එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි මඩ පෝස්ටර අලවමින් සිටි බව කියන හය දෙනෙක් අම්පාර උහණ ප්‍රදේශයේ දී ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දෙනු ලැබූහ.
‘යුරෝපා සංගමය එල් ටී ටී ඊ තහනම ඉවත් කරයි. රනිල් යුරෝපයෙන් වැඩ අරඹයි‘ යනුවෙන් එම පෝස්ටරවල සඳහන්ව තිබිණි.
‘ශ්‍රී ලංකා වරාය අධිකාරිය‘ ලෙස සඳහක් කර තිබූ වාහනයකින් මේ පෝස්ටර ගෙන යමින් තිබුණු බව ගම්වාසීහු කියති.
(වීඩියෝ සහ ඡායාරූප අචල පුස්සැල්ල)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම රනිල් යුරෝපයෙන් වැඩ අරඹලා තියන හැඩැයි. මගේ දැනීමේ හැටියට එහෙදී සැලසුම් කල පෝසටර් තමයි මේ නැව් හරහා කොළඹට ඇවිත් තියෙන්නේ. මෙම පෝසටරය අනුව යුරෝපා අධිකරණයටත් බලපෑම් කල හැකි රනිල් මහතා පෝස්ටර් බෙදා හැරීම සදහා රජයේ වාහන භාවිතා කිරීම නිති විරෝධි බැවින් ඔහුට දඩුවම් ලබා දිය යුතුයි (නදී)
ඔය පෝස්ටර් වලට, වාහන වලට ගෙවන්නේ අපේ බදු සල්ලි කියලා අමතක කරන්න එපා. මට පෙනෙන විදියට සමහරු හොඳටම බයවෙලා වගේ රනිල් දිනයි කියලා. හැබැයි මතක තියාගන්න, බුදුදහමේ හැටියට දිට්ට ධම්ම වේදනීය කර්ම කියලා දෙයක් තියෙනවා කියලා (නි)
වීරයෝ වගේ පොලිසියට යන්නේ. දන්නවා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. (නදී)
අපේ රටේ දේශපාලනය කියන්නේ ඕකට තමා. එදා ඉඳලා කළේ එකිනෙකාට මඩගහන එක. (නි)
මට හිතාගන්න බැහැ බයයි (නදී)
මම සාස්තරකාරයෙක් නම් නොවෙයි. ඒත් මට බයහිතෙනවා ඉදිරියේදී මේ රට සිවිල් යුද්ධයකට ඇද වැටෙන්න පාර කැපෙනවාවද්ද කියලා. (නි)
ජනතාවගේ මුදල් වලින් කරන දේවල් තමා මේ. (නදී)
තමන් බලයේ ඉන්න කාලයට එන මැතිවරණ වලදී රජයේ දේපළ තම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක වැඩට යොදාගැනීම ඔය කොයි පක්ෂයත් කරන දෙයක්. රජයේ සේවකයින් මේක දන්නවා. (නි)
ආණ්ඩුව හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සු මෝඩයි කියලද. ලංකාවට ගිය කලක්. (නදී)
කොහොමත් අපේ රටේ අද ඉන්න දේශපාලඥයින්ගෙන් රනිල්ට තිබෙන ජාත්‍යන්තර දේශපාලන දැනුම පළපුරුද්ද වෙන කාටවත් නැහැ. (නි)
ඔතන තියෙන්නේ වරාය අදිකාරියේ වහානයක් නෙවේලු. අපි නෙවේ කියන්නේ පොලිස් මාද්‍ය ප්‍රකාශක කියන්නේ. හවස් වෙනකොට මේ පෝස්ටර් ගෙනාපු අය සමගම වාහනයත් නිදහස් කරලා. රටේ නීතිය නැහැ. (නදී)
කේ පි කරුණා පිල්ලෙයාන් සමග එකට කන කට්ටිය තමයි ශත පහක් වත් හොරකම් කර නැති නායකයට මඩ ගහන්නේ (නදී)
