කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස ඉල්ලා සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කොට නැවත ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) අවසර දුන්නේය.
එම සංවර්ධන ව්‍යපෘතියට සම්බන්ධ බලධාරීන් මේවනවිට වෙනස් වී සිටින බැවින් නව බලධාරීන්ගේ නම් ඇතුළත් කර සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන්ගේ නීතීඥවරයා කළ ඉල්ලීමට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අවසරය ලබා දුන්නේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ විනිසුරු සිසිර ද අබෲ යන මහත්වරුන් ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවිණි.
සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය සහ එහි සභාපති අරුණ රොෂාන් ප‍්‍රනාන්දු මහතා විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති,ශ්‍රී ලංකා වරාය අධිකාරිය ,වෙරළ සංරක්ෂණ සහ කළමනාකාර අධ්‍යක්ෂ ජනරාල් මංගල වික‍්‍රමනායක,මධ්‍යම පරිසර අධිකාරිය ,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, භූවිද්‍යා සහ පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ, කොළඹ නගර සභාව ,නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් රටක්! (නි)
මෙයට එරෙහිවන්නවුන් ඉන්දීය ඔත්තු සේවාවන් විසින් මෙහෙයවන්නවුන් විය යුතුයි .යුරෝපය,අප්‍රිකානු රටවල් සහ පකිස්ථානය මෙවන් විසල වියප්ක්රුතින් ඔවුන්ගේ රටවල් තුල දැන් ක්‍රියාත්මක කරනවා. මෙය අත්හැර දැම්මොත් වසර1000,කාටවත් අපට මෙවැනි දෙයක් කළ නොහැකි බව තේරුම්ගත යුතු වෙනවා. (බ)