IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වරාය අධිකාරියට කෝටි 5ක පාඩුවක් ගැන පැමිණිල්ලක්

(යොහාන් භාසුර)

රුපියල් මිලියන 50 ක් හෙවත් රුපියල් කෝටි 5කට අධික මුදලක් වැය කර ඉදිරිකළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගේට්ටු සහ පිවිසුම් මාර්ග පද්ධතිය පෞද්ගලික පර්යන්තවලට වාසිවන පරිදි වෙනස්කිරීමෙන් රාජ්‍ය මුදල් රුපියල් කෝටි 5 කට අධික මුදලක් නාස්තිවන්නේ යැයි වරාය වෘත්තීය නායකයෙක් වන ශ්‍යාමල් සුමනරත්න මහතා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට අද (11) පැමිණිල්ලක් කළේය.

රුපියල් මිලියන 50 කට අධික මුදලක් වැය කර 2014 වසරේ වැඩ අවසන් කළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගේට්ටු සහ පිවිසුම් මාර්ග පද්ධතිය අඛණ්ඩව පවත්වාගැනීමට 2021 වසරේ තීරණය කර තිබූ බවත් වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්‍ෂවරයා පෞද්ගලික පර්යන්ථවලට මාර්ග සැළසුම් පද්ධතිය වෙනස්කිරීමට කටයුතු කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

එම මාර්ග පද්ධතිය වෙනස්කිරීම පිළිබඳව තොරතුරු ලැබුණු වාහාම වරාය  වෘත්තීය සමිති සන්ධානය විරෝධය දැක්වීමේ ප්‍රතිඵළයක් ලෙස වරාය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත්කළ බව කියන වෘත්තිය සමිති සන්ධානය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක සැළසුම දැනට ඉදිරිකර ඇති ගෝට්ටු පද්ධතිය යැයි අමාත්‍යවරයා පත්කළ නිලධාරීන් රැසකින් යුත් මෙහෙයුම් කමිටුවක් කළ විද්‍යාත්මක සංසන්ධනයකින් තහවුරු කළ බව ද පැවසීය.

කෙසේ වෙතත් නැගෙනහිර පර්යන්තයේ ගේට්ටු සහ පිවිසුම් මාර්ග පද්ධතිය වෙනස් කිරීමේ තීරණය මේ දක්වා වෙනස් කර නොමැති බවත් වෙනත් කමිටු සහ නිලධාරීන් පත්කරමින් එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් සිටින බවත් වෘත්තීය සමිති පැවසීය.

වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්‍ෂවරයාගේ වැරදි තීරණයක් මත රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කරුණු 10 ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ඉල්ලා සිටින අතර ‘දූෂණය’ සහ ‘අල්ලස’ වැරදි යටතේ එම මුදල් අවභාවිතයට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද වැඩිදුරටත් ඉල්ලා සිටියි.

වර්තමාන ආණ්ඩුව යටතේ වාරාය අධිකාරී පාලනය වෘත්තීය සමිති නායකයන් දඩයම් කරමින් සිටීම නිසා තමන් වරාය සේවකයෙක් ලෙස මෙම පැමිණිල්ල කළ බවත් දේශපාලන බේදයකින් තොරව පැරණි මාර්ග වැරදි නම් එයට වගකිවයුතු සහ නව මාර්ගය වැරචදි නම් ඊට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමෙන් ඉල්ලා සිටි බවත් සුමනරත්න මහතා පැමිණිල්ල භාරදීමෙන් පසුව පැවසීය. 



අදහස් (2)

වරාය අධිකාරියට කෝටි 5ක පාඩුවක් ගැන පැමිණිල්ලක්

saminda Monday, 11 August 2025 03:45 PM

ඔය අය තමයි වරාය කන්නේ.. පින්පඩි ගන්න අය වරාය දියුණු කරනවට අකැමැති සෙට් එක. තවම සුද්දගේ කාලේ කොළ පුරවන්න තමයි කැමැති. ඩිජිටල් වෙනවා නම් වරාය ඇතුලේ දූෂණය ගොඩක් අඩුවේවි...

:       6       19

යෝගා Monday, 11 August 2025 06:43 PM

කොහොමත් වරාය ඇමැති දවසක ජම්පර් අරින්න නියමිතයි. එදාට, දැනට වරාය කන, එයාගේ අන්තේවාසිකයින්ටත් පෝලිමට ජම්පර් අඳින්න වෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site