කොළඹ වරායට කන්ටේනර් ප්‍රවාහනය කරන ප්‍රයිම් මුවර් රියදුරන් සහ සහායකයන් පෙර දින රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය අද දිනය පුරාම ක්‍රියාත්මක විය.
කොළඹ වරායේ බහාලුම් හුවමාරු පර්යන්තයේ වැඩ කටයුතු අඩාල විය.
අද දහවල් වරාය පොලිසිය මැදිහත් වී වරාය බලධාරීන් සමග සාකච්ඡා කිරීම සදහා වර්ජකයන්ට අවස්ථාවක් දුන්නේය.
එම බලධාරීන් පොරොන්දු වූ පරිදි විසඳුම් ලිඛිතව ලබා නොදීම නිසා වර්ජනය තවදුරටත් පවත්වන බව කන්ටේනර් ප්‍රවාහන ප්‍රයිම් රථ රියදුරන් සහ සහායකයෝ පවසති.
කන්ටේනර් රථ ප්‍රවාහකයන්ගේ සංගමය හා කන්ටේනර් රථ හිමිකරුවන්ගේ සංගම්වල සාමාජිකයින් ද මෙම වර්ජනයට එක්ව සිටිති.
දිනපතා වරාය ඇති වන ප්‍රමාදය නිසා දැඩි දුෂ්කරතා ඉවසා ගත නොහැකි මෙම වර්ජනය ආරම්භ කළ බව වර්ජකයෝ කියති.
නැව්වලින් ගොඩ බාන බහාලුම් ප්‍රයිම්මුවර් වලට පැටවීමේ දී ඇතිවන ප්‍රමාදය හා වරායේ නොයෙක් අංශවල සේවකයන්ට නොයෙක් ආකාරයෙන් සංතෝසම් දීමට සිදුවීම වැනි ගැටළු ගණනාවක ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය ඇති වීමට හේතු වූ බව ද ඔවුහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් කැම්පස් සිසුන් ට බනින අයියල මේවට මොකුත් කියන්නේ නැද්ද ? (බ)
වරායෙන් වැඩක් ඉක්මනින් සහ පහසුවෙන් කරගන්න පුළුවන් වෙන්නේ එක්තරා කට්ටියකට පමණයි. මේක මගේ පුද්ගලික අත්දැකීමක් (නි)
චමිල, මේවා තමයි ඇත්තම වර්ජන. විශ්ව විද්‍යාල වල වෙන්නේ නිකන් බොරුවක්. විශ්ව විද්‍යාලයේ ඉන්නාතුරු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතාකරන කෙනා තමයි එළියට ඇවිල්ලා පළමුව ඒකට වළකපන්නේ! (නි)
රජයේ සේවකයන් හා විශ්වවිද්‍යාල සිසුන් විතරක් නොවෙයි පුද්ගලික සමාගම් හා එහි සේවකයනුත් නඩත්තු වෙන්නේ මහජන මුදලින් තමයි. ඒවායින් සපයන භාණ්ඩ හා සේවාවන්ට ගෙවන මහජන මුදල් වලින් මෙම ආයාතන හා එහි සේවකයන් නඩත්තු වන අතර රජය බදු මුදල් වලින් රාජ්‍ය සේවකයන් හා විශ්වවිද්‍යාල පාසල් රෝහල් වැනි ආයතන නඩත්තු කරන අතර දැන් මේ කන්ටේනර් රියදුරන් ඉගුරුකඩේ හන්දිය මාර්ගය අවහිර කරගෙන උද්ඝෝෂණය කරගෙන කරන විට එය සධාරණීකරන කරන අය විශ්වවිද්‍යාල සිසුන් හා රජයේ සේවකයන් උද්ගෝෂණ හා වර්ජනය කරනවිට දොස්නගන්නේ හුදෙක් ද්වේශ සහගත සිතුවිල්ලෙන් බව පෙනේ.(දිල්)
මේක විශ්වවිද්‍යාල සිසුන් කළා කියුව නම් මෙතන මොන තරම් අදහස් දාවිද ? දැන් පාරවල් බ්ලොක් වෙන්නේ නෑ, කාටවත් ඉක්මනට ගෙදර යන්න ඕනෙත් නෑ(අ)
මේ සිද්ධිය පැත්තෙන් කවුරු හරි ඇති.(හේ)
ඔබලාගේ සටන අසාධාරණයට /වංචාවට එරෙහිව. අපි සුබ පතමු (දිල්)
පගාව දෙන්න බැහැ කියලා වර්ජනයක්, වරාය සේවකයන් ලැජ්ජ විය යුතුයි , (හේ)
ප්‍රමාධ වුනාට රියදුරු මහතුන්ට ප්‍රශ්නයක් නැත, වරායෙන් පිටවුණ වෙලාවේ සිට නැවතුම දක්වා ප්‍රමාධ නොවී පරිස්සමින් ධාවනය කරන්න.(අ)
