කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැන නැගී තිබෙන ගැටලු පිළිබඳව පරීක්ෂා කර බලා ගත යුතු පියවරයන් පිළිබඳව ආර්ථික කළමනාකරණය අමාත්‍ය කමිටුවට වාර්තා කිරීමට දස දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කරනු ලැබ ඇත.
අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සියලුම ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත මෙම කමිටුව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් යෝජනා කර ඇත.
මේ අතරම ලබන බ්‍රහස්පතින්දාට පෙර කොළඹ වරාය නගරයේ නව පරිසර වාර්තාවක් මෙම කමිටුව ඉදිරිපත් කිරීමට නියමිතය. එම ව්‍යාපෘතිය සිදු කිරීම පිළිබඳව නැවත සලකා බැලීම වෙනුවෙන් මෙම වාර්තාව සැකසේ.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන ගිවිසුමේ කාලය මාස 06 කින් දීර්ඝ කිරීමට රජය මේ වනවිටත් අවසර ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැනනඟින සියලු ගැටළු ඉතා කෙටි කාලයක් තුළ නිරාකරණය කර ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න. මේ තුළින් සංචරක ව්‍යාපාරයට සහ රටේ ආර්ථිකයට ලොකු වෙනසක් කරන්න පුළුවන්. (නි)
දේශපාලන එදිරිවාදිකම් රටක සංවර්දනයට එදිරිවාදී නොවිය යුතුය. (ස)