පුවත් පත් ආයතනයක රියදුරකු වන ධම්මික සුදත්ප්‍රියට පහර දුන්නේයැයි සැකපිට වරාය හා නිවුක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්ගේ රියදුරු නිශාන් තිවංක ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චනීමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
අඟහරුවාදා (5) කොළඹ බෞද්ධාලෝක මාවතේදී මෙම පහරදීම සිදුව ඇතැයි කියමින් අදාළ මාධ්‍ය ආයතනයේ රියදුරු පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අද අත්අඩංගුවට ගැනිණි.
තමා අසවල් ස්ථානයේ අයකු බව කියමින් තමා ඇතුළු පිරිසට බැන වැදුණු බවත් රියදුරු කළ පැමිණිල්ලේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඡන්දෙ දීලා ආණ්ඩු පත් කරනවා. මෙයාලා අපේ ආණ්ඩුවේ නම කනවා.මේ ඇමතිගේ ලොකුකම තමා.එයත් හිතන්නේ එයාට වඩා ලොක්කෙක් නැහැ කියලනේ. (කෞ)
මේ වගේ දේශපාලකයන්ගේ උෂ්නයෙන් මොලය කුරුවල් කරගත්ත මෝඩයෝ අනන්තවත් සිටිති එබැවින් එවන් අයටද පාඩමක් ඉගෙන ගැනීමට මේ මෝඩයට උපරිම දඩුවමක් දිය යුතුය (බ)
නදුනි, මාත් කල්පනා කළේ ඒකයි. මං හිතන්නේ ඩ්‍රයිවර් මාධ්‍ය ලේකම් කෙනෙකුත් පත් කරගෙන ඇති. (බ)
බලාගෙන ගියාම වරායේ ඉන්නේ සේරම චන්ඩියෝ ටිකක්නේ. (ම)
මෙයාව දඟ ගෙට අරින්න අවුරුදු 5 කට (බ)
ඕක මාධ්‍යවේදියෙකුට නැතුව වෙන අසරණයෙකුට වුණා නම් ඒ මනුස්සයා පොලිසි ගිහිනුත් ඉවරයි. (නි)
මෙදා අවුරුදු කන්න පුළුවන් බන්ධනාගාරයේදීම (නි)
මේ වගේ ඔලුව ඉදිමුණු වැඩ කරන්නන්ට දැඩි දඬුවම් දීලා රියදුරු බතපත්‍රයත් අවලංගු කිරීම යෙහෙකි. බලමුකෝ මොකද වෙන්නේ කියලා. (නි)
මේ අයට දෙන්න ඕනේ රෙදි නැතුව දුවන්න.(හේ)
මේ අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ.(හේ)
සමහරවිට වරායේ සභාපතිතුමාගේ හැසිරීම (මාධ්‍යයට විරුද්ධව) මේ රියදුරු උතුමා බලාගෙන ඉඳලා පාඩමකට ගන්න ඇති. (නි)
රිමාන්ඩ් කරලා මදි මේ වගේ අයව.(හේ)
මේකා දැගලුවේ මහා ලොක්කෙක් වගේනේ (බ)
වරායේ අනෙක් උත්තමයන්ගේ රස්නය තමයි මොහුගේත් ඔලුවට ගහලා තියෙන්නේ. මොවුන් හිතන්නේ තමන් ලෝකෙට ලොක්කෝ කියලයි. (නි)
කාට හරි පන්දමක් අල්ලලා රස්සාව ගත්තු අටපාස් කෙනෙක් ගෙන් ඔයිට වඩා මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් (බ)
මම හිතුවේ ලොක්කෙක් කියල. බලපුවාම ඩ්‍රයිවරයෙක් නේ! කිසිම අනුකම්පාවක් නොදක්වා මේ වගේ ඔලුව ඉදිමිච්ච් නීච කටුකන්නන්ට දැඩි දඬුවම් දීලා රියදුරු ලයිසමත් කැන්සල් කිරීම සුදුසුයි. (බ)
දේශපාලකයෝ තරම් රටේ දුෂිතයන් කණ්ඩායමක් නැත්තේමය. අපිම ඔවුන්ව පත්කරගෙන පසුව තැවෙන එක තමයි ලොකුම පාපකර්මය. (නි)
ජයපාල කියන එක මේ රියදුරාට විතරක් නෙමෙයි සැහෙන පිරිසකට නියමෙට වදින්න ලියල තියනවා. (බ)
මේ අයටත් මාධ්‍ය ලේකම්ලා ඉන්නවද ? (හේ)
කකුල් දෙකේ මීහරක් තප්පුලන්න පටන් ගන්නේ උන්ගේම විනාශයට යි කියල ගැමි කියමනක් තිබෙනවා. මේ එම කියමන තහවුරු වූ අවස්ථාවක්. (බ)
ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ්. කාපන්කෝ අවුරුදු, ඉතින්. (බ)
රණතුංග පවුලේ කාවහරිවෙන්න ඇති (කෞ)