වරායක ගැඹුර මත හෝ කුලුනක උස මත හෝ මේරටේ ආර්ථීකය සංවර්ධනය වු බවට තීන්දු ලබා දිය නොහැකි බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථීක නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද (11) කොළඹ උත්සවයකදී පැවසීය. එසේම රටක ආර්ථීකය දියුණූව කොන්ක්‍රීට් වලට හෝ යකඩ ගොඩකට ලඝු නොකළ යුතු යැයි හෙතෙම කීවේය.
ගතවු වසර දහයක කාලයේ රටේ සාමාන්‍ය පවුලක ආර්ථීකය වර්ධනය වූයේ සියයට 0.5 කින් වැනි සුළු වර්ධනයකින් බවත් , ජීවත්වන සාමාන්‍ය පවුලක සිහින සැබෑ කළ හැකි නම් එය රටේ සැබෑ ආර්ථීක සංවර්ධනය යැයිද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ පරිදි මේ රටට තිරසාර ආර්ථීක සංවර්ධනයක් ළගා කර ගත හැක්කේ දැනුම මත පදනම් වූ සමාජ වෙළඳපොළ ආර්ථීකයක් මත පමණක් යැයි සිල්වා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික සංවර්ධනය යනු යටිතල පහසුකම් තැනීමද රජය මිල අඩු කර පරිභෝජනය සහ ජන්ද වැඩි කිරීමද ? (ම)
එතකොට මහා බැංකුවෙන් ගැහුව සල්ලි මිනිස්සුන්ට බෙදල දෙනවද ඒ කලේ මිනිස්සුන්ට යන්ඩ පාරක් හරි හැදුවා හොරකන් කරලා හරි. මේ ගහපු කොටි 7000 තනිකර ඔහෙලගෙ සාක්කු වල නේද මහත්තුරුනේ? කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්ඩ එතකොට දැනේවි ඔයාලත් හෙළුවෙන් කියල (අ)
කොන්ත්‍රාත් පාරක් හැදුවම එ්කෙන් කී දෙනෙකුට සෙත සෙලසුනාද? ඉඩම් මිල ඉහල ගියා සමාජ සබදතා ඉහල ගියා. කාලය ඉතිරි උනා. වාහන නඩත්තු වියදම් අඩු උනා. පරිසර දුෂණය අඩු උනා. හොඳ පැත්තත් දකිමුකෝ (නදී)
රාජ් මලාවි, ඔයාගේ කතාව හරියටම හරි (නදී)
මහ බැංකුවෙන් සල්ලි ගැහුවා කියනවා එක එක දවසට එක එක ගණන්. ඒත් ගහපු විදිහක් කියන්න දන්නෙත් නෑ. රටක බැඳුම්කර වෙළෙඳපොළ ගැන මල පොතේ අකුරක් නොදැන විකාර කියවනවා. අද දවසේ සංවර්ධනය කියන්නේ රටක ජනතාවගේ ජීවගුණය නැංවීම මිසක් පුස් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නෙවෙයි. (නදී)
මම හිතන්නෙ කලින් කළ වැඩ ටික නවත්තලා කුණු එකතුවෙන්න ඇරලා, පාරවල් අලුත්වැඩියා නොකර , මඩ ගහ ගහ ඉන්න එක තමයි සංවර්ධනය කියන්නෙ. අඩුම තරමේ කැළණි පාලමට ඇතුළු වෙනකොටවත් පෙනෙන්නෙ නැද්ද අර ලස්සනට හදලා තිබුන තණකොල දැන් කුණුවලින් වැහීගෙන එන හැටි. මේක පුදුම සංවර්ධන ක්‍රමයක්. කවුරු හැදුවත් මේවා මහජන මුදල්. මම දන්නා සංවර්ධන ක්‍රමය නම් කලින් අපිට තිබුන ඒවා ආරක්ෂා කරගෙන එතනින් එහාට යන එක. (නි)
මාර සොයා ගැනීමනේ ආචාර්ය තුමෝ. පරිස්සම් වෙන්න මොලේට පිනි බාන්න දෙන්න එපා. (බ)