IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘වරායේ ගැඹුරින් ආර්ථිකය මැනීම බොරු‘

වරායක ගැඹුර මත හෝ කුලුනක උස මත හෝ මේරටේ ආර්ථීකය සංවර්ධනය වු බවට තීන්දු ලබා දිය නොහැකි බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථීක නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද (11) කොළඹ  උත්සවයකදී පැවසීය. එසේම රටක ආර්ථීකය දියුණූව කොන්ක්‍රීට් වලට හෝ යකඩ ගොඩකට ලඝු නොකළ යුතු යැයි හෙතෙම කීවේය.

ගතවු වසර දහයක කාලයේ රටේ සාමාන්‍ය  පවුලක ආර්ථීකය වර්ධනය වූයේ සියයට 0.5 කින් වැනි සුළු වර්ධනයකින් බවත් , ජීවත්වන සාමාන්‍ය පවුලක සිහින සැබෑ කළ හැකි නම් එය රටේ සැබෑ ආර්ථීක සංවර්ධනය යැයිද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  පැවසූ පරිදි මේ රටට තිරසාර ආර්ථීක සංවර්ධනයක් ළගා කර ගත හැක්කේ දැනුම මත පදනම් වූ සමාජ වෙළඳපොළ ආර්ථීකයක් මත පමණක් යැයි  සිල්වා මහතා පැවසීය.



අදහස් (0)

‘වරායේ ගැඹුරින් ආර්ථිකය මැනීම බොරු‘

දුමින්ද Tuesday, 11 August 2015 08:52 AM

ආර්ථික සංවර්ධනය යනු යටිතල පහසුකම් තැනීමද රජය මිල අඩු කර පරිභෝජනය සහ ජන්ද වැඩි කිරීමද ? (ම)

:       0       0

රාජ් මලාවි Tuesday, 11 August 2015 08:59 AM

එතකොට මහා බැංකුවෙන් ගැහුව සල්ලි මිනිස්සුන්ට බෙදල දෙනවද ඒ කලේ මිනිස්සුන්ට යන්ඩ පාරක් හරි හැදුවා හොරකන් කරලා හරි. මේ ගහපු කොටි 7000 තනිකර ඔහෙලගෙ සාක්කු වල නේද මහත්තුරුනේ? කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්ඩ එතකොට දැනේවි ඔයාලත් හෙළුවෙන් කියල (අ)

:       0       0

සම්පත් Wednesday, 12 August 2015 10:01 AM

කොන්ත්‍රාත් පාරක් හැදුවම එ්කෙන් කී දෙනෙකුට සෙත සෙලසුනාද? ඉඩම් මිල ඉහල ගියා සමාජ සබදතා ඉහල ගියා. කාලය ඉතිරි උනා. වාහන නඩත්තු වියදම් අඩු උනා. පරිසර දුෂණය අඩු උනා. හොඳ පැත්තත් දකිමුකෝ (නදී)

:       0       0

ලංකා Tuesday, 11 August 2015 12:43 PM

රාජ් මලාවි, ඔයාගේ කතාව හරියටම හරි (නදී)

:       0       0

හිමාල් Tuesday, 11 August 2015 03:00 PM

මහ බැංකුවෙන් සල්ලි ගැහුවා කියනවා එක එක දවසට එක එක ගණන්. ඒත් ගහපු විදිහක් කියන්න දන්නෙත් නෑ. රටක බැඳුම්කර වෙළෙඳපොළ ගැන මල පොතේ අකුරක් නොදැන විකාර කියවනවා. අද දවසේ සංවර්ධනය කියන්නේ රටක ජනතාවගේ ජීවගුණය නැංවීම මිසක් පුස් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නෙවෙයි. (නදී)

:       0       0

බොරළුගොඩ Tuesday, 11 August 2015 03:09 PM

මම හිතන්නෙ කලින් කළ වැඩ ටික නවත්තලා කුණු එකතුවෙන්න ඇරලා, පාරවල් අලුත්වැඩියා නොකර , මඩ ගහ ගහ ඉන්න එක තමයි සංවර්ධනය කියන්නෙ. අඩුම තරමේ කැළණි පාලමට ඇතුළු වෙනකොටවත් පෙනෙන්නෙ නැද්ද අර ලස්සනට හදලා තිබුන තණකොල දැන් කුණුවලින් වැහීගෙන එන හැටි. මේක පුදුම සංවර්ධන ක්‍රමයක්. කවුරු හැදුවත් මේවා මහජන මුදල්. මම දන්නා සංවර්ධන ක්‍රමය නම් කලින් අපිට තිබුන ඒවා ආරක්ෂා කරගෙන එතනින් එහාට යන එක. (නි)

:       0       0

දහම් Tuesday, 11 August 2015 11:17 AM

මාර සොයා ගැනීමනේ ආචාර්ය තුමෝ. පරිස්සම් වෙන්න මොලේට පිනි බාන්න දෙන්න එපා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site