ආණ්ඩුවට කඩේ යන වාහිණී කිව්වේ වාහනය වරාය අධිකාරියට අයත් එකක් බවට තවම හඳුනාගෙන නැහැ කියලා. අර යස අපුරුවට ගහල තියෙන්නේ වරාය අධිකාරිය කියලා. (නදී)
යුරෝපා සංගමයට බලපෑම් කරන්න රනිල්ට පුලුවන් නම් ඇත්තටම රනිල් දක්ෂයෙක්. ඔහු වගේ කෙනෙක් තමයි (නදී)
අනිල් රෝහණ - හොරුන්ට වංචාකාරයන්ට කඩේ යන ගමන් වැදගත් අවංක මිනිසුන්ට මඩ ගහන්න එපා. මේ දේවල් වලින් රනිල් ට වත් යුන්පි එකට වත් විපක්ෂයට වත් නෙමෙයි හානි වෙන්නේ අපේ රටටයි හානි වෙන්නේ. (නදී)
මෙන්න මේක තමා හැමදාම ආණ්ඩුව කලේ. රනිල්ට මඩ ගහනවා. රනිල් අවොත් 10,000 පඩි වැඩි කරනවා. පෙට්‍රල් අඩු වෙනවා. හොරුන්ට දුවන වෙනවා. (නදී)
වර්තමාන පාලකයෝ ජනතාව රවටලා හරි බලෙන් හරි තමයි බලයේ ඉන්නේ. පාර්ලිමේන්තුවේ අද ඉන්න හුඟ දෙනෙක් ඇවිත් ඉන්නේ එ.ජා.ප. ඡන්ද වලින්. (නදී)
රටට ජාතියට ආදරය කරන මෙම උත්තමයට කරන මේ මඩ ගැසීම නම් මහපොලව වත් ඉවසන්නේ නැහැ. (නදී)
21 රෑ ටී වී ප්‍රවෘත්ති වල පළවූ ඡායරූපයේ, යුරෝපයේදී රනිල් මයා සමග සිටි අනික් පුද්ගලයන් කවුද කියල එලි දරව් කරන්න. එතකොට අපට කියන්න පුළුවන් මොකද වුනේ සහ වෙන්න යන්නේ මොකක්ද කියලා. (නදී)
අනේ මන්ද රෝහණ මහත්තයෝ, මාත් හොයන්නේ කොහෙද මඩ තියෙන්නේ කියලා. මේ කාරනා දෙකම ඇත්තනේ. අන්න අපි මඩ දැක්ක මේ ඊයේ පෙරෙයිද රුපවාහිනී නාලිකාවක නම්. අන්න මඩ. අනෙක මේක අල්ලලා තියෙන්නේ ගැමියෝ නෙමෙයි දයා ගමගේගේ කට්ටිය. ගැමියන්ට ඔය අමාරු නැහැ. වරාය ආධිකාරිය කියන්නේ රාජ්‍ය ආයතනයක් උනත් එදා ඉදලම සැම රජයක්ම තම දේශපාලන අවශ්‍යතා පිරිමසා ගත් තැනක්. යකඩෝ මුන් හදෙන් ගොඩ බැහැල වගේනේ මේකේ කතාව. අපි නම් 77 ඉදල 94 වෙනකම් කාලෙත් අත් විදලා අද මෙතන ඉන්නේ. (නදී)
ඉතා අසාදාරන ක්‍රියාවක්. ඉදිරියේදී ජනතාව මඩ වලට පිළිතුරු දෙයි. ඔය විදිහට තමා ඡන්දෙ කරන්ඩ හදන්නේ. බොරුව හැමදාම දිනන්නේ නෑ (නදී)
වරායේ සේවකයින්ට පැය 900ක අතිකාල දීලා පඩි සහිතව ජනාධිපතිවරණයට වැඩ කරන්න නිදහස් කරලා තියෙන්නේ. විශේශයෙන් ආරක්ෂක අංශයේ සේවකයින්. කැමති කෙනෙක්ට ඉල්ලලා යන්න පුලුවන් ඡන්දෙට වැඩ කරන්න. ඔන්න රටේ හැටි. (නදී)
ඉතාම කණගාටු දායක සිදුවීම් නේද මේ රනිල් මහතාට මඩ ගහන්නේ. එතුමාගේ තිබෙන නිහතමානී හොරකම් කරන්නේ නැති බොරු කරන්නේ නැති ගතිගුණ දිහා බලා මොලේ කල්පනා කරලා තමන්ගේ වටිනා ඡන්දය මේද පාර පාවිච්චි කරන්න (නදී)
මහත්වරු වගේ ක්‍රීඩාව කරන්දකෝ, අැයි මේ බොරුව හොරකම, ජඩකම. අපිට කවුරු දිනුවත් එකයි. සත්‍ය ජය ගත යුතුයි. (හේ)
පඩි වැඩි කරන්න සල්ලි හොයන හැටිත් කිව්වා නම් නේද හොඳ? නැත් නම් අර තරුණයන්ට බ්‍රේස්ලට් දුන්න වගේ වෙයි. (නදී)
