කොළඹ ගාලූ මුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575 ක් ගොඩකර වරාය නගරය ඉදිකිරීමෙන් වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි බලපෑම් සිදුවන බව පවසමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම ලබන මැයි 25 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී මෙම තීන්දුව ලබා දුන්නේය.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ නීතිපතිවරයා නම්කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පරිසර රාජ්‍ය නොවන සංවිධාන වලට සල්ලි ඒන්නේ නැහැ කෑගැහුවේ නැත්නම්.(හේ)
දන්නේ නැති නිසයි අහන්නේ. ඔය විදියට කොළඹ ගාලූ මුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575 ක් ගොඩකරන වැඩේට දාන්න පස් ගේන්නේ කොහෙන්ද? අපේ රටේ කඳු කීයක් සමතලා කරන්න වේවිද? එහෙම නැත්නම් චීනෙන් ආනයනය කරන්න වේවිද? මේ ගැන ටිකක් දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කර දෙන්නකෝ (නි)
දැනටමත් එතන ගොඩකරලා අවුරුද්දකට වැඩියිනේ. මොකද්ද වෙච්ච පරිසර හානිය? බොරුවට පහුගිය ආණ්ඩුවට මඩ ගැහුවා. දැන් ඔය වැඩේ කරගෙන යන්නේ! (නි)
පරිසර වාර්තා අනුමත වෙලා නේ දැන් නැවත පටන් ගන්නේ. ඉස්සර නරකයි. දැන් හොඳයි . වෙනස මාරයි (බ)
විල්පත්තු දිඝවාපි වල පරිසර විනාශය පෙන්නේ නැද්ද? (ම)
සිංහල අපි මෝඩයි කියලා කෙනෙක් කිවුවා නේද? දැන්නම් හිතෙනවා එයාට මල් තියලා වඳින්න ඕනෑ කියලා (නි)
අද යහපාලකයන්ට වෙලා තියන්නේ ගල උඩ පහරපු බළලාට වුණ දේ (නි)
ඉක්මනට වැඩේ කරන්න බොරුවට දේශපාලන වාසි ගන්නේ නැතුව. රටක් සංවර්ධනය කරන්න ලොකු ව්‍යාපෘති කරන්න වෙනවා. අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. එහෙම නැතුව සුරංගනා කතා කියලා හරියන්නේ නැහැ (නි)