කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස ඉල්ලා සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අද (07) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම ව්‍යාපෘතිය නිසා ධීවර ප්‍රජාවට මුහුණ පෑමට සිදු වී ඇති ගැටළු සම්බන්ධයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම්කරුවන්ට නියම කළේය.
වත්මන් මෙන්ම අනාගත පරපුර ආරක්ෂා වන අන්දමට මෙම ව්‍යාපෘතිය කර ගෙන යාම සියල්ලන්ගේම අපේක්ෂාව වන බව අදාළ දැනුම් දීම සිදු කරමින් අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතා විවෘත අධිකරණයේදී පැවසීය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන් සහ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි යන මහත්වරුන් ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවිණි.
සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය සහ එහි සභාපති අරුණ රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති, ලංකා වරාය අධිකාරිය ,වෙරළ සංරක්ෂණ සහ කළමනාකාර අධ්‍යක්ෂ ජනරාල් මංගල වික්‍රමනායක,මධ්‍යම පරිසර අධිකාරිය ,ලංකා ආයෝජන මණ්ඩලය, භූවිද්‍යා සහ පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ, කොළඹ නගර සභාව ,නාගරික සංවර්ධන අධිකාරිය , චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් ආයාතනය ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.
COMMENTS
දේශපාලන පළිගැනීම් නිසා සහ අපේ රට මෙවැනි කඹ ඇදීම් වලට ගොදුරුවීමෙන් සංවර්ධනය කඩාකප්පල් වී ඇති බව අපිට පුදුමයක් නොවෙයි. ලංකාව කියන්නේ දේශපාලන සමගියක් නැති රටක්. සමගියක් නැති රටකට දියුණුවකුත් නැහැ. ලංකාවේ මිනිස්සු දන්නේ පක්ෂ හදන්නයි ඒවාට ආවතේව කරන්නයි පමණයි (නි)
ලංකාව කියන්නේ පුදුම රටක්. ඒ නිසා තමයි චීනා ලස්සනට ව්‍යාපෘතිය පටන්ගත්තේ (නි)
දේශපාලනය නීතියට අත නොතබන බව මේ තීන්දුවෙන් පෙනෙනවා (නි)
තමන් හැදෙන්නෙත් නැහැ රට හැදෙනවට කැමතිත් නැති සමහරු ඉන්න බව දැනුයි දන්නේ. (නි)