ගාල්ල ධීවර වරායේ අයිස් ගබඩාවේ අළුත්වැඩියාවක් කරමින් සිටි පුද්ගලයකු පිපිරීමකින් මියගොස් එක් අයෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල පදිංචි තිදරු පියෙකි. ඇමෝනියා වායුව පුරවමින් තිබූ ටැංකියක් පිපිරී ඔහු මරණයට පත් ඇති බව ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෝනියා වායුව ගැන දන්නේ නැතුව පණ්ඩිත දොන් සේතං කොහෙදෝ යන වැල්වටාරම් කියවනවා. ආරියසේන, මේ අදහස් තීරය තියෙන්නෙ ඔයාලා වගේ අයටයි. (ස)
ආරියසේනගේ අදහස නිවැරදියි. හැමෝම කියනවා ආරක්ෂාකාරී ලෙස ක්‍රියා කරන්න ඕන කියලා. ලොකු ලොක්කන්ගේ වගකීම තමයි මේ ආරක්ෂාකාරී ලෙස ක්‍රියා කරන විදිය පොඩි පොඩ්ඩන්ට කියා දෙන එක. (ස)
ආරියසේන, තෙෂාන් යන මහත්වරුන්ගේ අදහස් හරි. මෙවැනි සිද්ධීන් සිදු වන්නේ තමා විසින්ම ආරක්ෂක පියවරවල් නොගැනීම හෝ ඒ පිලිබඳ දැනුම නොමැති වීමයි. (ස)
දොන් සේතං, ඔය නම තිබෙන විකට නළුවෙක් හිටියා ඉස්සර සිංහල සිනමාවේ. මට හිතෙනවා ඒ ඔයාමද කියලා? තමුං නොදන්නා දේට පණ්ඩිතකම් නොලියා අර රන්ජිත් සිල්වා වගේවත් හිතන්න උත්සාහ කරන්න. ඇත්තටම ආරියසේන මහත්මයාගේ අදහස් නිවැරදියි. (නි)
ආරියසේනලා කවුරු මොන අදහස් දැමිමත් මෙහි ප්‍රථම අදියර විය යුත්තේ ඇමෝනියා වායුව සමිබන්ධව අධ්‍යයනයක් ලබාදී ගෑස් තුලින් මිනිසාට සිදු වන්නාවු ආධීනත්වය තේරුම් කර දීමත් දුරදර්ශීව ගෑස් තුල පවත්න්නාවු ප්‍රමිතියන් සමිබන්ධව තේරුම් ගැනීමට හැකි ක්‍රියාකාරී පුද්ගලයින් සේවයේ යෙදවීමත් තුලින් මෙවැනි හදිසි ව්‍යසන තුලින් බේරීමට මඟක් වනු ඇත. (ස)
දොන් සේතන්ගේ ප්‍රතිචාර දැක්කහම මට හිතුනේ එයා ලියලා තියෙන දේ එයාටවත් තේරෙනවද කියලයි. ලෝකයේ හැම දියුණු රටකම ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන්ම තමන්ගේ සේවකයන් ආරක්ෂාකාරී ක්‍රමවේද ගැන පුහුණු කරනවා. ඒක නීතියේම කොටසක්. ඒ පුහුණුව වරින්වර යාවත්කාලීන කරනවා නව දැනුම ලබාදීලා. ආරියසේන ඉතාම නිවැරදි වටිනා දෙයක් කියලා තියෙන්නේ. ඒක තේරුම් ගන්නත් දොන් සේතන්ලාට මොළයක් තියෙන්න එපායැ. (නි)
වැඩකරන ජනතාවට එම රාජකාරිවල නිරිත වීමේදී ආරක්ෂා සහිත ක්‍රමවේදයන් අනුගමන නොකරන නිසාත් ඔහුන්ට ඉහළින් සිටින උසස් නිලධාරින් එම අනතුරු වලින් වැළකිය හැකි කරුණු ගැන වැඩ කරන ජනතාවට අවබෝධ නොකිරීම නිසා මෙවැනි අනතුරු එදිනෙදා පුවත්පත් වලින් දැක ගත හැකිය. යම් තරමින්වත් මෙම අනතුරු අවම කර ගැනීමට නම් අඩු තරමින් මාසෙකට වරක්වත් අනතුරු වලින් වැළකිය හැකි කරුණු සම්බන්ධව ඔහුන් දැනුවත් කළ යුතුය (නි)
ආරියසේන ඔයා මේ කොහෙදෝ යන වැල්වටාරමි කියවනවා. ඒ මනුෂ්‍යයා මැරිලා තියෙන්නේ ගෑස් කාන්දුවකින් උසස් නිලධාරීන් මොනවා කරන්නද? ප්‍රමිතියකින් තොරවු ගෑස් සමිබන්දව සොයා බැලිය යුතුයි.(නදී)
දොන් සේතං, අනුන්ගේ අදහස් තේරුම් ගන්න උත්සාහ කරනවා. නමෙන් කියන්න පුළුවන් දැනුම කොහේද කියලා තියෙන්නේ. (ස)
හරියට පණ්ඩිතයෝ ඉන්නවා. ඒ ගමන අනාවැකි කියන්නත් හරි දක්ෂ අය ඉන්නවා. ඔක්කොම වැඩ බැරි ටාසෝන්ල තමා මේ මන් වගේ. (ස)
මේකට කරන්න ඕන ආරක්ෂාකාරී ලෙස ක්‍රියා කරන්න අකමැති පුද්ගලයන්ව වැඩට දාන්නේ නැතුව ඉන්න එක. මොකද සමහර අය මාර පණ්ඩිතයි ඒකයි. අපි මෙචර කල් වැඩ කලා අපිට මොකවත් උනේ නැනේ. ඔන්න ඔහොමයි හිතන්නේ, හොඳ උදාහරණ තමා. ගස් පවිච්හි කර තැන් වල සිගරෙට් බොනවා, මේ වගේ යට වන්දි දෙනන්ත් ඕනේ නෑ. (ස)
ආරියසේන, ඔයාගේ අදහස කාලෝචිතයි.මේ අදහස් තීරය තියෙන්නෙ ඔයාලා වගේ හරවත් අදහස් තියෙන අයටයි. (ස)