ඕස්ට්‍රේලියාවේ නීති විරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික සරණාගතයකු ගුවනින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරට රජය ගෙන තිබූ තීරණයක් ඕස්ට්‍රේලියා මානව හිමිකම් ක්‍රියාකාරී සංවිධානයක දැඩි විරෝධය හමුවේ වැළකී ගොස් ඇතැයි ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඔහු මෙල්බර්න් ගුවන්තොටුපළින් ලංකාව බලා පිටත් කර යැවීමට සූදානම් කර තිබිණි.
ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක ක්‍රියාකාරීහු පිරිසක් මෙල්බර්න් ගුවන් තොටුපළේ විරෝධතාවයක් කළහ. ගුවන්තොටුපොළේ කලබලය වැළැක්වීම සඳහා ඔහු පිටත් කර නැත. ඔහු මේ වනවිට මෙල්බර්න් නුවර ආගමන විගමන රැඳවුම් භාරයේ පසුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එවන එක එදා නැවතුනාට පස්සේ දවසක ගුවන් ගත කරලා එවයි.(නදී)
ඩයස්පෝරාව දෙමළ විතරද ? අයි සිංහල නැද්ද ? (දිල්)
හර්තාලය ටැමිල් ඩයස්පෝරාවෙන් අනිවාර්යෙන්ම කරන්න ඇති. සිංහලයෝ කවදද තමුන්ගේ එකෙක් වෙනුවෙන් ඕවා කරන්නේ. පුලුවන්නම් තව පෙත්සම් දෙක තුනකුත් ගහයි ඔහුව යවන්නම. කිසිම රටක ඉතිහාසයේ තියෙනවද අපේ ඈයෝ අපේ එකෙක් ගැන කරපු උද්ඝෝෂණයක් (නදී)
ඊළඟට මෙහෙට ඇවිත් දේශපාලනයට එන්න ඕන කියලා හර්තාල පෙන්වයි. මේක මහා විහිළුවක් වෙලානේ. (හේ)
මේගොල්ලන් මෙහෙ ඉඳන් ලංකාව ගැන මහා පොලව උහුලන්නේ නැති බොරු කියල පුරවැසිකම් ගන්නවා. ඒක ලැබුන ගමන් ඊළඟ ප්ලේන් එකේ නැගිලා ඇවිත් ලංකාවට ගොඩ බැහැල මැතිවරණ වේදිකාවට නගිනවා. (නදී)
මේගොල්ලන්ගේ වැඩ නිසා නිත්‍යානුකුල විසා මත මෙහෙ ආව ලාංකිකයන්ටත් නැති ප්‍රශ්න ඇති වෙනවා. මෙයාලා කට ඇරියොත් ලංකාව ගැන බොරුමයි කියන්නේ. ඒ මදිවට මෙහෙ ජීවත් වෙන්නෙත් බොරුවෙන්මයි. (නදී)
ඇයි මගලි ලංකාවේ නෙවෙයිද ඉන්නේ ? සරණාගත තත්ත්වය පෙන්නලා ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම අරන් ලංකාවේ පුරවැසිකම නැති කර ගත්තොත් සංචාරක විසා මත මෙහෙ ඇවිත් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්න බැහැ. (නදී)
පිටුවහල් කරන්නේ බොරුවට ආපු කට්ටිය.අනේ මංදා කිව්වා වගේම මේක විහිළුවක්(දිල්)
මේ අය පිටත් කරන තරමට හොඳයි. පිටත් කරන්න ඕන නවුරු දූපතට. (නදී)
ඉතින් මොකෝ දේශපාලනය කරන්න පුළුවන් තහනමක් නැහැ නේ. ඔයානේ විහිලු කතා කියන්නේ (නදී)