එක්ක නිසි දඩුවමක් දෙන්න..(කෞ)
දැන් එතකොට සංස්‌ථා වල සභාපතිකම් දරන්න 8 පාස් වෙන්ට ඕනේ නැද්ද.(බ)
මෙතුමා යහපාලන කොට්ටෝරුවෙක් (බ)
මානයෙන් ඔලුව ඉදිමුන කෙනෙකු කිසිම තනතුරකට සුදුසු නැත (නි)
පවුලේ දේශපාලන බලය මත ඔලුවට ගත් මැර ගති , සමහරවිට උපතින් ආපු , යහපාලනය තුලත් සිදු වනවා දැකිම දුකක් , සහෝදරයකු ඇමති කම ලබපු පිනට ලද වරාය සබාපති තනතුර නොහොබිනා කෙනෙකු අතට පත්වී තිබේ කියා ජනතාව වටහා ගෙන ඉවරයි (බ)
නිවැරදිකරු කර සියලුම චෝදනා වලින් නිදහස් කරයි. අන්තිමට මාධ්‍යවේදියා වැරදිකරු වෙයි. ඔන්න නඩු තීන්දුව. (බ)
සමාජයට කරදර කරන මේ පුද්ගලයාව හිරේ යවන්න බැරිනම් කලක් රිමාන්ඩ් එකේ හරි තියන්න පච්ච සෝමේලාගෙන් වත් පාඩමක් ඉගෙන ගන්න. (බ)
මෙතුමාට "ධම්මික" කියන නම ගැලපෙනවද කියලයි මම මේ කල්පනා කළේ....(බ)
නීතියට ගරු නොකරන මේ පවුලේ අයට මෙහෙම වෙන්න ඕන. එක්කෙනෙක් නැහැ හොඳ කියන්න. යහපාලනය කොහොමද මේ වගේ අය ඇතුලට ගත්තේ ? (බ)
මෙයාව අත්අඩංගුවට ගන්නේ නැද්ද අධිකරණ භූමියේදී බිරුව කියල .(බ)
වැඩ මොකටද? අපේ ජනතාවට කටයි බඩයි තිබුනහම ඇතිනේ! (නි)
මේ වගේ ගනන්කාරයෝද මේ තනතුරු වලට පත් කරලා තියෙන්නේ? (ර)
යහපාලනයට දැන් පාණ්ඩුව හැදීගෙන එනවා වගේ. (නි)
කෑමෙන් හොඳම කෑම ඉල්ලා ගෙන කෑම (හේ)
මෙයා තමයි වර්තමාන රජයේ වරයා සභාපති.(හේ)
අපි ගොඩක් දේවල් මෙතුමා ගැන දන්නවා. ඒ නිසා මේ වෙන දේවල් ගැන අපිට පුදුමයක් නැහැ (නි)
නියමයි හොද වැඩේ.(හේ)
මොවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තිය සුදුසුකම් පිළිබඳව විමසාබලා ආයතනයක සභාපති ධුරයක් දැරිය හැකිදැයි තීරණය කරන්න (නි)
අපි නම් මෙහෙම දේවල් වෙන එක ගැන පුදුම වෙන්නේ නැහැ. (නි)
හොඳ ඉල්ලන් කෑමක්. (ර)