ජාතික පුර්ව රසායනික පාලක අධිකාරියේ අනුමැතියක් නොමැතිව මීට වසර දෙකකට පෙර කොළඹ වරායේ තිබු “පොටෑසියම් පර්මැන්ගනේට්” යන රසායනික ද්‍රව්‍ය දැවීමෙන් සෑදෙන විෂ ද්‍රව්‍ය තොගයක් රඳවා තිබු බහාලුම් හොර රහසින් වරායෙන් පිටතට ගෙනවිත් විනාශ කිරිමේ වෑයමක් අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා හෙළි කළේය.
මෙම විෂ ද්‍රව්‍ය රඳවා තිබු නැව සිංගප්පුරු වරායේ දී ගිනි ගෙන තිබු අතර එය ආපසු ලංකාවට එවා ඇති අතර එය ගෙන්වු ආනයනකරුවන් හොරෙන් වරායෙන් පිට කරගෙන දිවයිනේ කිසියම් ප්‍රදේශයකට ගෙන ගොස් විනාශ කිරිමේ වැඩ පිළිවෙලක් ඇති බවත් සමරසිංහ මහතා කීවේය.
අධි විෂ සාන්ද්‍රණයකින් යුතු මෙම රසායනික විෂ ද්‍රව්‍ය තොගය කිසියම් භුමි
ප්‍රදේශයක පොළව යට වැළලුවහොත් එය තදින්ම බලපාන්නේ භූගත ජලයට සහ පසට බවත් වර්ථමානයේ මුළු රටටම ව්‍යසනයක් වු දිවයින පුරා සිඝ්‍රයෙන් පැතිරෙන වකුගඩු රෝගයට හේතුවන බවත් මෙම අනාරක්ෂිත ක්‍රියාදාමය කෙරෙහි විමසිල්ලෙන් බලා සිට එයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වරායේ රහසක් එළි කරයි
චන්න බුවනක Thursday, 30 July 2015 09:02 PM
මේ අය මොනවාද මේ කරන්නේ.(නදී)
සුණදිංම Friday, 31 July 2015 01:40 AM
නිලංග මහත්තය මෑතකදී උඩින් පහත් වුනු කෙනෙක්ද. එයා දේශපාලනයේ යෙදෙන බව පැහැදිලියි. අනෙක ඔය පොටෑසියම් පර්මන්ගනට් ගැන ඕනෑම ළමයෙක් දන්නවා. එය ගිනිගන්න ද්‍රව්‍යක් නොවෙයි. ඔක්සිජන් හදන ද්‍රව්‍යක්. අනෙක ලංකාවේ පාසල් වල දැනටත් අදිකවම බාවිතා කරන දෙයක්. වකුගඩු රෝගයට පොටසියම් පර්මන්ගනට් බලපානවා කියල කවුද කියන්නේ ? මේක තනිකරම ජනතාව නොමග යවන කතාවක්. (නදී)
කැනඩා දිසා Friday, 31 July 2015 04:02 AM
වහාම මෙය නවත්වන්න පියවරක් ගන්න. රජය මේ ගැන වහාම ක්‍රියාත්මක විය යුතුයි (නදී)
ලක්මාල් Friday, 31 July 2015 05:14 AM
වෛද්‍ය නිලංග සමරසිංහ මහතාට ප්‍රණාමය පුදමි. කරුණාකර මේ සමාගම මුද්‍රා තබන්න මොවුන්ට විරුද්දව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න මොකද අපේ මිනිස්සුන්ට සල්ලි ටිකක් දුන්නොත් ඕනේ දෙයක් වලලන්න දෙයි (නදී)
හුසේන් මොහමඩ් Friday, 31 July 2015 06:26 AM
මොනවා කරත් ..., ඉක්මනට මහත්තයෝ.(නදී)
ශාමන්ත වෙල්ගම Thursday, 30 July 2015 12:02 PM
රටට දැයට වැඩ ඇති, බලයට ධනයට යට නොවන, මෙවැනි වෘතීකයන් අපේ රටේ හිඳීම ඉතාම සතුටට කරුණක්. (නදී)
සචිත් Thursday, 30 July 2015 02:26 PM
මෙයත් කියනවා විතරයි, වැඩ නැහැ. කුඩු ලිස්ට් එකක් ගැන කිව්වා තාම එලියට දැම්මේ නැහැ. (නදී)
නිමල් ලලිතා Thursday, 30 July 2015 02:55 PM
මෙවැනි ජාතික අපරාද කරන්නන්ට නීතියෙන් බැරි නම් ජනතාව විසින් දැඩි දඬුවම් කළ යුතුයි. මුදලට මේ ගොල්ලන්ව බේරා ගැනීමට සුදානම් පිරිසක් මේ රටේ ඉන්නවනේ.(නදී)