ජාතික පුර්ව රසායනික පාලක අධිකාරියේ අනුමැතියක් නොමැතිව මීට වසර දෙකකට පෙර කොළඹ වරායේ තිබු “පොටෑසියම් පර්මැන්ගනේට්” යන රසායනික ද්‍රව්‍ය දැවීමෙන් සෑදෙන විෂ ද්‍රව්‍ය තොගයක් රඳවා තිබු බහාලුම් හොර රහසින් වරායෙන් පිටතට ගෙනවිත් විනාශ කිරිමේ වෑයමක් අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා හෙළි කළේය.
මෙම විෂ ද්‍රව්‍ය රඳවා තිබු නැව සිංගප්පුරු වරායේ දී ගිනි ගෙන තිබු අතර එය ආපසු ලංකාවට එවා ඇති අතර එය ගෙන්වු ආනයනකරුවන් හොරෙන් වරායෙන් පිට කරගෙන දිවයිනේ කිසියම් ප්‍රදේශයකට ගෙන ගොස් විනාශ කිරිමේ වැඩ පිළිවෙලක් ඇති බවත් සමරසිංහ මහතා කීවේය.
අධි විෂ සාන්ද්‍රණයකින් යුතු මෙම රසායනික විෂ ද්‍රව්‍ය තොගය කිසියම් භුමි
ප්‍රදේශයක පොළව යට වැළලුවහොත් එය තදින්ම බලපාන්නේ භූගත ජලයට සහ පසට බවත් වර්ථමානයේ මුළු රටටම ව්‍යසනයක් වු දිවයින පුරා සිඝ්‍රයෙන් පැතිරෙන වකුගඩු රෝගයට හේතුවන බවත් මෙම අනාරක්ෂිත ක්‍රියාදාමය කෙරෙහි විමසිල්ලෙන් බලා සිට එයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මොනවාද මේ කරන්නේ.(නදී)
නිලංග මහත්තය මෑතකදී උඩින් පහත් වුනු කෙනෙක්ද. එයා දේශපාලනයේ යෙදෙන බව පැහැදිලියි. අනෙක ඔය පොටෑසියම් පර්මන්ගනට් ගැන ඕනෑම ළමයෙක් දන්නවා. එය ගිනිගන්න ද්‍රව්‍යක් නොවෙයි. ඔක්සිජන් හදන ද්‍රව්‍යක්. අනෙක ලංකාවේ පාසල් වල දැනටත් අදිකවම බාවිතා කරන දෙයක්. වකුගඩු රෝගයට පොටසියම් පර්මන්ගනට් බලපානවා කියල කවුද කියන්නේ ? මේක තනිකරම ජනතාව නොමග යවන කතාවක්. (නදී)
වහාම මෙය නවත්වන්න පියවරක් ගන්න. රජය මේ ගැන වහාම ක්‍රියාත්මක විය යුතුයි (නදී)
වෛද්‍ය නිලංග සමරසිංහ මහතාට ප්‍රණාමය පුදමි. කරුණාකර මේ සමාගම මුද්‍රා තබන්න මොවුන්ට විරුද්දව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න මොකද අපේ මිනිස්සුන්ට සල්ලි ටිකක් දුන්නොත් ඕනේ දෙයක් වලලන්න දෙයි (නදී)
මොනවා කරත් ..., ඉක්මනට මහත්තයෝ.(නදී)
රටට දැයට වැඩ ඇති, බලයට ධනයට යට නොවන, මෙවැනි වෘතීකයන් අපේ රටේ හිඳීම ඉතාම සතුටට කරුණක්. (නදී)
මෙයත් කියනවා විතරයි, වැඩ නැහැ. කුඩු ලිස්ට් එකක් ගැන කිව්වා තාම එලියට දැම්මේ නැහැ. (නදී)
මෙවැනි ජාතික අපරාද කරන්නන්ට නීතියෙන් බැරි නම් ජනතාව විසින් දැඩි දඬුවම් කළ යුතුයි. මුදලට මේ ගොල්ලන්ව බේරා ගැනීමට සුදානම් පිරිසක් මේ රටේ ඉන්නවනේ.(නදී)