ඔය වගේ මඩ පෝස්ටර අරන් ගිය වාහනයක් පසුගිය මැතිවරණයකදී කුරුණෑගල පැත්තේදී නිදහස් කළා. ඔහු දැනට රිමාන්ඩ් බාරයේ ඉන්න කාකි කෝට් කාරයෙක්. (නදී)
ගඩාෆිගෙන් සහ සදාම්ගෙන් පාඩම් ඉගෙන ගත යුතුයි. අපේ රට එච්චර දරුනු නැහැ. එ්ත් ඕනාවට වඩා බලයට කෑදර වීම විනාසයට හේතු විය හැකිය. (නදී)
යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීමට තරම් මේ රටේ විපක්ෂ නායකයට හැකියාවක් තිබේනම් ඔහු ප්‍රබල ජාත්‍යන්තර නායකයෙක්.(හේ)
නොදන්නා නිසයි අහන්නේ මේ පෝස්ටරේ මොනවද තියන මඩ?යුරෝපා සංගමය කොටි තහනම ඉවත් කළා නේද ?රනිල් මහත්තයා යුරෝපයේ එක්සත් ජාතික පක්ෂේ වැඩ ඇරඹුවේ නැද්ද ? (නදී)
යුරෝපා සංගමයට බලපෑම් කරන්න පුළුවන් නම් රනිල් ඇත්තටම දක්ෂයෙක්.ඔහු වගේ කෙනෙක් තමා අපේ රටට අවශ්‍ය. මේවා මඩ කතා. මඩ පෝස්ටර් ගහන්නේ ජනතාවගේ මුදල් වලින්. (නි)
මේක පුදුම වැඩක්. ආණ්ඩුවට නැති හැකියාවක් රනිල්ට තියෙනවා. මොකද විපක්ෂ නායකයකට ඔය විදියට යුරෝපයේ ගිහින් වැඩ කරන්න පුලුවන් නම් ආණ්ඩුවට කොච්චර හැකියාවක් තිබෙන්න ඕනද? ඕකට කියන්නේ ආණ්ඩුවට තියෙන රාජ්‍ය තාන්ත්‍රික හැකියාවේ අසමත් කම (නදී)
අනික අනුන්ට මඩ ගහන්න කලින් තමන්ගේ මුහුණේ දැලි කුණු හෝදාගත්තොත් නේද හොඳ? (නි)
මේ පටන්ගැන්ම. දෙගොල්ලෝ ගැනම ජනතාව දන්නවා. ජනතාව වෙලාවට තීරණය දෙයි. එතෙක් ඉවසමු! (නි)
දැන් මෙතන තිබෙන ප්‍රශ්නය රජයේ වාහනයක් පාවිච්චි කළ එක විතරයි නේද? පෝස්ටරේ මොකද්ද වැරැද්ද? (නි)
මේ වාහන වලට ඩීසල් ගහන්නේ අපේ සල්ලි වලින්. රියදුරාට පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින්. නමුත් අපි සද්ද නැතුව ඉන්න ඕනා. (නදී)
මටත් මේකේ මඩ ගැහීමක් පෙනෙන්නේ නැහැ. කියලා තියෙන දෙය ඇත්ත නිසා සමහරුන්ට එය තිත්ත වෙලා. පක්ෂග්‍රාහී වුණාම කිසි කෙනෙකුට තමන් කරන කියන වැටහෙන්නේ නැහැ. (නි)
ඇත්තටම බයවෙලාවද්ද? (නි)
කවුරු කවුරුත් මේවට වගකියන්න ඕනේ. අන්තිමේදී දුක් විදින්නේ අපි තමයි මෙයාලගේ වැඩ වලින්. (නදී)
ඇත්තටම රනිල් වැඩ පටන් අරන් තමා. කොහොමත් රනිල් බලන්නේ ජනාදිපති වෙන්න. (නදී)
මේ මහජන සල්ලි වලින් පෝස්ටර් ගහන හොරුන්ට හොඳ මට්ටුවෙන දඬුවමක් දෙන්න ඕනෑ (නි)
ලංකාවේ ඉන්නේ කොහොමත් අමුතුම ජාතියේ කට්ටියක් තමයි (නි)
මහින්ද මහත්තයට විරුද්ධව කවුරු ඡන්දෙට ආවත් එයා එල් ටී ටී ඊ එකේ සපෝටර් කෙනෙක් නැත්නම් රට පාවාදෙන්නෙක් කිව්වම රටේ ජනතාව පහසුවෙන් අන්දන්න පුළුවන්. පසුගිය කාලේ කලෙත් ඔය ටිකමනේ. මේකත් එහෙම වැඩක් කියල තමයි කියන්න තියෙන්නේ. (නදී)
පෝස්ටර් අල්ලපු පොලිසියට මොනා වෙයිද?(හේ)
