කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සියලු ගිවිසුම් හා ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද(08) රජයට නියෝග කළේය.
වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය ,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ,පරිසර අධිකාරිය ,නිතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ඒ අනුව නොවැම්බර් මස 17 වැනි දින ලිපි ලේඛන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි මෙහෙම රැවටීමක්, අනේ මෙහෙම ඇන්දීමක්, කවදද ඇරෙන්නේ අපේ ඇස් කන් (බ)
මේකට මොනවා වෙයිද? (නි)
පරිසරවිරෝධී දුෂකයන් කරන විනාශය අනාගතයේදී පොරවෙන්වත් කපන්න බැරි තත්වයක් ඇතිවිය හැකි නිසා, නියපොත්තෙනුත් කළ හැකි වැඩ දැන්ම ආරම්භ කළොත් හොඳයි. (නි)
මේ වගෙ ව්‍යාපෘති ලොකේ තවත් රටවල කරනවා මේවා පරිසර හානි අවම කරගෙන කළ යුතුයි රටක දියුණුවට එතකොට ලංකාවයි ඉන්දියාවයි යාකරන පාලමට පරිසර විනාසය හොදද? (ම)