ඕව ඔක්කොම සත්තකින්ම ඇත්ත. ලංකාවට මෙහෙන් අපිට බඩු යවන්න එච්චර අමාරු නෑ. ලංකාවට ගියපුහාම ෆොක්ලිෆ්ට් එකේ ඉදන් හැම කෙනාටම සල්ලි දෙන්න ඕන. අනික බඩු ආරක්ෂිතව නෑ. පුදුම රස්නයක් ඇතුලේ තියෙන්නේ. කෑම ජාති විනාශ වෙනවා. ලොරිවලින් සල්ලි දෙනවා මම ඇස් දෙකින්ම දැකල තියෙනවා(අ)
ඊලගට වර්ජනය මොන සේවයෙන්ද කියල දැන ගන්න පුලුවන්නම් හොදයි. (අ)
ඊළඟ වර්ජනය ක්‍රිකට් බලන ප්‍රේක්ෂකයෝ. අපි ක්‍රීඩකයින්ට කැමති, සමහරුන්ගේ තීරණ වලට විර්ද්දයි.(අ)
මම හිතන්නේ වාරයේ මහත්තුරුන්ට කලිසම් ඕනත් නෑ වැඩට එන්න. නියම වැඩේ කරලා තියෙන්නේ. (අ)
අපි පිටරට දුක්විඳලා,මොනවාහරි ගෙදරකට උවමනා බඩු ටිකක් ගෙනාවොත්, ඒක ගන්න ගියාම කී දෙනෙකුට ජරාව දෙන්න ඕනෑද? (නි)
අල්ලස දූෂණයට එරෙහිව පාරට බසින්නට පිටකොන්දක් තිබුනු මේ දුප්පත් රියදුරන්ට අපේ ප්‍රණාමය පුදකරමු! (නි)
මම වෙළඳ නැවක වැඩකරන නාවිකයෙක්. දවසක් මම ගෙදර යනකොට මගේ පොඩි දරුවන්ට කන්න ඇපල් ගෙඩි 6ක් අරගෙන ගියා. අපිට නැව් වල කන්න ලැබෙන දිනපතා ලැබෙන ඇපල් ගෙඩිය එකතුකරගෙන ගියේ. නැවෙන් බහිනකොටම එතන හිටි ආරක්ෂකයෙක් බෑග් එක බලලා ඇපල් ගෙඩියක් සාක්කුවට දාගත්තා. ඊටපස්සේ ගේට්ටුව ළඟදි "ආ මල්ලි අපිත් කන බොන කට්ටිය" කියලා තව ඇපල් ගෙඩි දෙකක් තව කෙනෙක් සාක්කුවට දාගත්තා. අන්තිම දෙකටත් ඒකම වුණා. පස්සේ මම පිටකොටුවෙන් ජරා ඇපල් ගෙඩි 6ක් සල්ලි වලට අරගෙන ගෙදර ගියා. (නි)
චමිල, අපි මේ අයගේ නඩත්තු වලට බදු ගෙවන්නේ නැහැනේ. අනෙක මේ අය හැමදාම පාරවල් අවහිර කරන්නෙත් නැහැ. ජනතාව නිස්කාරනේ උද්ඝෝෂණ වර්ජන වලට විරුද්ධ වෙන්නේ නැහැ. යම් හේතු ඇතිවයි එහෙම කරන්නේ. (නි)
වර්ජනයකින් තොරව ඉල්ලීම් දිනාගත නොහැකි තත්ත්වයකට අද ලංකාව පත්වෙලා (නි)
අද කාලයේ අල්ලස නැතුව මොනම දෙයක්වත් කරගන්න අමාරුයි (නි)
ගියවාරයේ ගෙදරට යවපු බඩු පෙට්ටිය නිදහස් කරන්න ටැක්ස් එක 15000/-ක් දාලා දෙන්නම් කියලා පගාව 25000/-ක් ඉල්ලුවා. දුන්නේ නැති නිසා එක දෙයකින් එකකට වඩා තිබෙන්න බැහැ කියලා ටැක්ස් දඩ 30000/-ක් ගෙවන්න වුණා. ගෙදරට සවිකරන්න ගෙනා සෝලා පැනල හය තමයි හේතුව කරගත්තේ (නි)
ලෝකයේ මෙච්චර දියුණු ක්‍රම තියාගෙන රජයට ඇයි මේ දේවල් වළක්වන්න බැරි? (නි)
අශෝක , මම ඔබ අගයමි. මමත් කාලයක් නැව් සංස්ථාවේ නැව් වල සේවය කළ නාවිකයෙක් හැටියට මේ ගැන හොඳ පළපුරුද්දක් ඇති අයෙක්මි (නි)
දැන් ඉස්සහරහට තව කවුරු කවුරු වර්ජනය කරයිද දන්නේ නෑ.(හේ)
ඩිලාන් , හේතු දෙකම එකයි. එකම හේතුව හැමදේම දේශපාලනීකරනය වීම. (නි)
ඉහළම තැන ඉදල පහලම තැනට එනකම්ම පගාව ගන්න රටේ වරාය පගාව ගන්නවා කිව්වම පුදුම වෙන්න දෙයක් නැ. සමහර රවල්වලින් පගාව ගන්නවා. පුංචි එවුන් අපේ රටේ මිනිස්සුන්ගෙන්ම ගන්නවා. (බ)
අද ඉල්ලීම් දිනා ගන්න කරන මේ සේවක වර්ජනය සාර්ථක වේවා (බ)