ජනතාව රවට්ටන එක නම් ටිකක් අමාරුයි (නි)
ඔන්න ගිනි අවි සහ ගිනිකෙළි පටන් අරගෙන. (නි)
ඇත්තටම රනිල්ට මේ වගේ දෙයක් කරන්න පුලුවන් නම් රනිල් තමයි ජනාදිපති කමට නියම සුදුස්සා. ඊළඟට ජනාදිපති වුනහම ගිහින් කියන පරක්කුව විතරයි අාපහු තහනම් කරයි. (නදී)
මේවා මඩ පෝස්ටර් වෙන්නත් බැහැ. ඇත්තකුත් තියෙනවා (නදී)
තමන් හොඳ නම් කවුරු මොනවා කළත් බයවෙන්න හේතුවක් නැහැ (නි)
අනිල් රෝහණ, ඔයා කඩේ යන්න. තේරුම කණපිට පෙරළන්න උත්සාහ කළාට හිතන්න එපා මිනිස්සු මෝඩයි කියලා (නි)
වරාය වාහනයක් කොහොමද මේකට ගෑවුණේ? (නි)
දන් ඉතින් ජනාදිපතිවරණය ලඟ නිසා මේ වගේ චෝදනා ඉදිරිපත් කරලා එ්කෙන් රජය වාසියක් ගන්නයි උත්සහ කරන්නේ. (නදී)
පෝස්ටර්, කවි කොළ තිබුනේ ටීවී, අන්තර්ජාල නැති වකවානුවක.හැම පක්ෂයක්ම නවීකරණය කළයුතුයි.පෝස්ටර් වලින් ඡන්ද වෙනස් කරන්න පුළුවන් කාලයක් නොවේ වර්තමානය. (නි)
අපේ රනිල්ට ජයවේවා! ලොව පිළිගත් නායකයා! එතුමාගේ දක්ෂතා අපි තාම ප්‍රයෝජනයට ගත්තේ නැහැ (නි)
රජයේ/ මහජන ආයතනයක මුදල් වියදම්කර එවැනි දේ සිදුකළා නම් එවැන්නක් වැරදියැයි තවමත් තේරුම්ගත නොහැකි අය ලංකාවේ සිටීම ගැන පුදුමයි (නි)
මයුර,ඔබ හරි. ජනතාව ඒක තේරුම් අරගෙන තියෙන්නේ (නි)
මේකද ලංකාවේ නීතිය? (නි)
ලෙස්ලි ලෝව්, මම රනිල්ට සහයෝගය දක්වන කෙනෙක් නෙමෙයි. ඒත් රනිල්ගේ කාලේදී මෙහෙම කෝටි ප්‍රකෝටි ගණනින් ගසාකෑම් තිබුණේ නැහැ. (නි)
සත්‍ය ජයගන්නවා මේ මඩ පෝස්ටර් වලින් ජයගන්න බැහැ පුලුවන්නම් ජනතාවගේ බලයෙන් ජය ගන්න මොනවා වුණත් රනිල් ලග බොරු නැහැ (අ)
මේවා නම් බොහොම වැරදි වැඩ (නි)
රනිල්ට ජය වේවා! (නි)
මට අහුවුණා නම් ඔය පෝස්ටර් ගෙනා, අලවපු අයව, හොඳ දඬුවමක් ඒ වෙලාවෙම දෙනවා. මොකක්ද දන්නවද? පෝස්ටර් ඔක්කොම බලෙන් කවනවා.ගගහා කවනවා. (නි)
ඇත්තටම දුමින්ද මහත්තයෝ, රනිල් ලග මොනවද තියෙන්නේ..? දන්නේ නැති නිසා අහන්නේ. (නදී)
මම රනිල් මහත්තයාගේ ප්‍රතිපත්ති පිළිගන්නේ නැහැ. නමුත් මේ මඩගැහිලි නරකයි. මේකෙන් පෙනෙන්නේ ඔහුට මඩගහන අය ඔහුට කෙළින් මුහුණ දෙන්න බයයි කියන එකයි. බරපතලම කාරණය තමයි අපේ රාජ්‍ය දේපල මෙවන් වැඩ වලට යොදාගැනීම. (නි)
පෝස්ටර් වල මඩ තිබෙන බවක් මට නම් දැනෙන්නේ නැහැ. ඇයි රනිල්ගේ පක්ෂය මේ ගැන මාධ්‍ය ප්‍රකාශයක් කරන්නේ නැත්තේ? (නි)
දැම්මම වැඩ පටන්ගෙන වගේ. (නි)
දේශපාලනයෙන් සත පහක් හොරකම් නොකළ රනිල්ට මඩගහන එක වැරදියි (නි)
කවුරු මේවා කරන්න ඇද්ද? (නි)
මේ වගේ වැඩ කරන එක අද සාමාන්‍ය දෙයක්. මේවාට කවදාවත් දඬුවම් නැහැ. (නි)
අනේ අනිච්චන් දුක්ඛං! (නි)